facebook like

වසර 97කට පෙර මුහුදුබත් වූ බ්‍රිතාන්‍ය නැවක් ගල්කිස්සෙන් (Video)

පළමුවැනි ලෝක යුද සමයේදී ගල්කිස්ස වෙරළ තීරය ආසන්නයේදී ගිලීගිය බි්‍රතාන්‍යයට අයත් නෞකාවක තිබූ සීනුවක් සොයාගෙන ඇති බැව් ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ මුහුදු පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා පවසයි.

ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය සමඟ ඉතා සමීපව කටයුතු කරන කිමිඳුම්කරුවකු වන දර්ශන ජයවර්ධන මහතා කිමිඳුම් කටයුතු කිරීමේදී ඔහුට මේ සීනුව හමුවී ඇති බව රසික මුතුකුමාරණ මහතා පැවැසීය. සීනුව 26දා ගාල්ල මුහුදු පුරාවිද්‍යා
ඒකකය වෙත භාරදෙනු ලැබීය.
මේ පිළිබඳ අදහස් දක්වමින් රසික මුතුකුමාරණ මහතා මෙසේ කීවේය.

බි්‍රතාන්‍යයට අයත් මේ නෞකාව ගිලීිහී ගොස් ඇත්තේ 1917.12.17 වැනිදා ගල්කිස්ස මුහුදු තීරයේ සිට කිලෝමීටර් 13ක් දුරකින් හා මීටර් 57ක ගැඹුරකයි. පළමු වැනි ලෝක යුද සමයේදී ජර්මනියට අයත් නැවකින් මුහුදු බෝම්බ එළා තියෙනවා. මේ නැව යාත්‍රා කරමින් තිබියදී මුහුදු බෝම්බවලට හසුවෙලා නැව මුහුදුබත් වෙලා තියෙන්නේ. මේ ස්ථානය ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ මුහුදු පුරාවිද්‍යාඥයන්ගේ ගවේෂණයට ලක් වුණා.

සීනුව සොයාගත් විට තමයි මේ නැව නිශ්චිත වශයෙන් හඳුනාගත්තේ. සීනුවේ නැවේ නම සහ වර්ෂය සඳහන් වෙලා තිබුණා. වර්කට්ෂයර්යනුවෙන් මේ නැව හඳුන්වන්නේ. ඇත්තටම ඒ කාලයේ නැවේ සංඥා දුන්නේ සීනු හ¾ඩින්. අණදෙන්න යොදාගත්තෙත් සීනු හඬ. නැවක සීනුව ඉතා වැදගත්.
මෙය සංරක්‍ෂණය කොට අනාගත පරපුරට දැක බලා ගැනීමට සැලැස්වීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයට මෙය භාර දී තියෙනවා යැයිද රසික මුතුකුමාරණ මහතා පැවැසීය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive