facebook like

ජයකුමාරි අත්අඩංගුවට ගැනීමට එරෙහි කොළඹ විරෝධතා

දින දෙසීයක කාලයක් කිසිදු චෝදනාවක් නොමැතිව ත්‍රස්ත විමර්ශන අංශයේ රඳවා සිටින දේශපාලන අතුරුදහන් වීම් වලට එරෙහි ක්‍රියාධාරිනියක වන ජයකුමාරි බාලේන්ද්‍රන් නිදහස් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරීන් අද සඳුදා කොළඹ දී විරෝධතාවක් පවත්වනු ලැබීය.
කොටි සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීමට සහය දැක්වූ බවට චෝදනා කරමිනුයි ඇයව සිය දොළොස් හැවිරිදි දැරිය සමගින් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ.
කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවති එම විරෝධතාවට විරුද්ධව තවත් පිරිසක් එම ස්ථානයේම විරෝධතාවක් පවත්වනු ලැබීය.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණි විට අතුරුදහන් වූ තම පුත්‍රයා වෙනුවෙන් හඬ නැගීම ජයකුමාරි බාලේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමේ සැබෑ හේතුව බවයි විරෝධතාකරුවන් පවසන්නේ.
'රඟ දැක්වූ නාට්‍යයක්'
විරෝධතාකරුවන් තව දුරටත් කියා සිටියේ කොටි සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීමට සහය දැක්වූ බව පවසමින් ඇය අත්අඩංගුවට ගත් රජයට දින දෙසීයක් ගතවූ පසුවත් අධිකරණය ඉදිරියේ ඇයට කිසිදු චෝදනාවක් ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇති බවයි.

සංදේශයට අදහස් දැක්වූ විරෝධතාවට එක්ව සිටි එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරිය පැවසුවේ කොටි සංවිධානයට සහය දැක්වු බවට ජයකුමාරි අත්අඩංගුවට ගැනීම රජය හා ආරක්ෂක අංශ විසින් රඟ දැක්වූ
නාට්‍යයක් බවයි.
සිරිතුංග ජයසූරිය කියා සිටියේ ඇයට එරෙහිව සාක්ෂි ඇත්නම් ඇය අධිකරණයට ඉදිරිපත් කළ යුතු අතර එසේ නොකොට ඇය හිර කර තැබීම අසාධාරණ බවයි.
වෘතිය සමිති ව්‍යාපාරය නියෝජනය කරමින් ජෝසප් ස්ටාලින් සිය විරෝධය පළ කරමින් කියා සිටියේ යුද්ධය අවසන් වී ඇති අවස්ථාවක සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක නොකර ත්‍රස්ත නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බවයි.
විරෝධතාවට විරෝධතාවක්
මෙම විරෝධතාව පැවැත්වෙන අවස්ථාවේ දී ඊට නුදුරින් දේශ මාමක ජනතා ව්‍යාපාරයේ විසි දෙනෙකුට අසන්න පිරිසක් ජයකුමාරි නිදහස් නොකරන ලෙස ඉල්ලා විරෝධතාවක් පවත්වනු ලැබීය.

ඔවුන්ගේ විරෝධය අරම්භ වීමත් සමග සියයකට ආසන්න පොලිස් බට පිරිසක්ද එම ස්ථානය අසලට පැමිණ විරෝධතා ව්‍යාපාරයන් අතර සිට ගනිමින් දෙපිරිස වෙන් කරමින් ආරක්ෂාව සපයනු ලැබීය.
දේශමාමක ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු ලෙස හැඳින්වූ හිටපු යුධ හමුදා සෙබළෙකු වන පී ජී නිරෝෂණ පැවසුවේ කොටි සංවිධානයට සහය දක්වන පිරිස් ජයකුමාරි නිදහස් කර ගැනීමට උත්සහ කරන බවයි.
උතුරේ යුද්ධය නිමා වීමෙන් පසු ඇගේ පුත්‍රයා අතුරුදහන් වූ අතර ජයකුමාරි සහ ඇගේ දියණිය අතුරුදහන්වීම් පිලිබඳ ක්‍රියාධාරිනියන් ලෙස කටයුතු කරමින් සිටියහ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive