facebook like

කුවේටයේ ශ‍්‍රී ලංකා තානාපති බලධාරීන් ගෘහ සේවිකාවන්ගේ අවයව කපා විකුණති

කුවේට් දේශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ වාර්තා වුණු ශ‍්‍රී ලාංකිකයන්ගේ අවයව විකිණීමේ මහා ජාවාරමේ තවත් ගොදුරක් බවට පත්වන්නට අසරණ ශ‍්‍රී ලාංකික කාන්තාවකට සිදු වී ඇත. අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන් මියගියා සේ සලකා මරණ සහතික සකස් කොට ඔවුන්ගේ ශරීරයේ අවයව ඉතා විශාල මුදලකට අලෙවි කිරීම සිදු කරයි.

පසුගියදා මෙලෙස අසාධ්‍ය රෝගී තත්ත්වයකින් රෝහලකට ඇතුළත් කර සිටි කාන්තාවක් ද අවාසනාවන්ත ලෙස මොවුන්ගේ ගොදුරක් බවට පත්ව ඇත. මෙහි කණගාටුදායකම සිදුවීම වන්නේ මෙම කටයුතු වලට සහයෝගය ලබාදෙන්නේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ
තැනැත්තන් වීමයි. මෙසේ චෝදනා එල්ල වූ සෑම අවස්ථාවකම තානාපතිවරයා මැදිහත් වී කෙසේ හෝ එම චෝදනාවන්ගෙන් තමා ඇතුළු තම නිලධාරීන් මුදවා ගැනීමට  කටයුතු සිදු කළ බව කුවේට් දේශයේ වෙසෙන අතිබහුතරයක් දන්නා කරුණකි.

මෙම ආසන්නතම සිදුවීමේ වගඋත්තරකාරිය වී ඇත්තේ තානාපති කාර්යාලයේ දෙවන ලේකම් පද්මාවතී මැණිකේ නැමැත්තියයි. දෙවන ලේකම් තනතුර සඳහා ද නිසි සුදුසුකම් සපුරා නැතැයි දැනගන්නට ලැබෙන මැය රාජකීය විද්‍යාලයේ විදුහල්පතිගේ නැගණියක් ලෙස වාර්තා වේ. ශ‍්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමහර නිලධාරීන්ගේ සහයෝගය ද මෙම කාන්තාවට ලැබී ඇති බවත් මේ වන විට ඇයට විරුද්ධව පරීක්‍ෂණයක් සිදු වෙමින් පවතින බව දැනගන්නට ලැබී ඇත.

පසුගිය කාලයේ මෙවැනි ජාවාරම් වලට එරෙහිව හඬනැගූ මල්ලිකා නමැති කාන්තාවකට තානාපතිවරයා විසින් චෝදනා එල්ල කර නඩුවක් ද පවරා ඇත. තානාපතිවරයා ඇයට රටින් පිටවීම තහනම් කර නඩු පවරා ඇය ඉතා අසරණ තත්ත්වයට පත්කර ඇත්තේ ද මෙම චෝදනා වලින් තම නිලධාරීන් බේරාගැනීමට ය.

මේ පිළිබඳ කිසිවක් කරකියා ගත නොහැකි අසරණ ශී‍්‍ර ලාංකිකයන් ඉහළ නිලධාරීන්ගේ ගොදුරු බවට පත් කරමින් සිදුකර ගෙන යන මේ මහා ජාවාරමට හවුල් වූවන්ගේ තරාතිරම නොබලා දඬුවම් කරන ලෙසට ජනාධිපතිතුමා ප‍්‍රමුඛ අදාළ බලධාරීන්ගෙන් විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයෝ ඉල්ලති.

- ශ‍්‍රී ලාංකික අපි

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive