අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළියේ සී.සී.ටී.වී. කැමරාවක් සවි කර කාන්තාවන්ගේ දර්ශන රූගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින සැකකාර වෛද්‍යවරයාට එරෙහිව අනුරාධපුර කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් උපදෙස් ලබාගෙන චෝදනා ගොනු කරන ලෙස අනුරාධපුර වැඩ බලන මහෙස්ත්‍රාත් නදී ආකාශ් කුරේරා මහත්මිය අනුරාධපුර
මූලස්ථාන පොලිසියට නියෝග කළාය. මේ මස 26 වැනි දින යළි අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද සැකකාර වෛද්‍යවරයාට නියෝග කළාය.
සැකකාර වෛද්‍යවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් කර සිට පසුව මුදල් සහ ශරීර ඇප මත මුදා හැරීමෙන් අනතුරුව යළි අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ මෙසේ නියෝග කෙරිණි.
සැකකාර වෛද්‍යවරයා විසින් අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළියේ සවි කර තිබියදී පොලිස් භාරයට ගෙන තිබූ සී.සී.ටී.වී කැමරාවේ දත්ත කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ හදිසි ප්‍රතිචාර සංසදයේ මෙහෙයුම් කළමනාකරුට යවා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට කැඳවන්නැයි අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් රුවන්දිකා මාරසිංහ මහත්මිය මීට පෙර අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කර තිබූ අතර එකී නියෝගයට අනුව අදාළ වාර්තාද මීට පෙර අනුරාධපුර මූලස්ථාන පොලිසිය මඟින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටින්නේ කටුබැද්ද, රෝලි ප්‍රනාන්දු මාවත ලිපිනයේ පදිංචි දිනූෂ සෙරංග විජේවර්ධන නමැති 27 හැවිරිදි විවාහක වෛද්‍යවරයෙකි. ඔහු අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ 30 වැනි වාට්ටුවේ සේවය කරමින් සිටියදී මෙම වරද සිදු කර ඇති බවට අධිකරණය හමුවේ චෝදනා එල්ල වී තිබේ.
සැකකාර වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් මීට පෙර පසුගිය 2013 වසරේ දෙසැම්බර් මස 31 වැනි දින කියා සිටියේ අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළියක යමෙකු විසින් සී.සී.ටී.වී කැමරාවක් සවි කර ඇති බවට අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ සහකාර පරිපාලන අධ්‍යක්‍ෂ දුලාන් සිරිවර්ධන සමරවීර මහතා විසින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් යොමු කළ බවයි.
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළියේ සී.සී.ටී.වී කැමරාවක් සවි කළේ තමන් බවට පිළිගනිමින් සැකකාර වෛද්‍යවරයා අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය විජයදාස අතපත්තු මහතාට ලිපියක් ලබාදී ඇති බවට පොලිසිය කළ මූලික විමර්ශනවලදී තවදුරටත් හෙළිවූයේ යැයිද පොලිසිය එදින අධිකරණයට සැල කළේය.
සැකකාර වෛද්‍යවරයාගේ මෙම ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් සහ ඔහු සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන්ට බල කරමින් අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ සේවකයන් දෙදිනක් වැඩ වර්ජනයක නියැළුණු බවද එදින අධිකරණයට කියා සිටි පොලිසිය සැකකරු ඇප මත මුදා හැරියොත් මහජන සාමය කඩවීමේ අවදානමක් ඇති හෙයින් ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නැයිද එදින අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අනුරාධපුර කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතාගේ අධීක්‍ෂණය යටතේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයවීම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක එච්.එම්. යසරත්න, සැරයන් කරුණාසේන (37635), සහ කොස්තාපල් හේරත් (33875) යන මහත්වරු පැමිණිල්ල වෙනුවෙන් කරුණු කීහ. සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් නීතිඥ බුවනෙක රාජකරුණා මහතා පෙනී සිටියේය.

0 comments:
Post a Comment