facebook like

සිංහල සිනමාවේ යක්ෂාගමනය

“මම මේ කළේ මහා පින්කමක්. කල්ප ගණනාවක් දිව්‍ය ලෝකයේ සැප ලබන තරමේ පින්කමක්. මේකට දායක වූ හැම දෙනාටමත් ඒ ආනිසංසය ලැබෙනවා. දළදා වහන්සේ දැනට වැඩ ඉන්නේ මහනුවර.

මම කරන්නේ මහනුවර වැඩ සිටින දන්ත ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවේ සිනමාශාලා පනහකට වැඩමවීමයි. මේ වැඩමවීම අනුව සිනමාශාලා ධර්මශාලා බවට පත් වෙනවා. එවිට මේ ප්‍රේක්ෂකයෝ චිත්‍රපටය නරඹා ශාලාවෙන් එළියට එන්නේ ශ්‍රද්ධාව හිතේ ඇතිව. දළදා වහන්සේ කෙරෙහි අනේක වාරයක් දැනුවත් වෙලා. පැය දෙකකදී දළදා
වහන්සේගේ ඓතිහාසික තොරතුරු නිර්මාණයක් තුළින් මම ප්‍රදර්ශනය කරනවා. ඉතින් මම අපේ රටේ  ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලන්නේ මේ චිත්‍රපටය දෙස විතර්ක බුද්ධියෙන් බලන්න එපා. මේ චිත්‍රපටය දෙස නියම ගැමි සිංහලයෙක් ලෙස බලන්න කියා. ඒකට හේතුව තමයි දළදා වහන්සේ කියන්නේ අපේ රටේ නිල නොලත් රජු ලෙසයි ගරු කරන්නේ. දළදා වහන්සේ  ගැන ඇස් දෙක පියාගෙන හිතුවත් පින් රැස්  වෙනවා. එහෙම නම් මේ චිත්‍රපටය නරඹද්දී ප්‍රේක්ෂකයාට මොන තරම් පින් රැස් කර ගන්න පුලුවන්ද?...........”
මේ ‘සිරි දළදා ගමනය’ චිත්‍රපටය හැදූ සනත් අබේසේකර අධ්‍යක්ෂවරයා පසුගියදා මාධ්‍යයට කර තිබූ ප්‍රකාශයකි. ෆේස්බුක් වබේ අඩවියේ මේ ප්‍රකාශය උපුටා දැක්වුණ අතර ඒ ගැන අදහස්  පළ වී තිබුණි. අබේසේකරගේ මෙම ප්‍රකාශය බෞද්ධ විරෝධී ප්‍රකාශයක් ලෙස සලකා හෙළා දැකිය යුත්තකි. චිත්‍රපටය නැරඹීමට පිරිස් ගෙන්වා ගැනීමේ ච්ෙතනාවෙන් මොහු බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ සේ සැලකෙන දන්තධාතූන් වහන්සේට කර ඇති අපහාසය සුළු කොට තැකිය හැකි නොවේ. මහනුවර වැඩ සිටින දන්ත ධාතූන් වහන්සේ සිනමාහල් පනහකට තමා වැඩම කරවන බව ඔහුට කිව හැකිද? එය සුළු පටු ප්‍රකාශයක්ද? එසේ කියන්නට ඔහුට ඇති  අයිතිය කුමක්ද? මේ වැඩමවීම අනුව සිනමා ශාලා ධර්මශාලා වෙනවාලු. අ¼ෙදා්මැයි එම ධර්ම ශාලා වල මත්පැන්  හල් වසා තිබේද? සිනමා හල් ධර්ම ශාලා බවට පත් කරන්නට හදන ඊනියා අධ්‍යක්ෂවරුන් පයින් ගසා  සිනමාවෙන් එළවා දැමිය යුතු නොවේද? සිනමාව ගැන අබමල් රේණුවක් තරම් දන්නා එකකු  නම් මෙබඳු කතාවක් කියන්නේ නැත. මහින්දාගමනය නමින් මිහිඳු හිමි වැඩම කළ පුවත චිත්‍රපටයකින් හදා රාජ්‍ය නායකයාගේ නමට සමාන නමක් ඇති නිසා වරදාන ලැබූ මේ අධ්‍යක්ෂවරයා දැන් දළදා පුවත හදා ජනයා සිනමා හල් වෙත නොඒමෙන් වියරු  වැටී කෑ ගසයි. මහින්දා ගමනයටද පැතූ ලෙස ජනයා ආවේ නැත. දැන් සෙනඟ ගෙන්වන්නට හදන්නේ නැරඹුවොත් පින් අත් වෙන බව කියමිනි.
විතර්ක  බුද්ධියෙන් මේ චිත්‍රපටය බලන්නට එපාලු. ඒ මොන කෙහෙල් මල් බුද්ධියක් දැයි දන්නේ ඔහුම විය හැකිය. ෆේස් බුක් මගින්ද එම පැනය  නගා තිබුණි. නියම ගැමි සිංහලයෙකු ලෙස චිත්‍රපටය බලන්නලු. දෙකොණින්ම හිනා යයි. චිත්‍රපටයක්  නැරඹිය  යුතු ආකාරය කිසිම අධ්‍යක්ෂවරයෙකු ප්‍රේක්ෂකයාට කියා දෙනවාද? සනත් අබේසේකර අධ්‍යක්ෂවරයෙකැයි කීම ලෙස්ටර් - පතිරාජ , ධර්මසිරි , වසන්ත , ලෙනින් මොරායස්, යස පාලිත, කේ.ඒ. ඩබ්ලිව්. පෙරේරා , ප්‍රසන්න විතානගේ , නිහාල් සිංහ , ගාමිණී ෆොන්සේකා ඇතුළු අධ්‍යක්ෂ පරපුරටම  නින්දාවකි. කසි කබල් ටෙලි නාට්‍ය හදා රාජ්‍ය නාලිකාවල පෙන්වාගත් පලියට චිත්‍රපට හැදිය හැකිද? චිත්‍රපට යයි කියමින් තොරන් හදයි. කලක් දරුවන් විකුණා ඊට පසු කලක් ඉතිහාසය අනුභව කර දැන් ආගම විකුණා කයි. ඒ මදිවාට ආගමට අපහාස කරයි. විකෘති කරයි. දළදා වහන්සේ
සිනමාහල් පනහකට වැඩම කරවන බව කීම ගැන දැඩි පියවර  නොගතහොත් හෙට මීට වඩා බුදු දහම හෑල්ලු වනු  ඇතැයි අපි අනතුරු අඟවමු.
එල්.එම්. පෙරේරා ‘හතර පෙරළිය’ චිත්‍රපටය හැදුවේ අපගේ බාල වියේ දීය. එහි දඹදිව සිද්ධස්ථාන පෙන්වන ලදී. එය නරඹන්නට බෞද්ධයන් සුදු ඇඳ මල්ද ගෙන සිනමා හලට ගිය බව ප්‍රකටය. එහෙත් එල්.එම්. තමන් මහා පින්කමක් කළ බව කියා සෙනඟ ගෙන්වීමට මෙබඳු අපහාස  කතා කීවේ නැත.  කේ. වෙන්කට් ‘සිරි පතුල චිත්‍රපටය හැදුවේය. බොදු ජනතාව එයද මහ ඉහළින් පිළිගෙන බැතින් නැරඹුවෝය. සාධුකාර දෙමින් එය නැරඹූ සිංහලයෝම අසූ තුනේ කළු ජූලියේ දී එම අහිංසක ද්‍රවිඩ අධ්‍යක්ෂවරයාව කෑලි කෑලි වලට කපා මරා දැමූහ. (ශේ්‍රෂ්ඨ ජාති ආලයේ  හැටි එසේය.). ජෝ මයිකල් ‘අජාසත්ත’ චිත්‍රපටය හැදුවේය. කලක් යන තුරුම සිංහල සිනමාවේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය ලෙස එය වාර්තා තබා තිබුණි. එහෙත් ඒ බොරු කියා සෙනඟ ගෙන්වා ගැනීමෙන් නොවේ. (අජාසත්ත ඇතුළු චිත්‍රපට හැදූ ජෝ මයිකල් පසුගියදා මිය ගියත් ජාතික කලා පුවත් පත යැයි කියා ගන්නා පත්තරයේද පුංචි තීරුවක පුවතක් පළ කළා පමණි.) සෝමරත්න දිසානායක ළමා චරිත යොදා චිත්‍රපට හැදූ විටද, ජැක්සන් ඇන්තනී ‘අබා’ හැදූ විටද ඒවා බලන්නට පාසල් ළමුන් ගෙනැවිත් සෝමේලාගේ , ජැකාලාගේ මඩි තර කර දෙන ලදී. තව නොබෝ දිනකින් ඉහළින් ආශීර්වාද සහිතව පාසල් ළමුන් සිනමා හල් වලට දක්කා අසරණ දෙමාපියන්ගේ මුදල් මංකොල්ල කා ‘සිරි දළදා ගමනය’ හැදූ පිරිසගේ මඩිය තර කර දෙනු ඇත.
එල්.එම්. පෙරේරලා , කේ. වෙන්කට්ලා , ජෝ මයිකල්ලා මේ කාරණාවේ දී සැබැවින්ම අවංකය . ඔවුන් තම චිත්‍රපට නරඹන්නට බලෙන් සෙනඟ නොගෙනා අතර  බලවතුන් ලවා  බලපෑම් කෙරෙව්වේද නැත. විමලනාත් දිසානායක (පටාචාරා , කුණ්ඩලකේශී) ඇතුළු බෞද්ධ කතාවලින් චිත්‍රපට හැදූ සෙසු අයද එසේ කළේ නැත. සෘජුවම , බුද්ධ චරිතය කේන්ද්‍ර කොට ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය හැදූ සමන් වීරමන් හෝ සනත් අබේසේකර මෙන් වංචනික ප්‍රකාශ කළේ නැත.  දළදා වහන්සේ ගැන චිත්‍රපටයක් හදා අබේසේකර දෙව්ලොව යනවා නම් බුදු රජාණන් වහන්සේ ගැන චිත්‍රපටයක් හැදූ සමන් වීරමන් කෙළින්ම නිවන් දකිනු ඇත. මොන විහිළුද?මේවා මෙසේ ලියන්නට සිදුවීම වුවද ඇත්තටම ඛිෙදවාචකයකි.
කවදත් වරද හමුවේ නිහඬව නොසිටින ප්‍රවීණ ‍ලේඛක හෙන්රි  වර්ණකුලසූරිය ෆේස්බුක් මගින්  මේ පිළිබඳව අගනා අදහස් රැසක් දක්වා තිබුණි. දන්ත ධාතූන් වහන්සේට මෙවන් අපහාසයක් කෙරෙද්දී මහනාහිමිවරුන් හා දියවඩන නිලමේ නිහඬව නොසිටිය යුතු බව හෙන්රි
වර්ණකුලසූරිය ගේ ප්‍රකාශ  වල හරය විය.  සුප්‍රසිද්ධ මංකොල්ලකරුවන්, ළමයින් , ඉතිහාසය  විකුණා දැන් ආගම විකුණද්දී මොවුන්ට හැමදාමත් ජනතාව රැවටීමට ඉඩ දිය යුතු නැති බව අවධාරණය  කෙරුණි.
දිනේෂ් ලොකු යද්දෙහිගේ නමැති ෆේස් බුක් සාමාජිකයාද එය අනුමත කර තිබුණි. වැරදි ප්‍රකාශයක් කිරීමෙන් අපාගත වන පාපයක් කර ඇතැයි මයික් ප්‍රනාන්දු පවසා තිබූ අතර , චතුරිකා සෙව්වන්දි ෆේස් බුක් මගින් පවසා තිබුණේ දෙව්ලෝ සැප කෙසේ වෙතත් ජනතාව නොමග යවන්නට  කියා ඇති බොරුව නිසා අපාගත වීම ස්ථිර බවයි. චතුරිකා වැඩිදුරටත් කියන්නේ මේ ලෝක විනාශයේ පෙරනිමිති බවය. කිතුල් ගහට නැග්ග එකා ආගමට අපහාස කරද්දී මහනාහිමිවරුන් සුව නින්දේ පසුවිය යුතු නැති බව ෆේස් බුක් මගින් අබේසේකරට එරෙහිව මත පළ කළ සැමගේ ‍පොදු අදහසයි.
ඔහුට පක්ෂව එක අදහසක් හෝ පළ නොවීමෙන්ද සනාථ වන්නේ බුද්ධිමත් ජනතා දැක්ම හා විරෝධයයි. සාමාන්‍ය ජනයාද දැන් මේ කපටි වංචනිකයන්ට මුලා වීමට  සූදානම් නැති බව සිරි දළදා ගමනය තිරගත වන සිනමා හල් වල ආදායම් පරීක්ෂා කළ විට සනාථ කර ගත හැකිය. කෙසේ හෝ වේවා  සනත් අබේසේකර නමැති අධ්‍යක්ෂවරයා සිය චිත්‍රපටයේ මුවාවෙන් දළදා වහන්සේට අපහාස කිරීම හෙළා දැකිය යුතු අතර බුදු දහම සුරැකිය යුතු නම් ඊට එරෙහිව වහාම දැඩි පියවර ගැනීම මහනාහිමිවරුන්ගේ හා දියවඩන නිලමේවරයාගේ වගකීමය.

ආනන්ද පද්මසිරි

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive