facebook like

මැලේසියානු ගුවන් අනතුරෙන් පාඩම් දෙකක්

'මැලේසියා ගුවන් අනතුරෙන් මහින්දගේ ආණ්ඩුවටත් පාඩම් දෙකක් ඉගෙන ගන්න පුළුවන්...'

මේ මැලේසියානු ගුවන් අනතුර ඇහැ ගහගෙන හිටපු අයකු කී කතාවය.
'මොනවාද ලංකාවේ ගුවන් යානා ආරක්ෂා කර ගන්න හැටිද...?'
ඔහුගෙන් එක් අයකු ඇසුවේ මෙවැනි ප්‍රශ්නයකි.
'නැහැ... නැහැ... දේශපාලන පාඩම් දෙකක්...'
මේ ඒ ප්‍රශ්නයට ලැබුණු උත්තරයය.
'පළමුවැනි පාඩම

මොකක්ද...?'
පාඩම් කතාව ගැන කී මනුස්සයා ලොකු හුස්මක් අරගෙන දිග කතාවක් කියන්න
පටන් ගත්තේය.
'ඒ පාඩම බුදුහාමුදුරුවොත් කියල දීලා තියෙනවා. ඒකට කියන්නෙ දිට්ඨ ධම්ම වේදනීය කර්මය පටිසන් දෙනවා කියල...'
ඔහු කියන්න පටන් ගත්තේය.
'කාටද...? යානයේ මගීන්ටද...?'
තව ප්‍රශ්නයකි.

'නැහැ මලයාසියානු ආණ්ඩුවට...'
උත්තරය ඒකය.

' මලයාසියානු ආණ්ඩුව එරට විපක්ෂය මර්දනය කරන්න එරට අධිකරණයත් කුපාඩි විදියට පාවිච්චි කරනවා. ඒ රටේ විපක්ෂ නායකයා අන්වර් ඉබ්‍රාහිම් ආණ්ඩුවෙන් කැඩිලා විපක්ෂයට ගියදා ඉඳල පන්න පන්න ගහල හිරේට දැම්මා. පස්සේ ජාත්‍යන්තර බලපෑමට නිදහස් කළා. මේ පාර අන්වර් මැතිවරණයට තරග කරන්න යනකොට ආපහු ඔහුව අධිකරණයෙන් වරදකරු කරල දේශපාලනය කිරීම තහනම් කළා. ඒක කළේ අන්වර් මැතිවරණයට තරග කරන එක වළක්වන්න. හරියටම මැලේසියානු එම්.එච්. - 370 ගුවන් යානය අතුරුදන් වුණේ අන්වර් වැරැදිකාරයෙක් කරලා දේශපාලනය කිරීම තහනම් කරපු නඩු තීන්දුව දුන්න දවසේ. ඒ අතුරුදන් යානයේ ගුවන් නියමුවා අන්වර්ගේ ආධාරකාරයෙක්. අෑතින් ඥාතියෙක්. අන්වර්ට එරෙහිව දුන්න අධිකරණ තීන්දුව ගැන ඔහු හිටියේ ආණ්ඩුව ගැන වෛරයකින් කියල ඔහුගේ මිත්‍රයෝ කියනවා. ඔහු එදා උදේ අන්වර්ගේ තීන්දුව අහන්න අධිකරණයට ගිහින් කේන්තියෙන් ගුවන් තොටුපොළට ආවා කියලයි කියන්නේ. ඔහු ඒ වේදනාවට ගුවන් යානය මරාගෙන මැරෙන මෙහෙයුමකට යොදා ගත්තා කියල කතාවක් තියෙනවා. ඒත් අන්වර් කියන්නේ එරට රජය තම බැරිකම, දුර්වලකම වහගන්න මේ කතාව ගොතනවා කියලයි. කොහොමත් මේ කතාව ඇත්ත වුණත් බොරු වුණත් මැලේසියාව මේ සිද්ධියෙන් ලොව ඉදිරියේ ලැජ්ජාවට පත්වෙලා ඉවරයි. මැලේසියාව ගුවන් යානය ගැන තොරතුරු හංගනවා කියල චීනයත් චෝදනා කරනවා. මැලේසියාව මේ අර්බුදය විසඳන්න බැරි අසමත් රටක් විදියට ලෝකයම හංවඩු ගහල. ලොව ප්‍රධාන පෙළේ ගුවන් යානා සමාගම් අතර කීර්තිමත් සමාගමක් වූ මැලේසියානු ගුවන් සමාගම දැන් හතර ගාතේ වැටිලා. අතුරු සිදුරු නැතිව පිරුණු ගුවන් තොටුබපොළ දැන් හිස්. ගුවන් යානාවල සීට් හිස්. මැලේසියාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය හතරගාතෙන් වැටිලා. මැලේසියානු ආණ්ඩුව මේ වගේ අර්බුදයකට මුහුණ දීලා නැහැ. ලෝකයෙන්ම බැනුම්. මැලේසියානු ජනතාවත් ආණ්ඩුවේ අර්බුද කළමනාකරණය ගැන අප්‍රසාදයෙන් ඉන්නවා කියලා මාධ්‍ය කියනවා. අන්වර්ට තරග කරන්න බැරි වෙන විදියට තීන්දුව දුන්න අතුරු මැතිවරණය කට ළඟ. ආණ්ඩුවේ ජනප්‍රියතාව ගුවන් යානා සිද්ධියෙන් හොඳටම වැටිලා. මේකට තමා කියන්නේ ආණ්ඩුවක් කරන පව්වලට ආණ්ඩුවට විතරක් නෙවේ රටටම ගෙවන්න වෙනවා කියලා. අන්වර්ගෙ තීන්දුව දවසේ ජයපැන් බොන්න බලාගෙන හිටිය අගමැති මහ රෑ අවදි වුණේ වස කාලා වගේ. දැන් ඉන්නේ හිසරද ගොඩාක් මැද්දේ...'

මේ මලයාසියානු ආණ්ඩුවට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දුන් හැටි ඔහු විස්තර කළ ආකාරයය.
'හොඳයි දෙවැනි පාඩම...?'
මේ ඊළඟට ඔහුගෙන් අහපු ප්‍රශ්නයය.

'ඒ පාඩම අපේ ආණ්ඩුවට විතරක් නෙවේ. ලොව රාජ්‍ය නායකයන්ටත් හොඳ පාඩමක්. මේ ගුවන් යානා සිද්ධියෙන් පැහැදිලි වෙනවා ගුවන් ගත වෙන රාජ්‍ය නායකයන්ගේ ආරක්ෂාව ගැන ලොකු ප්‍රශ්නයක්. ඇමෙරිකානු ත්‍රස්ත මර්දන විශේෂඥයන් කියනවා මේ ගුවන් යානා සිද්ධියෙන් ත්‍රස්තවාදීන්ට හොඳ ප්‍රයෝජන ගන්න පුළුවන් කියල. ආසියාවේ ගුවන් යානා කොයිතරම් අනාරක්ෂිතද කියල මේ සිද්ධියෙන් පේනවා. ඇමෙරිකානු විශේෂඥයන් කියනවා ඇමෙරිකානු ගුවන් යානා කොයිතරම් ආරක්ෂිත වුණත් ඇමෙරිකානු ගුවන් නියමුවන් කොයිතරම් විශ්වාසවන්ත වුණත් ආසියානු රටක ගුවන් යානයක් පැහැර ගෙන ඇමෙරිකාවට හානි කරන්න තියෙන ඉඩකඩ වැඩියි කියල. රේඩාර්වලට අහු නොවෙන්න ගුවන් යානයක් තමන්ට අවශ්‍ය තැනට ගෙන යන හැටි ගැන ආසියානු ගුවන් නියමුවන් මිලට ගන්න පුළුවන්ද කියන එක ගැන ත්‍රස්තවාදීන් දැන් හිතන්න පටන් ගනියි කියල ඔවුන් අනතුරු හඟවනවා. ආසියානු ගුවන් යානාවල රාජ්‍ය නායකයන්ට යෑම කොයිතරම් ආරක්ෂිතද කියල ඔවුන් ප්‍රශ්න කරනවා...'

මේ ඔහු කී දෙවැනි පාඩමය. ඇත්තටම දකුණු ආසියාවම ත්‍රස්ත කළ ගුවන් අනතුර දකුණු ආසියාවම හොල්ල ගෙන සිටි පාකිස්තාන ජනාධිපති සියා උල්හක් ඝාතනයය. ඔහු රැගත් ගුවන් යානය ගුවනේම පිපිරී බිමට වැටීම අදටත් අබිරහසකි. ඒ ගුවන් අනතුර පිටුපස ඉන්දියාව, ඇමෙරිකාව, රුසියාව සිටි බවට කට කතා පැතිරුණත් ගුවන් අනතුරට හේතුව තවම හොයා ගෙන නැත. ගාන්ධි පවුලේ ඔටුන්න හිමි කුමාරයා ඉන්දිරාගේ බාල පුත් සංජේ ගාන්ධි මිය ගියේද ගුවන් අනතුරකිනි. ඉන්දිරාගෙන් පසු ඉන්දියාවේ අගමැති වෙන්න හීන මවපු සන්ජේ ගාන්ධිගේ ගුවන් අනතුරද අදටත් අබිරහසකි. ලංකාවේ ජනාධිපති වෙන්න හීන මවපු ජේ. ආර්. ගේ බෑනා උපාලි විජයවර්ධන රැගත් ජෙට් යානය ගුවනේදී අතුරුදන් වීමට හේතුව තවමත් සොයා ගෙන නැත. සමහරු කාර්මික දෝෂයක් කියති. සමහරු බෝම්බයක් කියති. ලංකාවේ රජුන් තනපු මුස්ලිම් කොංග්‍රසයේ නායක අස්රෆ් ඝාතනය වූයේද ඔහු ගමන් ගත් ගුවන් යානය කඩා ගෙන වැටීමෙනි. ඒ අබිරහසද තවම විසඳී නැත.
මැලේසියානු ගුවන් අනතුර මෙම අනතුරුවලට වඩා වෙනස් අදහාගත නොහැක්කකි. ආසියානු රාජ්‍ය නායකයන් ගුවන් යානයකට නඟින්න පෙර දෙවරක් හිතන්න මේ අනතුර හොඳටම ප්‍රමාණවත්ය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive