facebook like

සංගා - මහේල සහ රනිල්

මේ රටේ ජනතාව දෙන ආදර්ශවල හැටියට පාලකයන් කටයුතු කළේ නම් මේ වන විටත් රට ආශ්චර්යයේ ‍ෙදාරටුවෙන් ඇතුළේය. එය ආණ්ඩුවටත් පොදුය. විපක්ෂයටත් පොදුය.

අලුතින්ම මේ ජාතියේ ආදර්ශයක් ලබා දුන්නේ ප්‍රවීණ  ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර සහ මහේල  ජයවර්ධනය. මේ දෙපළ  විස්සයි - විස්ස තරගවලින් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ

දිනේෂ් චන්දිමාල්ලාට, කුසල් ජනිත්ලාට ඉදිරියට එන්නට ඉඩ දීමටය. මහේලත්, සංගාත්
මේ විස්සයි - විස්සට සමු දෙන්නට යන්නේ ක්‍රිකට් පිටියේ අසාර්ථක වී හති වැටීමෙන් පසුව නොවේ. ඉහළම තැනක සිටියදීය.

 ආසියානු කුසලාන තරගාවලියේදී එය ඕනෑවටත් වඩා කැපී පෙනුණේය. එක්තරා ඉංගී්‍රසි පුවත්පතක සඳහන් වී තිබුණේ මහේලගේ මේ ඉවත්වීම පසුපස කොමිස්  කතාවක් තිබෙන බවයි. එහෙත් මහේල ජයවර්ධන එය තරයේ ප්‍රතික්ෂේප කර තිබූ අතර, ක්‍රිකට් යනු තමන්ගේ බූදලයක් නොවන බවත්, එය දැන් නව පරපුරට අයිති බවත් ඔහු පවසා තිබිණි.

 මහේලත්, සංගාත් නිවන් ගොස්  නැති නිසා ඔවුන් අතින් වැරැදි වනවා විය හැකිය. එසේ කියා කරන සියල්ල  වැරැදි  ගිණුමටම දැමීම සාධාරණ නැත.  තමන්ගේ උපරිම දක්ෂතා දක්වා රට වෙනුවෙන් ක්‍රීඩා කළ ඔවුන් අලුත් පරපුරට දායාද දීමට තීරණය කර ඇත.

ක්‍රිකට් ලෝකයේ මහත්තුරුන් එසේ කළාට, දේශපාලන ලෝකයේ මහත්තුරුන් ඒ ආදර්ශය ගන්නට සූදානම් බවක් පෙනෙන්නට නැත. ඇතැමකුට අවශ්‍ය  මැටියෙන් හදා තිබුණත් කමක් නැත, තමන්ගේ යැයි කියන කෙනකුට දායාද දෙන්නටය. අත්දැකීම් දක්ෂකම් ඊට අදාළ නැත. ඇතැම්  පියරු බබුන් දේශපාලනයට එන්නේ ඒ විදියටය.
 ඒත් කමක් නැත. ඊළඟ පරපුරය, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඒ තරමටවත් ආදර්ශ ගන්නට, ප්‍රජාතන්ත්‍රවාදය ගුරුකොට ගන්නට සූදානම් නැත. මමය, මගේය කියා එක්සත් ජාතික පක්ෂයේ නායක පුටුවට වී සිටින්නටය ඔහුට අවශ්‍ය වී ඇත්තේ.

මහේලලා, සංගලා මෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ජනප්‍රියත්වයේ ඉහළම තැන සිටි කාලයක් තිබිණි. ඒ අදින් අවුරුදු විස්සකට පෙරය. ඒත් දිගින් දිගටම මැතිවරණ පරාජය  වීමත්, තමන්ගේ පහළ මන්ත්‍රිවරුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට නොහැකි වීමත්, ඒකාධිපති පාලනයත් නිසා රටට පමණක් නොව එක්සත් ජාතික පාක්ෂිකයන්ටද වික්‍රමසිංහ මහත්තයා එපාම වී තිබේ. ඒත් තවමත් ඒ මහත්තයා නායක පුටුව අතහරින්නට සූදානම් නැත.

ක්‍රිකට් වගේ නොවේ. මේ හෑල්ලුවට ලක්වන්නේ සෝදාපාළුවට ලක්වන්නේ රටේ ප්‍රධාන විපක්ෂයයි.විපක්ෂය මෙලෙස සෝදාපාළු වනවා කියන්නේ ආණ්ඩුවට හිතූවක් කරන්නට  අවස්ථාව ලැබෙනවා කියන එකය. එනම් ජනතාව කබලෙන් ළිපට වැටෙනවා කියන එකය. අවවාද දීමට වඩා ආදර්ශය හැම අතින්ම වටිනවා කියන්නේ ඒ නිසාය. රටක් ඉදිරියට යන්නේ මේ ජාතියේ ආදර්ශයන් නිසාය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive