facebook like

මට සංසාරේ එපා වෙන්න හේතුව...හම්බන්තොට වරායයි, මත්තල එයා‍පෝට් එකයි බලන්න ගියා මචං..

මේ ඊයේ පෙරේදා දවසක අපේ මල්කාන්ති ටීචර් උගන්වන ඉස්කෝ‍ලේ  ළඟ තියෙන කඩ පිලක මදාවිකාරයෝ කීප දෙනෙක් ලොකු ගෝරියකට පැටලිලා, පුංචි එකෙකුට තියා වැඩිහිටියෙකුටවත් අහගෙන ඉන්න බැරි අමු තිත්ත කතා දිගට හරහට වාන් දාන්න පටන් අරන්.ඒ වෙනකොට පන්තියේ උගන්වමින් හිටපු මල්කාන්ති ටීචර්ට පුංචි උන්ගේ මූණු බලන්න බැරි තරම් ලැජ්ජයි, ඒ ඇහෙන කුණු හරුප කන්දරාවේ හැටියට.
ඔය ළමයි වටපිට දේවල්වලට කන් දෙන්නේ නැතුව මං කියන දේ හොඳට අහගෙන ඉන්න.. ඒ ලැජ්ජාව යටපත් කර ගත්තු මල්කාන්ති ටීචර් සද්දෙ දාලම කියල කළු
ලෑල්ල ළඟට ගියා.
 ඔය සද්ද බද්ද ගැන අපි නොදන්නවැයි ටීචර්, අපි දන්නවා ඕවා අර ජිනීවා සමුළුව ඉදිරියේ රජය අපහසුවට පත් කරන්න කරන කුමන්ත්‍රණ කියලා මෙන්න බො‍ලේ පන්තියේ හිටපු පුංචිම එකෙක් එක පාරටම නැගිටලා සද්දේ දාලම කිව්වා,  මේ වගේ වයසක පුංචි එකෙක් මෙහෙම පැහිච්ච කතාවක් කියපු එක ගැන මල්කාන්ති ටීචර්ට හරිම පුදුමයි.
මට නම් පේන්නේ ඔයළමයා තව ටික කාලෙකින් අපේ රටේ ඉහළම දේශපාලනඥයෙක් වෙයි වගේ, ඔය කියන කතාවල හැටියට. පුංචි  එකාගේ මේ පණ්ඩිත කතාවෙන් පුංචි ආඩම්බරකමකුත් හිතට ගත්තු මල්කාන්ති ටීචර් කළු ලෑල්‍ලේ පාඩමක් සටහන් කරන්න සැරසෙන ගමන් කිව්වා.
දැන් රටේ තියන තත්ත්වයේ හැටියට මෙහෙම වගකීමක් නැතුව කටට එන එන දේවල් කියන්න නම් දේශපාලනඥයෙක්ම වෙන්න ඕනේ නෑ.  මෙන්න එතකොට කොලුවත් බොහොම ආඩම්බරයෙන් කිව්වේ නැතැයි.
එහෙනම්...? එතකොටම කළු ලෑල්ලෙන් මූණ ‍පොඩ්ඩක් මෙහාට කර ගන්න ගමන් ටීචර් ඇහුවා.
එතකොට කොලුවත් බොහොම ආඩම්බරයෙන් ඔළුව උස්සලා වට පිට බැලුවා.
දැන් නම් ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් වුණත් ඇති ටීචර්..

පහුගිය දවසක අපේ ගල්හේන මහත්තයා පවු‍ලේ කට්ටියයි අහල පහළ ඥාති මිත්‍රාදීන් කණ්ඩායමකුයි එක්ක කතරගම වන්දනාවේ ගියා. අපේ මිත්‍රයා කොහොමත් විනෝදකාමියා හින්දා වන්දනා ගමනක් වුණත් පුළුවන් තරම් විනෝද ගමනක් බවට පත් කර ගන්නමයි හදන්නේ. නමුත් මෙදා සැරේ කතරගම ගිහින් ආපු අපේ මිත්‍රයා එහෙම් පිටින්ම වෙනස්. කලින් තිබුණු විනෝදාත්මක බවේ සේයාවක්වත් මූණේ ඉතුරුවෙලා නෑ.
මෙදා සැරේ නම් මට කතරගම වන්දනාවේදී පුදුම විදිහට සසර කලකිරුණා මචං ගල්හේන මහත්තයගේ මූණේ වෙනස ගැන විපරම් කරපු යාළුවෙකුට ගල්හේන මහත්තයා මූණට මහා බැරෑරුම් බවක් ආරෝපණය කරගෙන කිව්වා.
ඒ කියන්නේ වෙනදා වගේ අතරමගදී මුකුත් ෆන් එකක් ගත්තෙම නැද්ද...? එතකොට යාළුවත් ගල්හේන මහත්තයගේ මූණකට දිහා හොඳට විපරමින් බලන අතරේ ඇහුවා.
එහෙම හිතාගෙන තමයි මාත් ගියේ, ඒත් මම මේ සංසාරේ එපා වුණු විදිහට මොන ෆන්ද කියලා හිතුණා. අන්න ගෙනිච්ච බඩු ඔක්කොම තවම වෑන් ඒකේ..
ගල්හේන මහත්තයා මෙහෙම කිව්වා විතරයි සිද්ධ වුණු දේ ගැන මිත්‍රයට අදහා ගන්නත් බැහැ. කොහොම හරි ගල්හේන ලොක්කා තමන්ගේ සෙල්ලංකාර ජීවිතේ මුළුමනින්ම පිටුදැකලා අලුත් අධ්‍යාත්මික දිවිපවෛතකට ඇතුළුවෙන්න යනවද කියන සැකයත් යාළුවා තළ ඇති වුණා.
මට ඇත්තම කියපං මචං යාළුවා ගල්හේන මහත්තයා ළඟට හුඟක් කිට්ටු වුණෘ.
මොකද උඹට ඔය තරම්ම සංසාරේ එපා වෙන්න හේතුව..
මේ ප්‍රශ්නයත් එක්ක විනාඩි කීපයක් යාළුවගේ මූණ දිහා මලානික බැල්මක් හෙලාගෙන හිටපු ගල්හේන මහත්තයා ඉතාම හෙමින් කටහඬ අවදි කළා.
මට සංසාරේ එපා වෙන්න හේතුව... ගල්හේන මහත්තයා යාන්තමින් තොල්පට සොලවමින් මිමිණුවා.
අපි කතරගම යන ගමන් රන්මිහිතැන්න ටෙලි ගම්මානයයි, හම්බන්තොට වරායයි, මත්තල එයා‍පෝට් එකයි බලන්න ගියා මචං..

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive