උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්‍ෂ නායක සහ රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා සහ ඔහුගේ බිරිඳ වජිරා පෙරේරා මහත්මිය ඇතුළු 31 දෙනකුට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, අනුබල දීම සහ මෙහෙය වූ බවට අධිකරණය හමුවේ වරද පිළිගත් එම නඩුවේ දෙවන විත්තිකරු වන කොටි ත්‍රස්‌ත සංවිධානයේ කර්නල්වරයකු වූ 46 හැවිරිදි ශන්මුගම් සුදාහරන් නමැත්තාට හිටපු උතුරුමැද පළාත් බද මහාධිකරණ විනිසුරු සහ වත්මන් වයඹ පළාත්බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා ඊයේ (05 දා) බරපතළ වැඩ සහිත විසිවසරක සිරද`ඩුවමක් නියම කළේය.
චෝදනා දෙකක් යටතේ ඔහුට එරෙහිව අධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබූ අතර ඒ අනුව එක් චෝදනාවකට වසර දහය බැගින් චෝදනා දෙකට විසිවසරක සිරද`ඩුවමක් නියම කරන බව විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
එම ද`ඩුවම වෙන් වෙන් වශයෙන් ගෙවීයන ලෙසින් ක්‍රියාත්මක වන බවත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළ විනිසුරුවරයා විත්තිකරු ස්‌ව කැමැත්තෙන් තමා කළ වරද පිළිගැනීම නිසා මෙලෙස වසර දහය බැගින් චෝදනා දෙකට විසිවසරක සිරද`ඩුවමක් නියම කරන බව තීන්දුව ප්‍රකාශ කරමින් පැවසීය. මෙලෙස සිරද`ඩුවම් නියම වූයේ මඩකලපුව චෙන්කලාඩි ප්‍රදේශයේ පදිංචි අයකුටය.
ඉකුත් 22 වැනිදා අදාළ නඩුව විභාගයට ගැනුණු අවස්‌ථාවේ ශන්මුගම් සුදාහරන් නමැති විත්තිකරු තමාට එරෙහිව අධිකරණය හමුවේ නගා තිබෙන චෝදනාවලට අදාළව වරද පිළිගත් අතර එහිදී විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා ඔහුට එරෙහිව ද`ඩුවම් නියම කිරීම ඊයේ (05) දිනට කල් තබනු ලැබිණි. ඒ අනුව අදාළ නඩුව ඊයේ (05 දා) කැඳවූ අවස්‌ථාවේ විනිසුරුවරයා මෙසේ ද`ඩුවම් නියම කළේaය.
මේ අතර මෙම නඩුවේ පළමු විත්තිකරු වන මැදවච්චිය මහ සියඹලාගස්‌වැව පදිංචි අබ්දුල්උමාර් හමීඩ්හත්තාර් නමැත්තාට එරෙහි නඩු විභාගය ලබන මස 03 වැනිදාට කල් තැබූ විනිසුරුවරයා එතෙක් ඔහු රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්‍ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා ඔහුගේ බිරිඳ වජිරා පෙරේරා උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රීවරුන් වන සුනිල් දිසානායක, ඒ. අනුර්දීන්, එම පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමැති ආර්. සී. ඒ. ජොන්පුල්ලේ, අධිනීතීඥ ඒ. සී. එස්. හමීඩ් සහ සිරස අනුරාධපුර ප්‍රාදේශීය මාධ්‍යවේදී රශ්මි මහරුප් යන මහත්ම මහත්මීන් ඇතුළු පුද්ගලයන් 31 දෙනෙකුට මරුකැඳවමින් 2008 වසරේ ඔක්‌තෝබර් මස 06 වැනි දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ලවිණි.
2008 වර්ෂයේ පැවති උතුරුමැද පළාත් සභා මැතිවරණයේදී එ. ජා. ප. යෙන් අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයට තර`ග කොට මනාප ඡන්ද එක්‌ලක්‍ෂ පහළොස් දහසකට වැඩි සංඛ්‍යාවක් ලබාගත් ජානක පෙරේරා මහතා එහි විපක්‍ෂ නායක ධූරයට පත්වීමෙන් පසු අනුරාධපුර පැරණි බස් නැවතුම්පළ අසල ධර්මපාල මාවතේ පළමු වැනි පටුමගේ පිහිටි පෞද්ගලික නිවසක විපක්‍ෂ නායක කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව පැවති
රැස්‌වීමට පෙ.ව 8.32 කට පමණ පැමිණි කොටි ත්‍රස්‌ත සංවිධානයේ ස්‌වයං නායකයකු වූ වසන්තන් යක්‌කලමුල්ල තම්බියා යන අය අධිබලැති බෝම්බයක් සියශරීරයේ ඇ`ගලා ගෙන විත් පුපුරව ගෙන මරුමුවට පත්විය.
පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ¨ජනරාල් ෙච්තිය ගුණසේකර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ කරුණාරත්න හේරත්, ආර්. බී. ඉලංගසිංහ, ආර්. පී. ඩී. අබේසුන්දර, චාන්දනී හටන්ගල, මහේෂ් කොටුවැල්ල, භාෂාන්ති රාජකරුණා, පී. එස්. ආර්. ප්‍රේමලාල්, සරත් විඡේසිංහ, ආනන්ද ප්‍රේමරත්න, බුවනෙක රාජකරුණා සහ විත්තිකරු වෙනුවෙන් ඒ. කේ. චන්ද්‍රකාන්ත යන නීතිඥ මහත්ම මහත්මීහුqq පෙනී සිටියහ.

0 comments:
Post a Comment