චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ගේ ගමන් බිමන් හෝ වැඩකටයුතු රජයේ ආරක්ෂක අංශ විසින් නිරීක්ෂණය කරන බවට නැගෙන චෝදනා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.
එසේ නිරීක්ෂණයන් සිදු කෙරෙන බව සඳහන් කරමින් හිටපු ජනාධිපතිනිය විසින් ලිපියක් ජනාධිපතිවරයා වෙත යවා ඇති බව අන්තර් ජාල
වෙබ් අඩවි සහ මුද්‍රිත මාධ්‍ය වල පළවී තිබිණ.
අද, බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කළ ජනාධිපති ලේකම් කාර්යාලය ස්ථිර වශයෙන් ප්‍රකාශ කර සිටියේ ජනාධිපති ආරක්ෂක බලධාරීන් හෝ ජනාධිපති කාර්යාලය හෝ එවැනි කිසිදු ආරක්ෂක නිරීක්ෂණ කාර්යයක යෙදී නැති බව යැයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක bbcයට පැවසුවේය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය ගැන හෝ ඇගේ ආධාර කරුවන් ගැන හෝ එසේ නිරීක්ෂණ කටයුතු සිදු කර නැති බව එහි සඳහන් කොට ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඇගේ ලිපියට දීර්ඝ පිළිතුරක් යවන බවත් එම නිවේදනයේ සඳහන් වන බවයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක ප්‍රකාශ කළේය.

0 comments:
Post a Comment