facebook like

පෞද්ගලික ජීවිතේට ඇඟිලි ගහනවට මම අකමැතියි- නෙහාරා පිරීස්

පසුගිය කාලයේ බොහෝදෙනාගේ කතාබහට ලක්වූ ජනප්‍රිය යොවුන් නිළි නෙහාරා පිරීස් මීට දින කිහිපයකට පෙර ජනතාව විසින් තෝරාගන්නා හොඳම යොවුන් නිළිය ලෙස සම්මාන දිනාගැනීමට සමත්විය. ඇය මෙම සම්මානයෙන් පිදුම් ලැබූ  සිවුවැනි වතාවද මෙය වීම විශේෂත්වයක් විය. ඇය මෑතකදී යළි විවාහ දිවියට එළඹි අතර, එම අලුත් ජීවිතය සහ ඇගේ නව කලා කටයුතු පිළිබඳව තොරතුරු විමසන්නට අපි 'අද' කතාබහ ඇය සමග දිගහරිමු. 

නෙහරා මේ දවස්වල කලා කටයුතුවලින් ඈත්වෙලාද?

අලුත් නිර්මාණ භාරගත්තෙ නැති නිසා මේ දවස්වල විවේකීව ගෙදරට වෙලා ඉන්නවා.
නොවැම්බර්, දෙසැම්බර් මාස කිහිපයේදීම එකදිගට කලා කටයුතුවලට දායක වුණ නිසා අලුත් වැඩ භාරගත්තෙ නැහැ. මේ දිනවල සිරස නාලිකාවේ මම රංගනයෙන් දායක වුණ 'රුවන් මාලිගා' නාට්‍යය තුළින් පමණයි මගේ ආදරණීය රසික, රසිකාවියන්ට මාව දකින්න ලැබෙන්නෙ. මාර්තු මාසයේදී ආරම්භ වන රියලිටි වැඩසටහනක නිවේදිකාවක් විදිහටත් කටයුතු කරන්න සූදානමක් තියෙනවා.

ඔබේ රසික පිරිස් ඔබගේ පෞද්ගලික ජීවිතේ තොරතුරු සොයා බලනවට ඔබ කැමතිද, අකමැතිද?

මෙහෙමයි. රසික පිරිස් අපට ආදරේ කරන්නෙ අපි ඔවුන්ට ළංවන ටෙලි හෝ සිනමා චරිත හරහා. නමුත් සමහර රසික පිරිස් කැමතියි අපේ පෞද්ගලිකත්වයට. අපි අඳින ඇඳුම් පැලඳුම්, වාහන වගේ දේවල් ඔවුන්ටත් පාවිච්චි කරන්න කැමැත්තක් තියෙනවා. මම කැමතියි මට ආදරය කරන පිරිස් මේ සීමාවල ඉන්නවා නම්. මොකද, අනවශ්‍ය ලෙස පෞද්ගලික ජීවිතේට ඇඟිලි ගහන අයට මම වගේම කලා ලෝකයේ බොහෝ පිරිසක් අකමැතියි. මොකද හැම කෙනෙකුටම ‍තමන්ටම කියලා පෞද්ගලිකත්වයක් තියෙන නිසා.

ඒ කියන්නෙ රසික, රසිකාවියන්ගේ ආදරය ඔබට කරදරයක්ද?

කවදාවත් මට ආදරය කරන රසිකයන්ගෙන් කරදර වෙලා නැහැ. ඔවුන් මට දක්වන ආදරය, ගෞරවයට මමත් නිහතමානීව කැමතියි. ඉඩ ලැබෙන හැම වෙලාවකම මම ‍මගේ රසික පිරිස් සමග ගතකරනවා. විශේෂයෙන්ම ඔවුන් මට එවන ලිපිවලටත් මම පිළිතුරු ලියනවා. ඒ වගේම තමයි මඟතොටේ මාව දැකලා මට කතා කරන අයටත් වචනයකින් හෝ පිළිතුරු දෙන්න මම හැමවෙලාවෙම උත්සාහ කරනවා. මට එදා වගේම අදටත් හොඳ රසික පිරිසක් ඉන්නවා. ඒකට හොඳම උදාහරණය තමයි මෑතකදී මට හිමිවුණ ජනතා සම්මානය.

මේ සම්මානය ඔබට විශේෂ එකක් නේද?

මේ ජනතා සම්මානය මට ලැබුණේ සිවුවැනි වතාවට. ඒක මට විශේෂයි. මීට පෙර මෙම සම්මානය මට 2011 වසරේ ඉඳලා නොකඩවා ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි මේක ලැබෙන්නෙ ජනතා සමීක්ෂණයකින්. ඒ නිසා මේ සම්මානය මට ඉතා වැදගත්.

මේනකත් ඔබත් දෙදෙනාම කලාකරුවන්. කොහොමද දෙදෙනා අතර තියෙන අවබෝධය?

කලා ක්ෂේත්‍රයේ කටයුතු කිරීමේදී ලොකු අවබෝධයක් තියෙන්න ඕන. මොකද, කලා ක්ෂේත්‍රය කියන්නෙ කාර්යබහුල තැනක් නිසා. මේනකත් මේ ක්ෂේත්‍රයේම කෙනෙක් හින්දා ඒක ලොකු පහසුවක්. අපි අතරේ හොඳ අවබෝධයක් තියෙනවා. කවදහරි ඔහු කිව්වොත් මේ ක්ෂේත්‍රයෙන් ඉවත්වෙන්න කියලා එදාට මම මේ ක්ෂේත්‍රයෙන් සමුගන්නවා. මම හිතනවා අපි අතරේ හොඳ බැඳීමක්, අවබෝධයක් තියෙන නිසා එවැනි දෙයක් නොවේවි කියලා.

කාලයත් එක්ක මේ ක්ෂේත්‍රයේ සමුගැනීමක් තියෙන්න ඕන. අනාගතය ගැන නෙහාරා දැනට සැලසුම් කරලා තියෙනවද?

තවම නැහැ. මොකද, මට එහෙම ඉදිරි බලාපොරොත්තු නැහැ. නමුත්, රඟපෑම අපිට හැමදාම කරන්න බැහැ. ඒක මම පිළිගන්නවා. ඒ නිසා ඉදිරියේදී ඒ ගැන හිතන්න බලාපොරොත්තුවක් තියෙනවා. මම හිතන විදිහට මේනකගේ ලොකු අදහසක් තියෙනවා ව්‍යාපාරයකට මුලපුරන්න. ඔහු මේ දිනවල ව්‍යාපාර කළමනාකරණ උපාධිය හදාරනවා.

බුද්ධික සේනාධීර

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive