වන ජීවි දෙපාර්තමේන්තුවේ වැටලීම් අංශයේ නිලධාරීන් කළ තවත් වැටලීමකින් නීතී විරෝධී ලෙස රඳවා ගෙන ඇතැයි සැක කෙරෙන අලි පැටියෙකු අද සොයා ගත්තේය.
ඒ කොට්ටාව, ඇරැව්වල ප්‍රදේශයෙන් ය.
වන ජීවි දෙපාර්තමේන්තුවට අද ලැබුණු තොරතුරකට අනූව වැටලීම් අංශයේ නිලධාරීන් පිරිසක් ඇරැව්වල, ගැමුණු මාවත දෙවන පටුමගේ පිහිටි ස්ථානයක්
පරීක්ෂාවට
ලක්කර තිබේ.
අද පස්වරු 2යි 30ට පමණ එම වැටලීම සිදුකළ අතර අදාළ ස්ථානයේ තුවාල ලැබූ අලි පැටවෙකු ඇතැයි අනාවරණය විය.
මේ සම්බන්ධයෙන් වන ජීවි අධ්‍යක්ෂ ජනරාල් එච්. ඩී. රත්නායක මහතාගෙන් විමසූ අතර ඔහු පැවසුවේ තම වැටලීම් අංශයේ නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ය.
අලි පැටවා සම්බන්ධයෙන් නීත්‍යානූකූල බලපත්‍රයක් තිබේ ද නැද්ද යන්න පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන බව ද ඔහු පැවසීය.
කෙසේ වෙතත් පස්වරු 2යි 30 සිට පස්වරු 5යි 30 පමණ වන තෙක් මේ සම්බන්ධයෙන් නිසි තොරතුරක් මාධ්‍ය්‍යට ඉදිරිපත් කිරීමට වන ජීවි නිලධාරීන්ට හැකිවුණේ
නැහැ.
වන ජීවි නිලධාරීන් අදාළ ස්ථානය පරීක්ෂා කරන අතරතුර මෙය ආවරණය කිරීමට ගොස් එම ස්ථානයෙන් පිටත රැදී සිටි ජනමාධ්‍යවේදීන්ට විවිධ බාධා එල්ල වූ අතර ගල් ප්‍රහාරයක් ද එල්ල විය.
වන ජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ කරුණු සොයා බලා අවශ්‍ය වුවහොත් අද සොයා ගත් අලි පැටවා සම්බන්ධයෙන් අධිකරණ කටයුතු සඳහා යොමුවීමට පියවර
ගැනීමට සිදුවනු ඇති බව ය.
මේ ස්ථානයේ එලෙස රඳවා ගෙන සිටින අලි පැටවා සම්බන්ධයෙන් නිසි බලපත්‍රයක් නොමැති වුවහොත් සති 3ක කාලයක් ඇතුළත වන ජීවි නිලධාරීන් භාරයට ගත්
දෙවන අලි පැටවා ලෙස මෙය ලෙස වාර්තා වේ.

0 comments:
Post a Comment