ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපතිවරයා විසින් සිදුකර ඇතැයි පැවැසෙන වංචා දූෂණ පිළිබඳ සොයා බැලීම සඳහා සුළු අපනයන බෝග ප්‍රවර්ධන ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් පත්කළ විශේෂ විමර්ශන කමිටුව ඉදිරියේ පෙනී සිටීම සභාපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරියක වූ සෝමා කොටකදෙණිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් එම විශේෂ
විමර්ශන කමිටුව ඉදිරියේ පෙනී සිටින ලෙස සභාපති සනත් වීරකෝන් මහතාට හා කජු සංස්ථාවේ ප්‍රධාන ගණකාධිකාරිවරයා වෙත ඇමැතිවරයාගේ අස්සනින් යුතුව ලිපියක් යවා ඇති අතර තමන් ජනාධිපතිවරයාගේ ඥාතියකු හා තමන් පත්කරනු ලැබුවේ ජනාධිපතිවරයා යැයි පවසමින් විමර්ශන කමිටුව ඉදිරියේ තමා පෙනී සිටින්නේ ජනාධිපතිවරයා ඉල්ලීමක් කළහොත් පමණක් යැයි සභාපතිවරයා ප්‍රකාශ කර ඇති බව කජු සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩල ආරංචි මාර්ග පවසයි.
මීට මාස කීපයකට පෙර සභාපතිවරයාට විරුද්ධව කජු සංස්ථා සේවකයන් හා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් ඇමැතිවරයාට පැමිණිලි කර තිබූ අතර එම පැමිණිලි විභාග කර ජනාධිපතිවරයා වෙත විශේෂ විමර්ශන වාර්තාවක් ලබාදීම සඳහා මේ විශේෂ විමර්ශන කමිටුව ඇමැතිවරයා විසින් පත් කරන ලදී.
අධ්‍යක්ෂ මණ්ඩලය නොසලකා තීරණ ගැනීම, අවිධිමත් මූල්‍ය පරිපාලනය, නීති විරෝධී ලෙස දීමනා ලබාගැනීම, නීති විරෝධී විදේශ සංචාර, සංස්ථාවේ, වාහන අයථා පාවිච්චිය මූල්‍ය චක්‍රලේඛ නොසලකා වාහන මිලදී ගැනීම, අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම නොකැඳවීම, සංස්ථාවට අයත් කජු විශාල වශයෙන් පෞද්ගලික පරිහරණයට නිසි අවසරයකින් තොරව රැගෙන යෑම හා අන්තනෝමතික පාලනය වැනි චෝදනා සභාපතිවරයාට එල්ල වී තිබිණි.
මේ වන විට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම එක දිගට වාර 5කටත් වඩා නොපවත්වා ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමතයකින් තොරව සංස්ථාවේ නියෝජ්‍ය මුදල් කළමනාකරු විදෙස් සවාරියකට පිටත් කිරීමට සභාපතිවරයා කටයුතු කර ඇති බව අධ්‍යක්ෂ මණ්ඩල ආරංචි මාර්ග පවසයි.
සංස්ථාවට අයත් බ්ක8304 නිසාන් වර්ගයේ කැබ්රථය හා මයිකෝ රෙක්ස්ටන් වර්ගයේ වෑන් රථයක්ද සභාපතිවරයා විසින් පිටස්තර පුද්ගලයන්ගේ පාවිච්චිය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමතයක් නොමැතිව මුදාහැර ඇතැයි පැවැසෙන අතර එම රථ දෙකම ජනාධිපති කාර්යාලයේ පාවිච්චිය සඳහා යොමුකර ඇති බවට ලේඛනවල සටහන් කර ඇති බව පැවැසේ.
මේ වාහන දෙක අතරින් කැබ්රථය සඳහා රියැදුරන් දෙදෙනකු වැටුප් ලබාගන්නා බවත් එක් අයකු නිවෙසේ සිට වැටුප් ලබා ගන්නා අයකු බවත් අධ්‍යක්ෂ මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය මාසයේදී පවා රුපියල් ලක්ෂ 2කට අධික වටිනා කජු තොගයක් සභාපතිවරයා විසින් රැගෙන ගොස් ඇතැයි කජු සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් චෝදනා කර ඇත.

0 comments:
Post a Comment