පසුගිය සති අන්තයේ හම්බන්තොට නගරාධිපතිවරයා සමඟ පැමිණි පිරිසක් අම්බලන්තොට පොලිසියට කඩාවැදී පොලිස් ස්ථානාධිපතිවරයාට සහ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකුටද පහරදී පලායෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
එම සිද්ධිය වූ ආකාරය
පිළිබඳව කඩිනමින් වාර්තාවක් එවන ලෙස පොලිස්පතිවරයා එම ප්‍රදේශය භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කොට ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ’ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේයෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගෙන් විමසූවිට ඔහු සඳහන් කළේ මෙය නීතියේ ආධිපත්‍යයට එල්ල කරන ලද පහරක් බවයි. ඒ පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් ගෙන්වා ගෙන පුළුල් පරීක්ෂණයක් පවත්වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
දැනට වසර තුනකට පෙර මෙවැනි අන්දමේ සිද්ධී වාර්තා වූ නමුදු මෙවැනි බරපතළ සිද්ධියක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කෙළේය.
එම සිද්ධියේදී පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳවද විශේෂයෙන් සොයා බලනු ඇත

0 comments:
Post a Comment