නීතිවිරෝධී ගබ්සාවකින් පාසල් දැරියක් මියයාමේ පුවතක් මදුරන්කුලම කනමුලයි ප‍්‍රදේශයෙන් වාර්තා වුණා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ 14 හැවිරිදි දැරියක් දණහිසේ ඇති වූ ආබාධයකට ප‍්‍රතිකාර ලබාගැනීම සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් වී ඇති බවයි. එහෙත් ඊයේ උදෑසන අදාළ දැරිය මියගොස් තිබෙනවා.මරණ පරීක්‍ෂණ කටයුතු
සදහා සිරුර හලාවත දිස්ති‍්‍රක් මහරෝහල වෙත රැගෙන එනු ලැබුවා. ප‍්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය ඞී කේ විජේවර්ධන මහතා පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමෙන් පසු කියාසිටියේ මෙය නීතිවිරෝධි ගබ්සාවකින් පසු රුධිරයට විෂබීජ මිශ‍්‍රවීම නිසා සිදුවූ මරණයක් බවයි. සිරුරේ කොටස් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබාගන්නා ලෙස ද නියෝග කෙරුණා.





0 comments:
Post a Comment