facebook like

ෆේස්බුක් මඟින් දැන හඳුනාගෙන නිරුවත් පින්තූර මාරු කරගෙන

ෆේස්බුක්' සමාජ වෙබ් අඩවිය ඔස්සේ දැන හඳුනාගත් වයස අවුරුදු 19ක තරුණයකු හා අවුරුදු 24ක තරුණියක මාස 10ක කාලයක් තිස්සේ ඇති කරගෙන තිබූ ප්‍රේම සම්බන්ධතාවක් නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීම දක්වා දුරදිග ගොස් අධිකරණයෙන් කෙළවර වීමේ සිද්ධියක් ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තා වේ.

ගලේවෙල පොලිසිය පවසන ආකාරයට සිද්ධිය සැකෙවින් මෙසේය. මේ සම්බන්ධය ඇතිවීමෙන් පසු තරුණයා තරුණියගේ මවුපියන්ට හොරෙන්
ඇගේ නිවෙසේදී විටින් විට හමුවී ඇත. ගමන්බිමන්ද ගොස් ඇත. ඒ අතරතුර ඔවුන් අතර නිරුවත් ඡායාරූප හුවමාරුවක්ද සිදුවී ඇත. ඒ කාලය තුළ දිනක් ඔවුන් අතර ඇතිවූ බහින්බස්වීමකින් තරුණිය සම්බන්ධය නතර කිරීමට තීරණය කර තිබේ. ඉන් කෝපයට පත්වූ තරුණයා තමා සතුව තිබූ තරුණියගේ නිරුවත් ඡායාරූප ඇතුළු තොරතුරු අන්තර්ජාලයට මුදාහැරීමට පියවර ගෙන ඇත. මේ බව දැනගත් තරුණිය තරුණයාට විරුද්ධව පසුගිය 2013.11.22 දින ගලේවෙල පොලිසියට පැමිණිල්ලක් කළාය. නමුත් නීතිමය පියවර ගැනීම සඳහා තරුණයාගේ ලිපිනය තරුණිය දැන නොසිටි නිසා පරීක්‍ෂණ පැවැත්වීමට බාධාවක් විය.

කෙසේ වෙතත් මේ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය. ඊට පසු ලැබුණු අධිකරණ නියෝග යටතේ අදාළ දුරකතන සමාගම් මඟින් තරුණයාගේ ලිපිනය දැනගත හැකිවිය.
ඒ අනුව පැමිණිල්ල විභාග කිරීමට තරුණයා පදිංචි ප්‍රදේශය පිහිටි ඇහැලියගොඩ පොලිසියට ගලේවෙල පොලිසිය විසින් පණිවුඩයක් යැවූ නමුත් ඔහු ඒ සඳහා නොපැමිණියේය. ඒ වෙනුවට ඔහු සිදුකළේ තරුණිය මරන බවට තර්ජනය කිරීමයි. පසුව අදාළ තරුණිය නැවත ආදර සම්බන්ධතාව පවත්වන බවට තරුණයාට අඟවා ඔහුගේ ඉල්ලීම පරිදි තරුණයා හමුවීමට පසුගිය 18 වැනි දින කුරුණෑගල නගරයට ගොස් ඇත. ඇය එසේ ගොස් ඇත්තේ සිවිල් ඇඳුමින් සැරැසුණු පොලිස් නිලධාරීන් දෙදෙනකුද සමඟය. එහිදී තරුණයා තරුණිය හමුවිය. දෙදෙනා කතාබහ කරන අතරතුර තරුණයා විසින් ත්‍රීවීල් රථයක් නවතා තරුණිය එහි දමාගෙන යෑමට තැත් කරද්දී සිවිල් ඇඳුමින් සැරැසී රැකසිටි පොලිස් නිලධාරීහු ඔහු වහා අත්අඩංගුවට ගත්හ. අත්අඩංගුවට ගත් සැකකරු 19 වැනි දින දඹුල්ල මහෙස්ත්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා වෙත ඉදිරිපත් කරන ලදී. එහිදී ඔහු ඇප මත මුදාහළ අතර පැමිණිල්ල යළි කැඳවීම 2014.04.22ට (හෙට) දක්වා කල් තැබීය.

මෙම තරුණිය රාජ්‍ය ආයතනයක සේවිකාවක වන අතර තරුණයා රැකියා විරහිත අයකු බව අනාවරණය වී ඇත.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive