මහජන කටයුතු හා මහජන සබඳතා අමාත්‍ය, ආචාර්ය මර්වින් සිල්වා මහතා අද (25) බොරැල්ල කනත්තේදී ස්වකීය සොහොන් කොතට මුල්ගල තැබීය.
දිවංගත ජනප්‍රිය ගායන ශිල්පි එච්.ආර් ජෝතිපාල මහතාගේ 23 වන ගුණානුස්මරණ දිනයට පසුගියදා පැමිණි
අමාත්‍යවරයා එදිනම ගායන ශිල්පියාගේ සොහොන අසළ හිස් බිමකඩ තමන්
සඳහා වෙන් කරගනු ලැබුවේය. ඒ අනුව අද දිනයේ අමාත්‍යවරයාගේ සොහොන්කොතේ මුල්ගල තැබීමේ අවස්ථාවට ආශිර්වාද කරනු පිණිස පූජ්‍ය පිටිදූවේ සිරිසමන්ත භද්‍රහිමිද වැඩම කර සිටියේය.

තමන් මිය ගිය පසු භෂ්මාවශේෂ වලින් කොටසක් උපන් ගම වන බෙලිඅත්තට ද, තව කොටසක් කැලණිය රජ මහා විහාරය අසලින් කැලණි ගඟේ පා කළ යුතු බවත්, අනෙක් කොටස බොරැල්ල කනත්තේ තැන්පත් කළ යුතු බවත් ඔහු තම ඥාති හිතමිතුරන්ට උපදෙස් දුන්නේය.
මීට වසර කීපයකට පෙර මිය ගිය මව වන කුසුමාවතී සිල්වා මහත්මියගේ භෂ්මාවෂේෂ ද කනත්තේ තැන්පත් කැරිණි.

0 comments:
Post a Comment