facebook like

එකට මැරෙන්නට ගොස් දුම්රිය දැක තරුණිය දුවයි

දුම්රියකට පැන මියයන්නට තැත්කල අහංගම ප්‍රදේශයේ යුවලකගේ ජීවිතය අනූනවයෙන් බේරුණු පුවතක් වාර්තා වේ. මෙසේ ඔවුන් බේරී ඇත්තේ එම අවස්ථාවේදී කාන්තාව දුම්රිය මගෙන් ඉවත්වීම නිසාය.

එක්දරු මවක හා තිදරු පියෙකු වන මොවුන් දෙදෙනා කලක පටන් අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔවුන්ගේ නිවෙස් වලින් හා සමාජයෙන්‍ දෙදෙනාට එක්වන්නට, එකම වහලක් යටට එන්නට නොහැකි වීම හේතුකොට ගෙන මේ ආකාරයෙන් දිවිනසාගන්නට තීරණය කොට ඇත.

ඒ අනුව උදෑසනම අහංගම දුම්රිය ස්ථානයට ගොස් ඇති මේ යුවල එහි හඬමින් වැළපෙමින් සිට ඇති අතර ගාලු කුමාරී දුම්රිය එනු දැක එයට පනින්නට සිතාගෙන දෙදෙනාම රේල් පාර වෙත දිවගොස් ඇත.


කෙසේ නමුත් දුම්රිය ඔවුන් අසලටම එනතෙක් එකට දෑත් අල්ලාගෙන සිටියත් ක්ෂණිකව ඇති වූ ජීවිතය පිළිබඳවු ආශාව නිසා අදලා තරුණිය රේල් පාරෙන් ඉවතට පැන ඇත. කෙසේ නමුත් තරුණයා දුම්රිය මගේ මැද දිගා වී ඇති අතර එම නිසා ඔහුට කිසිදු හානියක්ද වී නොමැත.

දුම්රියේ රියදුරුද මෙම සිදුවීම දැක ඇති නමුත් ඔහුට එම අවස්ථාවේදී දුම්රිය නතර කරගැනීමට හැකියාවක් ලැබී නැති අතර තරුණයා පසුකර යාමෙන් පසු දුම්රිය නවතා ඇත.

කෙසේ නමුත් දුම්රියේ සිටි පුද්ගලයන් හා ප්‍රදේශවාසීන්ද දිවගොස් ඇත්තේ තරුණයාගේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත්හැරගනිමිනි. සියලු දෙනාම විශ්මයට පත්කරමින් තරුණයා රේල් පාර මැදින් නැගිට ඇති අතර ඔහුට සුලු සීරීම් තුවාල පමණක් සිදුව ඇත. ඔහු දුම්රිය මගේ හරි මැද බිම දිගා වී සිටිය නිසාවෙන් ජීවිතය බේරී ඇත.

කෙසේ නමුත් ජීවිතය පිළිබඳ ආශාවෙන් දුම්රිය එනු දැක පැණගිය කාන්තාවද පසෙකට වී හඩමින් සිට ඇති අතර කෝප වූ පිරිසක් තරුණයාට පහරදීමට ගොස් ඇත. අසල ස්ථානයේ සිටි අයගේ බැණුම් හා අවවාද කිරීම් මැද දෙදෙනාම රේල් පාරෙන් පිටව ගොස් ඇත.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive