facebook like

නළු නිළියෝ 6ක් ඇතුළේ 6ක් එළියේ

මෙවර පළාත් සභා මැතිවරණයට තරග කළ ජනප්‍රිය චරිත රැසක් ජනතා මනාපය හිමි නොවී පරාජයට පත්ව ඇත. ඒ අතරින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මාතරට තරග කළ අනර්කලී ආකර්ශා සහ නදීෂා හේමමාලී පරාජය වී තිබේ. අනර්කලී ආකර්ශා මනාප 8842ක් ලබා පරාජිත ලැයිස්තුවට ඇතුළත්ව සිටින අතර නදීෂා හේමමාලී මනාප 11006ක් ලබා පරාජයට පත්ව සිටී. කෙසේ වෙතත් ගාල්ල දිස්ත්‍රික්කයට සන්ධානයෙන් තරග කළ ගීතා කුමාරසිංහ ජයගෙන ඇත්තේ මනාප 26932ක් ලබාගෙනය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ රංගන ශිල්පී රොජර් සෙනෙවිරත්න මහතා මනාප 44011ක් ලබා
මනාප සටනින් ජයගෙන ඇති අතර ඔහු නියෝජනය කළේ ජාතික නිදහස් පෙරමුණය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කළ ගායන ශිල්පී මධුමාධව අරවින්ද මහතා පරාජයට පත්ව තිබේ. ඒ මහතා ලබා ඇති මනාප ගණන 24727කි.  ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරග කළ රංගනවේදී ජගත් බෙනරගම මහතාද පරාජිත ලැයිස්තුවට වැටී සිටී. කෙසේ වෙතත් එම පක්ෂයෙන් කළුතරට තරග කළ රංගවේදී රවීන්ද්‍ර යසස් මහතා ඡන්ද 12885ක් ලබා ජයගෙන සිටී.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් කොළඹට තරග කළ රංගනවේදී නලින් ප්‍රදීප් උඩවෙල මහතා ජයගෙන ඇත්තේ මනාප 13653ක් ලබාගෙනය. කෙසේ නමුත් එම පක්ෂයෙන්ම තරග කළ කලා ශිල්පිනී රන්මලී ගුණවර්ධන පරාජය වී සිටී.
මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ කලාකරුවන් දෙදෙනෙක් ජය ලබාගෙන ඇති අතර ඒ, රොඩ්නි පේ‍රෂර් සහ උදාර රත්නායකයි. එහෙත් රංගන ශිල්පී සුගත් අප්පුහාමි පරාජය වී සිටී. මෙවර මැතිවරණයට මාධ්‍යවේදීන් රැසක් තරග කළ අතර ඒ අතරින් එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ මාධ්‍යවේදී එස්.එම්. මරික්කාර් මහතා මනාප 67243ක් ලබා එම පක්ෂයේ මුල්තැනට පත්ව සිටී.  ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ මාධ්‍යවේදී සුසිල් කිඳෙල්පිටිය මහතා එම පක්ෂයෙන් ප්‍රථම ස්ථානය දිනා ඇත්තේ මනාප 32918ක් ලබා ගනිමිනි. ගම්පහ දිස්ත්‍රික්කයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ මාධ්‍යවේදී සුසාර දිනාල් මහතා මනාප 37598ක් ලබා ජයග්‍රහණය කොට සිටී.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කළ නන්දන ගුණතිලක මහතාද පරාජයට පත්වී තිබේ. 18044ක් වූ ඔහුගේ මනාප ප්‍රමාණය ජයග්‍රාහී ලැයිස්තුවට එක්වන්නට ප්‍රමාණවත් වී නැත. නන්දන ගුණතිලක මහතා 1999 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන්ද තරග කළේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive