facebook like

මේ මාධ්‍ය කමිටුවේ සුදුස්‌සෝ වැඩියි එක නිසා මට බෑ.....තිස්‌ස අත්තනායකට මල පැනලා රනිට කියයි

පසුගිය සඳුදා එක්‌සත් ජාතික පක්‍ෂයේ සන්නිවේදන කමිටුවේ විශේෂ සාකච්ඡාවක්‌ රනිල්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි. මෙම සාකච්ඡාවට ධම්මික ගංගානාත්, සමන් අතාවුද, ක්‍රිෂාන්ත කුරේ, දිනේෂ් දොඩම්ගොඩ ඇතුළු සන්නිවේදන කමිටු ප්‍රධානීන් ද මංගල, කිරිඇල්ල ඇතුළු දේශපාලනඥයෝ ද සහභාගි වී සිටියහ.

මෙහිදී සන්නිවේදන කමිටුවේ අදහස වූයේ මැතිවරණයට පසු දින ජනමාධ්‍ය හමුවේ ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේ කටයුත්ත තිස්‌ස
අත්තනායකට පැවරිය යුතු බවය. විෙ-දාස රාජපක්‍ෂ ද මෙහි සිටියේය.

තිස්‌ස සාවදානව සියල්ල අසා සිට ඒ ප්‍රකාශයට ප්‍රතිඋත්තර දුන්නේය.

මම දැන් අවුරුදු ගණනාවක්‌ තිස්‌සේ මැතිවරණ ගණනාවකට පසු ඔය විදියට ජනමාධ්‍ය ඉදිරියට ගිහින් ප්‍රතිඵල විශ්ලේෂණය කළා. දැන් ඒ ඇති. මම පැත්තකට වෙලා පක්‍ෂයේ වැඩ කටයුතු ටික බලාගන්නම්. ඔය කවුරු හරි ඉදිරිපත් වෙලා ඒකත් කරන්න.

තිස්‌ස එසේ කීවේ තරමක්‌ නොමනාපයෙන් බව පක්‍ෂ නායකත්වය වටහා ගත්තේය.

ඇයි ඔබ එහෙම කියන්නේ ඔබ නේ මීට නියම සුදුස්‌සා.

නැහැ මේ මාධ්‍ය කමිටුවේ සුදුස්‌සෝ ඉන්නවා. එයාල මීට කලින් කියල තිබුණා මහ ලේකම් තිස්‌ස අත්තනායකව මාධ්‍යවලින් ඈත් කරල තියන්න ඕන කියලා. ඉතින් මම මාධ්‍යවලින් ඈත් වෙලයි හිටියේ. දැන් මොකටද මගේ නම මේකට යෝජනා කරන්නේ කියමින් සන්නිවේදන කමිටුවට තම නොසතුට පළකරමින් තිස්‌ස කෝන්තරය ප්‍රසිද්ධියට පත් කළේය.

සන්නිවේදන කමිටුවේ සාමාජිකයෝ නිහඬව මුහුණට මුහුණ බලාගත්හ. ඔවුන්ට පුදුමය වූයේ මීට කලකට පෙර රැස්‌වීමකදී ඉතා රහසිගතව කතා කරගන්නා ලද දෙයක්‌ තිස්‌සට කෙසේ ආරංචි වුණේදැයි කියාය.

තිස්‌සගේ උදහස සංසිඳුවමින් ප්‍රශ්නය සමථයකට පත්කරන්නට නායකත්වය උත්සාහ ගත්තේය. කරු රනිල් දෙදෙනාම තිස්‌සට කතා කළේය. එහෙත් තිස්‌ස කීවේ ඒ ටිකත් මාධ්‍ය කමිටුවටම කරගන්න කියාය. 

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive