facebook like

සිසුවියන් හත්දෙනෙක්‌ අපයෝජනය කළ ෆේස්‌ බුක්‌ අනංගයා

මුහුණ පොත නොහොත් ෆේස්‌බුක්‌ යනු හොඳ හා නරක එකට කැටිවූ පොතක්‌ බඳු දෙයකි. එය මිනිසුන් අතර කොතරම් ජනප්‍රිය වූවාද කිවහොත් වර්තමානයේදී වයස්‌ භේදයකින් තොරව ලොකු කුඩා බොහෝ දෙනකු ෆේස්‌බුක්‌ වෙබ් අඩවිය භාවිත කරති. එම නිසා ෆේස්‌බුක්‌ වෙබ් අඩවිය උගතුන්ගේ මෙන්ම නූගතුන්ගේ ද පාරාදීසයක්‌ බවට පත්වී හමාරය. එම තත්ත්වය උඩ ෆේස්‌බුක්‌ හරහා සිදුවන අපරාධ සංඛ්‍යාවද වැඩිවෙමින් පවතී. පසුගිය දිනකද අපට අසන්නට ලැබුණේ එවැනිම පුවතකි. එනම් ෆේස්‌බුක්‌ සමාජ වෙබ් අඩවිය හරහා පාසල් සිසුවියන් රවටා ඔවුන් ලැගුම්හල් වෙත රැගෙන ගොස්‌ අතවර කොට නිරුවත් ඡායාරූප ලබාගන්නා තරුණයකු පිළිබඳවයි. සිද්ධිය සැකවින් මෙසේය.

ඔස්‌ටේ්‍රලියාවේ අධ්‍යාපනය හදාරමින් සිටි තරුණියක පසුගිය මාසයේ ලංකාවට පැමිණියේ ඇයගේ විවාහ උත්සවයට සූදානම් වීම සඳහාය. ලංකාවට පැමිණ දින කිහිපයකට පසු ඇයගේ ෆේස්‌බුක්‌ ගිණුමට කෙටි පණිවිඩ (එස්‌.එම්.එස්‌) කිහිපයක්‌ එවා තිබුණි. එයින් කියා තිබුණේ කප්පම් මුදල් හා තමන් ඉල්ලන දේවල් ලබා නොදුන්නොත් ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවයි.

මෙම කෙටි පණිවුඩ දැකීමෙන් ඇය අන්දමන්ද වූවාය. සිදුවන්නට යන්නේ කුමක්‌ද කියා ඇයට සිතා ගැනීමට බැරි වූවාය. මෙවැනි කෙටි පණිවුඩ එවන්නේ කවුරුන්දැයි සිතා ගැනීමට බැරිව ඇය දැඩි ලෙස බියටත් කම්පාවටත් පත්වූවාය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක්‌වරම කරන්නේ කුමක්‌ද කියා ඇයට සිතා ගැනීමට පවා නොහැකි වූවාය. පසුව ඇය මෙම සිද්ධිය තම දෙමාපියන්ට පැවසුවාය. ඉන්පසු ඔවුන් කළේ මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමයි.

ඉන්පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කළේය. එහිදී ඔවුන් එම තරුණියට කෙටි පණිවුඩ එවූ ෆේස්‌බුක්‌ ගිණුම හිමි අය සමග ෆේස්‌බුක්‌ හරහා උපක්‍රමශීලීව යහළු විය. ඒ අනුව පොලිස්‌ උපාය දූතයන්ට මොහුගේ දුරකථන අංකයද ඉක්‌මණින්ම ලබා ගැනීමට හැකි විය.

ඉන් පසු මොහුට සැක නොසිතෙන අයුරින් කාන්තා පොලිස්‌ නිලධාරිනියක්‌ නිතරම ජංගම දුරකථනයෙන් මෙම තරුණයා සමග තොරතුරු හුවමාරු කරගත්තේය. අවසානයේ ඔවුන් දෙදෙනා හමුවීමට දිනයක්‌ සහ ස්‌ථානයක්‌ යොදා ගත්තේය. ඒ අනුව සැකකරු අදාළ ස්‌ථානයට පැමිණි පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළේය.

එහිදී අනාවරණය වූයේ මෙම සැකකරු කලක සිට ෆේස්‌බුක්‌ සමාජ වෙබ් අඩවිය හරහා පාසල් සිසුවියන් රවටා අතවර කර නිරුවත් ඡායාරූප ලබාගෙන ඇති බවයි.

සැකකාර තරුණයා පානදුර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි. මොහු අධ්‍යාපනය හදාරා ඇත්තේ අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්‌වා පමණි. පවුලේ එකම පිරිමි ළමයා වන්නේද මොහුය.

සැකකාර තරුණයාට ඔහුගේ පියා වයස අවුරුදු 17 දී රුපියල් 60,000 ක්‌ පමණ වටිනා ජංගම දුරකථනයක්‌ ලබාදී තිබේ. ඉන්පසු මෙම සැකකරු ලැප්ටොප් පරිගණකයක්‌ ඉල්ලූ පසු ඉඩමක්‌ විකුණා ලබාගත් මුදලින් කොටසක්‌ වියදම් කර සැකකරුගේ පියා වටිනා ලැප්ටොප් පරිගණකයක්‌ද මිලදී ගෙන දී තිබේ.

ඉන්පසු සැකකරු දවසේ වැඩිපුරම කාලයක්‌ වෙන්කර ඇත්තේ අන්තර්ජාලයේ සැරිසැරීමටයි. ඒ අනුව මොහු ෆේස්‌බුක්‌ සමාජ වෙබ් අඩවිය හරහා පාසල් සිසුවියන් රවටා ඔවුන් සමග යහළුවී තිබේ. පසුව මෙම සැකකරු එම පාසල් ශිෂ්‍යාවන්ව ලැගුම්හල් වෙත රැගෙන ගොස්‌ ඔවුන් සමග ලිංගිකව සම්බන්ධකම් පවත්වා ඒවා ඡායාරූප ගතකොට තිබේ. ඇතැම් පාසල් සිසුවියන්ගේ නිල ඇඳුම් පිටින්ම ඔහු ඡායාරූප ලබාගෙන තිබේ.

සැකකරු ළඟ තිබූ දත්ත රඳවනයේ (පෙන් ඩ්‍රයිව්) කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසල් කිහිපයක ශිෂ්‍යාවන් හත් දෙනකුගේ නිරුවත් පිංතූර හා අසභ්‍ය දර්ශන තිබී ඇත. මොහු මෙලෙස මේවා ළඟ තබාගෙන ඇත්තේ එම සිසුවියන්ව නැවත බියගන්වා තමන්ට අවශ්‍ය දේවල් ඔවුන්ගෙන් ලබා ගැනීම සඳහායි.

මෙම සැකකරු එම සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප ගත්තේ හොර රහසේද යන්න පිළිබඳව සොයා බැලීමටද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ සිදුකරයි. එම ඡායාරූපවල පෙනී සිටින සිසුවියන්ගේ නිල ඇඳුම්වලින් ඔවුන් හඳුනා ගැනීමටද කටයුතු කරන බව පොලිසිය පවසයි.

අධිකරණය වෙත සැකකාර තරුණයාව ඉදිරිපත් කළ අවස්‌ථාවේ මහෙස්‌ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම සිද්ධිය සුළුවෙන් තැකිය හැකි සිද්ධියක්‌ නොවන බවටයි. ඒ අනුව මේ පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙසත් ඔහු එම පොලිස්‌ නිලධාරීන්ට නියෝග කර තිබේ. සැකකාර තරුණයාව ලබන 29 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.

ෆේස්‌බුක්‌ සමාජ වෙබ් අඩවිය භාවිත කරන තරුණ තරුණියන් සම්බන්ධයෙන් මාපියන් විශේෂ සැලකිල්ලක්‌ දැක්‌විය යුතුය. ඒ වගේම මුහුණු පොතින් හඳුනා ගන්නා නාඳුනන පුද්ගලයන්ටද තොරතුරු දීමේදී ප්‍රවේශම් විය යුතුය. මිතුරු වෙසින් වංචනිකයන්, අපරාධකාරයන්, කාම අපරාධකරුවන් සිටිය හැකියි. ඒ නිසා ඔවුන්ගෙන් ප්‍රවේශම්වීමට අප වගබලා ගත යුතුයි.

ගයාන් සමරසිංහ

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive