facebook like

MH 370 යානය මුහුදට කඩා වැටුණු බව අනාවරණය කර ගත් හැටි

මැලේසියානු ගුවන් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා මාධ්‍ය අමතමින් පැවසුවේ, යානයට සිදුවූයේ කුමක් ද? යන්න නිශ්චිතව අනාවරණය කර ගැනීමට පරීක්ෂණ සිදුවන බව ය.

මේ වනවිට යානයේ සිටි පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් කෙරෙහි වැඩි අවධානයක් යොම කර ඇතැයි, ඔහු පැවසී ය.

මේ අතර ඔස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ, යානයේ සුන්බුන් හඳුනා ගැනීම සඳහා ඉන්දීය සාගරයේ සිදු
කෙරෙන පරීක්ෂණ යළි ඇරඹීම තව ත් පැය 24කින් වත් කළ නොහැකි තත්ත්වයක පවතින බව ය.

බ්‍රිතාන්‍යය චන්ද්‍රිකා සමාගමක් වන ඉන්මාසැට් ආයතනයේ විද්‍යාඥයින් පසුගිය දින කිහිපයේ ලද දත්ත විශාල ප්‍රමාණයක් විශ්ලේෂණය කරමින් යානයට සිදු වූයේ කුමක්දැයි නිශ්චිතව හඳුනා ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත විය.

ලාභාපේක්ෂාවෙන් තොර සමාගමක් ලෙස මීට වසර 35 කට පමණ පෙර ආරම්භ වූ මෙම ආයතනය ආරම්භ කෙරුණේ නෞකාවලට සන්නිවේදන පහසුකම් සැපයීම සඳහා ය.

එහි විද්‍යාඥයින් ලැබුණු දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසුව බෝයිං 777 යානය ඕස්ට්‍රේලියාවට නිරිත දෙසින් සැතපුම් 1500 ක් පමණ දුරකින් ඉන්දීය සාගරයේ ඇතැයි, නිගමනය කෙරිණ.

ඔවුන් පැවසුවේ, දැඩි ශීත කාලගුණ තත්ත්වයක් ඇති මුහුදු ප්‍රදේශයක යානය ඇති බව ය.

යානය අතුරුදන් වී දින කිහිපයකට පසු ව මැලේසියානු බලධාරීන් පැවසුවේ, එය අතුරුදන්වී පැය 4 කට පමණ පසු ව සංඥාවක් නිකුත්වී ඇති බව ය.

එම සංඥාව මත පදනම්ව උතුරු හා දකුණු කොරිඩෝව නමින් ප්‍රදේශ දෙකක් නම් කර සෝදිසි එම ප්‍රදේශවලට සීමා කළේ ය.

මෙසේ රැස් කළ තොරතුරු පුළුල් ලෙස විශ්ලේෂණය කිරීමෙන් පසු ව මලයාසියානු අග්‍රාමාත්‍යවරයා යානයට සිදු වූයේ කුමක්දැයි ඊයේ නිල වශයෙන් ප්‍රකාශයක් කළේ ය.

විදෙස් වාර්තා පැවසුවේ මෙම නිගමනයට එළැඹීම සඳහා භාවිත කළ ක්‍රමවේදය මීට පෙර ප්‍රයෝජනයට ගත් එකක් නොවන බව ය.

ඒ අනුව ඩොප්ලර් සංසිද්ධිය යානයට කුමක් සිදුවීදැයි සොයා ගැනීම සඳහා භාවිත කර තිබේ.

ගුවන් යානයක හෝ චන්ද්‍රිකාවක චලනය අනුව සම්ප්‍රේෂණ සංඛ්‍යාත වෙනස් වන අතර අතුරුදන් යානයට පෙර හා පසු ව පියාසර කළ යානාවල දත්ත ලබා ගනිමින් ‍ඒවා සැසදීමෙන් පසු ව අවසන් නිගමනයට එළැඹ තිබේ.

නව නිගමනය මත පදනම්ව මේ වනවිට නිශ්චිත මුහුදු ප්‍රදේශයක වැඩිදුර සෝදිසි ක්‍රියාත්මක වේ.

මේ අතර යානයේ ගමන් කළ පුද්ගලයින්ගේ ඥාතීන් තව ම ත් සිටින්නේ වික්ෂිප්තවයි.

නිශ්චිත සාධක ඉදිරිපත් කරන්නැයි, ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive