facebook like

මං දැරිය පැහැරගෙන ගියේ ලොකු වුණාම කසාද බඳින්න....................හතර (4) හැවිරිදි බබා පැහැරගත් 31 හැවිරිදි නරුමයා කියයි

දවස්‌ දෙකක්‌ ගල්ලෙනක
සඟවා ගෙන ඉඳලා
ඊට පසු ගෙදර ගිහින් 
බබා අම්මාට බාර දීලා 

අයියා බබා හඳුනාගෙන
පොලිසියට ඔත්තුව දීලා 
තොරතුරු දුන් පුද්ගලයාට
පොලිසියෙන් ලක්‍ෂ 10ක්‌

කිසිම ගැහැනියක්‌ කැමති නෑ මාව කසාද බැඳලා එකට ජීවත් වෙන්න. මම මේ ළමයාව අරගෙන ගියේ ලොකු මහත් කරලා එයාව කසාද බඳින්න" යෑයි වැල්ලව සිව් හැවිරිදි කේෂානි දැරිය පැහැරගෙන යැමේ සිද්ධියට සම්බන්ධ 31 හැවිරිදි ප්‍රධාන සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ පාපොච්චාරණය කර ඇත. 

නිමල් වික්‍රමසිංහ නමැති තිස්‌ එක්‌ හැවිරිදි සැකකරු විකෘති ආශාවන්ගෙන් පෙළෙන ඉතා පහත් මානසිකත්වයක්‌ ඇති පුද්ගලයකු බව පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ. 

දරුවාව පැහැරගෙන ඇත්තේ නිධානයක්‌ ගැනීමේදී බිල්ලක්‌ ලෙස යොදා ගැනීමට නොවේ යෑයි පොලිසිය සඳහන් කර සිටී.

මොහු මීට සති කිහිපයකට පෙරාතුව පොල්ගහවෙල ප්‍රදේශයේ නිවාස තුනකට මෙයාකාරයට ඇතුළු වී දැරියන් තිදෙනකු පැහැරගෙන යැමට උත්සාහ කළද එම උත්සාහයන් ව්‍යර්ථ වී ඇත.

සැකකරු විවාහකයකු වන අතර විවාහ ජීවිතය අසාර්ථක වී පැවති ප්‍රේම සම්බන්ධතා කිහිපයක්‌ද බිඳ වැටී ඇත්තේ ඔහුගේ මෙම විකෘති ආශාවන් නිසා බවද හෙළි වී තිබේ.

සැකකරු සතුව තිබූ ක්‍ෂණික ඇලවෙන ගම් වර්ගයක්‌ පොලිසිය සොයාගෙන තිබූ අතර මොහු එය තබාගෙන සිටින්නට ඇත්තේ දරුවා හඬන විට තොල් දෙක ඇලවීමට යෑයි පොලිසිය සැක පහළ කරයි. 

පැහැරගෙන යැමට ලක්‌වූ කේෂානි දැරියගේ දුරින් ඥතියකු වන මෙම සැකකරු වැල්ලව ප්‍රදේශයේ කුලී වැඩ කරමින් ජීවිකාව කරගෙන ගිය අයෙකි.

කේෂානි දැරියගේ පියා රසකැවිලි නිෂ්පාදනය කර බෙදාහැරීමේ සුළු ව්‍යාපාරයක්‌ කරගෙන යමින් සිටි අයෙකි. ඔහු රසකැවිලි බෙදාහැරීම සිදුකර ඇත්තේ ත්‍රිරෝද රථයකිනි.

කේෂානි දැරියද බොහෝ අවස්‌ථාවලදී තම පියා සමග වෙළෙඳසල්වලට යැමට පුරුදුව සිට ඇත.

ඇය දකින ඕනෑම අයකු සමග ඉතා සුළු වේලාවකින් මිතුරුවන කතාබහ කරන දැරියකි.

රසකැවිලි විකිණීමට යන අවස්‌ථා කිහිපයකදී මෙම සැකකරු කේෂානි දැරිය දැක ඇති අතර ඇයව පැහැරගෙන යැමට සැලසුම් කර ඇත්තේ ඊට පසුවය.

ඉකුත් 09 වැනිදා අලුයම දෙකට පමණ සිය පාපැදියෙන් දැරියගේ නිවස අසලට පැමිණ ඇති සැකකරු නිවස ආවරණය කර තිබූ ඉටිරෙද්ද පිහියකින් කපා ඉවත් කර, නිදි යහනේ සිටි දැරිය පැහැරගෙන ඇත. පසුව පාපැදියේම දරුවාව තබාගෙන වැල්ලව ප්‍රදේශයේ කැලෑවක තිබූ ගල් ගුහාවකට රැගෙන ගොස්‌ තිබේ.

ගල්ලෙනේ දවස්‌ දෙකක්‌ තිස්‌සේ දැරියව තබාගෙන සිටි සැකකරු ඇයට කෑමට දී ඇත්තේ අහල පහල නිවෙස්‌වලින් සහ වාඩිවලින් සොරා ගන්නා ලද ආහාරපානය.

දැරියට නිදාගැනීමට සලස්‌වා ඇත්තේද ගල්ලෙනේම පිහිටි ගල්තලාවේය. 

කෑම සොරා ගැනීමට යන අවස්‌ථාවලදීද දැරිය වඩාගෙන ගොස්‌ ඇතැයි හෙළිවී ඇත.

තවදුරටත් දැරිය ගල්ලෙනේ තබාගෙන සිටීම අපහසු බව තේරුම්ගත් සැකකරු 11 වැනිදා පෙරවරුවේ ඇය කුඹුක්‌ගැටේ ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසට රැගෙන ගොස්‌ තිබේ. එහිදී සැකකරු තම මවට පවසා ඇත්තේ එම දැරිය ලොකුමහත් වන තුරු නිවසේ තබා ගන්නා ලෙසයි.

කවුරුන් හෝ ඇය ගැන විමසුවොත් දරුවා හදාවඩා ගන්නා බව පවසන ලෙසද සැකකරු මවට පවසා ඇත. නිවසේ අඳුරු කාමරයක ඇඳක්‌ යට කාඩ්බෝඩ් කැබැල්ලක්‌ යොදා දැරියට නිදාගැනීමට සලසා ඇත්තේද මෙම සැකකරු විසිනි. 

කේෂානි දැරිය අතුරුදන් වූ පුවතින් මුළු රටම කලබල වී ඇති බව සැකකරු දැන නොසිටි බවද පොලිසිය කළ ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා තිබේ. 

සැකකරුගේ සොහොයුරා කුඹුක්‌ගැටේ ප්‍රදේශයේ ගඩොල් කර්මාන්තය කරගෙන ගිය අයෙකි. සහෝදරයා පදිංචිව සිටින්නේ ද සැකකරුගේ නිවස ආසන්නයේය. 12 වැනිදා දහවල් සැකකරුගේ සොහොයුරා නිවසට පැමිණි අවස්‌ථාවේ මව මෙම දැරිය පිළිබඳව ඔහුට පවසා ඇත.

තම සොහොයුරා රැගෙන ආ දැරිය වැල්ලවින් අතුරුදන් වූ කේෂානි දැරිය බව සොයුරා එසැණින්ම හඳුනාගෙන ඇත. පසුව ඔහු එම දැරිය පොලිසියට රැගෙන යැමට සූදානම් වී තිබේ.

ඒ අවස්‌ථාවේ සැකකරු තම සොහොයුරාටද පිහියකින් පහර දීමට උත්සාහ ගෙන ඇතත් සොහොයුරා ඔහු පලවා හැර දැරිය රැගෙන නිවස ඉදිරිපිට වෙළෙඳසලකට ගොස්‌ ඇත.

වෙළෙඳසල් හිමියාට මෙම සිද්ධිය සැලකර වැල්ලව පොලිසියට දන්වන ලෙස ඉල්ලා ඇත. එහිදී වෙළෙඳසල් හිමියා හදිසි ඇමතුම් අංකය වන 119 අමතා මෙම දැරිය පිළිබඳ පොලිසියට දන්වා තිබේ.

සිද්ධිය සැල වූ වහාම ක්‍රියාත්මක වූ පොලිස්‌ කණ්‌ඩායම කුඹුක්‌ගැටේ ප්‍රදේශයට ගොස්‌ දැරිය සිය බාරයට ගත්හ.

ඒ වනවිට සැකකරු පලාගොස්‌ සිටි අතර ඔහු අල්ලා ගැනීම සඳහා පොලිසිය සහ ප්‍රදේශවාසීන් කුඹුක්‌ගැටේ ප්‍රදේශය වටලා ඇත. 

දැරිය සඟවාගෙන සිටීමට ආධාර අනුබල දුන් චෝදනාවට සැකකරුගේ මවද, අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ අතර කේෂානි දැරියව විශේෂ වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා කුරුණෑගල රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය. වෛද්‍ය පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත්තේ දැරියට කිසිදු ලිංගික අතවරයක්‌ සිදුකර නැති බවයි.

මේ අතර දැරිය පැහැර ගත් සැකකරු ප්‍රදේශවාසීන් විසින් වැල්ලව ප්‍රදේශයේදී අල්ලාගනු ලැබුවේ 13 වැනිදා දහවල්ය.

සැකකරු අඩක්‌ කා ඉවත දමා තිබූ පාන් කෑල්ලක්‌ ඔස්‌සේ පොලිස්‌ නිල සුනඛයන් ඉව අල්ලාගෙන ගොස්‌ සැකකරු සැඟවී සිටි ප්‍රදේශයට පැමිණ ඇත.

ප්‍රදේශවාසීන්ට සැකකරු කොටුවී ඇත්තේ ඔහු පාපැදියේ නැගී වෙනත් ප්‍රදේශයකට පලා යමින් සිටියදීය.

අල්ලාගත් සැකකරුට ප්‍රදේශවාසීන් දැඩි ලෙස පහර දී තිබූ අතර ඔහු ඒ වන විට බරපතළ තුවාල ලබා සිට ඇත.

කුපිතව සිටි ප්‍රදේශවාසීන්ගේ පහරදීම් වලින් සැකකරු බේරාගත් වැල්ලව පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක අනුර ගුණවර්ධන මහතා ඔහු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු (සී.අයි.ඩී.) වෙත භාර දී තිබේ.

සැකකරු අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මොහු මීට පෙරද දාහතර හැවිරිදි පාසල් දැරියක්‌ පාසල ඇරී නිවසට එමින් සිටියදී පැහැරගෙන ගොස්‌ දූෂණය කිරීමේ සිද්ධියකට චෝදනා ලැබූවකි. 

එම සිද්ධිය සම්බන්ධයෙන් වසර ගණනක්‌ බන්ධනාගාර ගතකර ඇති සැකකරු ඇපමත මුදාහැර සිට ඇත්තේ මීට වසරකට පමණ පෙරාතුවය.

මෙම සැකකරු අසභ්‍ය චිත්‍රපට නිතරම නරඹමින් මනස විකෘති කරගත් පුද්ගලයකු බවද පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

පමාරා කේෂානි දැරිය පැහැරගෙන යැමේ සිද්ධිය වාර්තා වූ සැණින් ඒ පිළිබඳව වහාම විමර්ශනයක්‌ පැවැත්වීමට පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් යොදවන ලදී.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්‌පති රවී සෙනෙවිරත්න මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ වැල්ලව ප්‍රදේශයට ගිය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ආර්. එල්. රණවීර, සහකාර පොලිස්‌ අධිකාරි සාමන්ත විඡේසේකර, ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක බෝධිපක්‍ෂ, පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත සිල්වා, උප පොලිස්‌ පරීක්‍ෂක අමරවංශ ඇතුළු නිලධාරීන් සිය පරීක්‍ෂණ ඇරඹූහ. ඒ වන විට වයඹ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතාගේ අධීක්‍ෂණය යටතේ පොලිස්‌ කණ්‌ඩායම් නවයක්‌ද මෙම සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ සඳහා යොදවා සිටියහ.

එම පරීක්‍ෂණ කටයුතු ඇරඹූ රහස්‌ පොලිස්‌ නිලධාරීන් වැල්ලව ප්‍රදේශයේ ලියාපදිංචි අපරාධකරුවන් හා චූදිත පුද්ගලයන් පිළිබඳ වාර්තාවක්‌ සකස්‌ කර ඔවුන් පිළිබඳව සෙවීමට පොලිසියට උපදෙස්‌ දුන්හ. 

දැරිය සොයා වැල්ලව ප්‍රදේශයේ දැවැන්ත මෙහෙයුමක්‌ ද 12 වැනිදා උදැසන සිට ක්‍රියාත්මක කරන ලදී.

දැරිය සොයා ගැනීමට හැකි වූයේ එම මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් තිබියදීය.

divaina -

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive