කුරුණෑගල ජෝන් කොතලාවල විදුහලේ වෙනුෂාගේ ඉමන්දි දැරියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංඟුවට පත්ව අධිකරණයෙන් රුපියල් ලක්ෂ දහයක ඇප මත නිදහස්ව සිටින කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ විදුහල්පතිවරයා තමාට එරෙහිව සාක්ෂි දුන් ගුරුවරුන්ටදුරකථනයෙන් බැන තර්ජනය කරන බව වාර්තා වෙයි.එම ගුරුවරුන්ට වහාම ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමටද එම විදුහල්පතිවරයා කටයුතු කරමින් සිටින
බවත්,ගුරුවරයෙකුට තර්ජනය කිරිමෙන් අනතුරුව ඔහුගේ නිවසට මැර ප‍්‍රහාරයක් එල්ලවී ඇති බවත් පවසමින් වන පැමිණිල්ලක් කුරුණෑගල පොලිසිය වෙත ඉදිරිපත් කර ඇත.
වයඹ රාජ්‍ය සේවා කොමිෂමේ පරීක්ෂණ මණ්ඩලය හමුවේ විදුහල්පතිවරයාට එරෙහිව සාක්ෂි දුන් බව විදුහල්පතිවරයා දැන ගැනීමත් සමග ඔවුන්ට එරෙහිව දුරකථනයෙන් බැන තර්ජනය කිරිම ඔවුන්ගේ නිවෙස් වලට මැර ප‍්‍රහාර එල්ල කිරිම සිදුකිරීමට පෙළැඹී ඇතැයි එම පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පැවැසේ.
දැනට විදුහල්පතිවරයාට එරෙහිව පැවැත්වෙන පරීක්ෂණ වලට සාක්ෂි දෙන ගුරුවරුන්ට සහ දරුවන්ට මේ ආකාරයෙන් බලපෑම් කර ඔහුට එරෙහිව තිබෙන චෝදනා වලින් නිදහස් වීමට දරන ප‍්‍රයත්නයක් බව මෙම තර්ජන මැර ප‍්‍රහාර සහ ස්ථාන මාරුවීම් වලින් පෙනී යන්නේ යැයි ගුරුවරු පවසයි. විදුහල්පතිවරයාට පක්ෂව ළමුන් පෙළ ගැස්සීමට පියවර නොගැනීම සහ දරුවන් තමා වෙනුවෙන් විරෝධතාවලට යොමු නොකිරීම නිසා උරණ වු විදුහල්පතිවරයා විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා අංශයේ ගුරුවරුන්ට මෙසේ තර්ජනය කිරිමට පියවර ගෙන ඇති බව තතු දත් ආරංචි මාර්ග පවසති.
පසුගිය දිනෙක දෙමව්පියන් පිරිසක් කුරුණෑගල අධ්‍යාපන කලාපය වෙත ගොස් ඔවුන් බලකර සිටීයේ සති දෙකක් ඇතුලත විදුහල්පතිවරයා ලබා දෙන බවට පොරොන්දු වු නිලධාරින් ඊට නිසි පියවර නොගැනීම ගැන තම වීරෝධය පළකරන බවය.

0 comments:
Post a Comment