facebook like

උසස් පෙළවත් සමත් නැති විමල් ආචාර්ය පී.බී.ට යන්න කියන්නේ කොහොමද?

උසස් පෙළ විභාගයවත් හරි හැටි සමත් නැති විමල් වීරවංශ ඇමැතිවරයා ආර්ථික විද්‍යාව යන්න කුමක්ද හෝ නොදැන, මුදල් අමාත්‍යංශය භාරව සිටින උපාධිධාරී පී.බී. ජයසුන්දර වැනි ආර්ථික විශේෂඥයකු විවේචනය කරන්නේ කුමන සුදුසුකමක් යටතේදැයි කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා ප්‍රශ්න කරයි.
නගරාධිපතිවරයා එසේ ප්‍රශ්න කළේ පසුගියදා කඩුවෙලදී පැවැත්වූ මාධ්‍ය
හමුවකදීය.

ප්‍රබල අමාත්‍යංශයක වගකිව යුතු ඇමැතිවරයකු වශයෙන් පාර තොටේ ආණ්ඩුව විවේචනය නොකර කැබිනට් මණ්ඩලයේදී රජයේ ප්‍රතිපත්ති විවේචනය කළ යුතුව තිබුණු බව පැවැසූ බුද්ධදාස මහතා උගතුන්ට මඩ ගහන කයිවාරුකාරයන් ආණ්ඩුවේ බස් ගිනි තබා, ට්‍රාන්ස්ෆෝමර් පුපුරවා, රජයේ ආයතන ගිනිතියමින් පසුගිය කාලයේ රටේ ආර්ථිකය ඝාතනය කළ හැටි රටේ ජනතාවට අමතක නැතැයිද පැවැසුවේය.
නගරාධිපති බුද්ධදාස මහතා මෙසේද කීවේය.

මේ දවස්වල විමල් වීරවංශ ඇමැතිවරයා පුස් වෙඩිල්ලක් පත්තුකර කර රටේ හැමතැනම ඇවිදිනවා. එක එක ප්‍රකාශ නිකුත් කරනවා. ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට විරුද්ධව විමල් වීරවංශ වගේ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යංශයක් දරන ඇමැතිවරයෙක් මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. පාර තොටේ ආණ්ඩුව විවේචනය කරන්න ඉස්සෙල්ලා තමන් සාමූහික වගකීමක් දරන කැබිනට් මණ්ඩලයේ රජයේ ප්‍රතිපත්ති විවේචනය කරන්න තිබුණා.
ඇමැතිකම අරගෙන අවුරුදු පහකට වැඩියි. ගෙවල් හැදිල්ල කොහොම වෙතත් ගෙවල් හදන ජාතික ප්‍රතිපත්තියක් හදන්න දැන් හදිසියේම මුන්දෑට මතක් වෙලා....
රජයේ ප්‍රතිපත්තිය වැරැදිනම් රජය හරිමඟට ගන්න හැබෑවටම ඕනනම්, ඒක කැබිනට් මණ්ඩලය තුළදී ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාට කතා කරලා වැරැද්ද පෙන්වා දෙන්න තිබුණා.

විමල් වීරවංශගේ ත්‍රීවීල් පක්ෂයේ බලය හෝදාපාළු වීගෙන යන බව පසුගිය පළාත් සභා මැතිවරණවලදී හොඳින් ප්‍රදර්ශනය වුණා.
වයඹ සහ මධ්‍යම පළාත් සභාවේ අපේක්ෂකයන් 5ක් ඉදිරිපත් කළා 05 දෙනාම පරාදයි.
බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් කළ අපේක්ෂකයන් අතරින් එක්කෙනෙක් හැර අනෙක් සියලුදෙනාම පරාදයි.
පිරිහෙමින් පවතින බලය රැකගැනීමට බුද්ධිමත් ජනතාව මෝඩයන්ට අන්දවා ගැනීමට මොහු නාට්‍යයක් රඟ දක්වනවා.
අපිට මතකයි පසුගිය දවස්වල තැඹිලි වතුර බිබී හොරෙන් ලෙමන් පෆ් කකා බෑන්කී මූන්ට විරුද්ධව උපවාස කරපු හැටි.
අද විමල් උන්නැහෙට අලුත් භීතිකාවක් ඇතිවෙලා තිබෙනවා. ඒක තමයි ලේකම් භීතිකාව.

රජයේ පිළිගත් අමාත්‍යංශවල බුද්ධිමතුන් ලෙස කටයුතු කරන උගත් ලේකම්වරුන් මාරුකර යැවීමේ ක්‍රමන්ත්‍රණයකුත් දියත් වෙලා තිබෙනවා.
පසුගිය දවස්වල කඩුවෙල හිටපු ප්‍රාදේශීය ලේකම් සූරියප්පෙරුම මැතිනිය මාරුකර යැවීම ඉන් එක කුමන්ත්‍රණයක්.
දැන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතාට මඩ ගැසීම ආරම්භ කර තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමා යටතේ පවතින රජයේ වගකිව යුතු අමාත්‍යංශය භාරව කටයුතු කරන පිළිගත් විශ්වවිද්‍යාලවල සුදුසුකම් ඇති ආර්ථික විශේෂඥයන් විවේචනය කරන්න මොහුට ඇති සුදුසුකම් මොකක්ද?
අඩුගාණෙ ඒ/ඹ් විභාගයවත් පාස් වෙන්න බැරිව හරි හැටි ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති කයිවාරුකාරයෙක් කියන විදියට මේ රටේ ආර්ථිකය හසුරවන්න පුළුවන්ද?
උගතුන්ට මඩ ගහන මේ කයිවාරුකාරයන් පසුගිය කාලයේ රටේ ආර්ථිකයට කරපු දේ ජනතාවට තවම මතක නැති වෙලා නෑ. ආණ්ඩුවේ බස් ගිනි තියලා, තැපැල් කාර්යාල ගිනිබත් කරලා, බැංකු ගිනිබත් කරලා, ට්‍රාන්ස්ෆෝමර් පුපුරවලා රට බංකොලොත් කරපු අය තමයි රටේ ආර්ථිකය පුපුරුවා හැරියේ.... රටේ ආර්ථිකය ඝාතනය කළේ.

අඩුම ගාණේ කැසිනෝ පනතකට පාර්ලිමේන්තුවේ ඡන්දේ විමසනකොට තමන් අකැමැතිනම් කොන්ද කෙළින් තියාගෙන විරුද්ධව අත උස්සන්න තරම් කශේරුකාවක් මේ මිනිහට නෑ. මිනිහා හැංගුණා. මේ වගේ දේශපාලකයන් පිටිපස්සේ යන්න තරම් අද ජනතාව මෝඩ නෑ.
වීරවංශ ඇමැතිතුමාගේ අලුත්ම වීදි නාට්‍ය මේ දවස්වල පෙන්වනවා... මෙයා හැමදාම කළේ වීදි නාට්‍ය පෙන්නපු එක විතරයි.
මේ රඟපෑම දැක්කහම මට අපේ පොඩි කාලේ කරපු සෙල්ලමක් මතක් වෙනවා... බිංකුණ්ඩකුගේ සෙල්ලම... මිදුලේ ඉන්න බිංකුණ්ඩව පරිස්සමට අල්ලට ගන්නවා... අරගෙන උෟ වටේ ඇඟිල්ල කරකවමින් අපි කියනවා, බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ උඹත් නටාපිය... කියලා.
අන්න ඒ වගේ ජනාධිපතිතුමාගේ අතේ මේ ඇමැතිවරයා නටනවා. කියන විදියට නට නටා ඉන්නවා මිසක් වෙන කොහේ යන්නද දෙයියනේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive