facebook like

වැඩිවිස්තර සඳහා විධායක මුදලාලි අමතන්න

අද පාර්ලිමේන්තුව තොග වෙළෙදපොළක් බවත් වැඩි විස්තර සඳහා අරලියගහ මන්දිරයේ විධායක මුදලාලි ඇමතිය හැකි බවත් ජවිපෙ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. පසුගියදා අම්බලන්තොට නගරයේදී පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

'තොග වශයෙන් සියලූ දේවල් එකම වහලක් යටින් ගන්න  ඕනෑ නම් බත්තරමුල්ලේ, දියවන්නාවේ මනරම් පරිසරයක් පිහිටි පාර්ලිමේන්තුවට එන්න. තොග ගණන් කුඩු
දෙනවා. ගණිකා මඩම් දෙනවා. එතනෝල් දෙනවා. ස්කාගාර දෙනවා. ගංජා දෙනවා. මහින්ද මහත්තයගේ ගෝලයෝ බිස්නස් කරනවා. වැඩිවිස්තර අවශ්‍ය නම් අරලියගහ මන්දිරය අමතන්න. විධායක මුදලාලි එතන ඉන්නවා.

ගොඩාක් දේශපලාඥයෝ සුදු අඳින්නේ මොකද? අපි හොරකම් කරන්නේ නැහැ අපි හරි පවිත‍්‍රයි සාධාරණයි කියලා පෙන්වන්න. කුඩුවලින්, එතනෝල්වලින් විතරක් නෙවෙයි රටේ ජනතාව මත් කරන්නේ. දේශපාලකයෝ දන්නවා සුදු ඇන්දම ජනතාව මත්වෙනවා කියලා. සුදු ඇඳලා ජඩ වැඩ කරන දේශපාලනයක් තමයි අද රටේ තියෙන්නේ.

අධිවේගේ හැදුවට එකේ යන්න පුළුවන් පැයට කිලෝමීටර් සීයක වේගෙන්. රටේ මත්කුඩු පැතිරෙන්නේ පැයට කි.මී. කියක වේගෙන්ද කියලා අපි අහනවා. ගණිකා මඩම් පැතිරෙන්නේ පැයට කි.මී. තුන්සීයේ හාරසීයේ වේගයෙන්. සමාජසේවා අමාත්‍යංශයම කියනවා නිල නොළත් ගණිකා මඩම් හතලිස්දාහක් තිබෙනවා කියලා. අධිවේගෙට වඩා වැඩිවේගයෙන් මංකොල්ල, මිනී මැරීම්, අතවර කිරීම්, දූෂණ වැඩිවෙනවා.

 මේ රටේ සෞභාග්‍යමත් කාලයක් තිබුණා. අපේ රටේ තරුණියකට වටිනා සම්පත් අත මිටි මොළවාගෙන දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට දිවා ? දෙකේ ගමන් කළ හැකිව තිබුණා කියලා කියමනක් තියෙනවා. එහෙම කාලයක් අපිට තිබුණා. නැවතත් මේ රටේ සදාචරය හදන්න  ඕනෑ. ඇත්ත ආශ්චර්ය හදන්න  ඕනෑ. ශ‍්‍රී ලංකා එක යූඑන්පී එක ඔබලාගේ පක්ෂයක් නෙවෙයි. ඒවා අයිති මේ රටේ ධනපතියන්ට. අධිරාජ්‍යවාදීන්ට. ඒ නිසා ඔබේ මව්බිමේ අයිතිය රැකගන්න. දරුවාගේ අනාගතය සුරක්ෂිත කරගන්න සීනුවට කතිරය ගහන්න කියලා අපි ඉල්ලනවා.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive