facebook like

මැලේසියාවේදී ශ්‍රී ලාංකික තරුණයා මරා කුණු ලොරියකට දමලා

සප්ප්‍රින් මියයැමට මොහොතකට පෙර 
මිතුරා විසින් ලබාගන්නාලද ඡායාරූපයක්‌ 
තම ජීවිතයට සොඳුරු ලෝකයක්‌ උදාකර ගැනීමේ අරමුණින් මැලේසියාවේ රැකියාවකට ගිය ගලේවෙල පුවක්‌පිටිය පදිංචි තරුණයකු හාම්පුතාගේ ප්‍රහාරයකට ලක්‌වී එරටදී ජීවිතයෙන් සමුගත් පුවතක්‌ වාර්තා වේ.

මෙසේ මියගොස්‌ ඇත්තේ ගලේවෙල පුවක්‌පිටිය ගමේ පදිංචිව සිටි මොහොමඩ් සප්ප්‍රින් නමැති අවුරුදු 26 ක තරුණයෙකි.

මෙම තරුණයාගේ පියා වන නාගුර් පිච්චෙයි (52) මහතා මෙසේ විස්‌තර කළේය. "මට පුතෙක්‌ හා දියණියක්‌ ඉන්නවා. දියණිය බාහිර උපාධිය සඳහා අධ්‍යාපනය ලබනවා. මම අසනීපයෙන් පෙළෙන නිසාත් දියණියගේ අධ්‍යාපන කටයුතුවලටත් මුදල් සොයා ගැනීම සඳහා මීට අවුරුදු එක හමාරකට පමණ පෙර පුතා මැලේසියාවේ රැකියාවකට ගියා. රැකියාව වූයේ වාහන සෝදා පවිත්‍ර කිරීමයි. ඔහු අවසන් වතාවට අපිට කතා කළේ 2014 මැයි 22 දාය. එදින ඔහු වැඩ අමාරුයි ණය ගෙවන්න ඕනෑ නිසා තව ටිකක්‌ ඉඳලා එනවා කියා කීවා. ඊට පසු ඔහු පසුගිය ඔක්‌තෝබර් 9 දින තෙක්‌ කතා කළේ නෑ.

මේ නිසා මම 9 දා පුතා ගැන විමසීමට කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයට ගියා. එහි නිලධාරියකුට පුතාගේ තොරතුරු කී විට ඔහු කීවේ පුතා මියගිය බවට තොරතුරු ලැබී ඇති බවයි. පසුව මා එම තොරතුරු අපේ පවුලේ අයට දන්වා ඔවුන්ද කොළඹ ගෙන්වා ගත්තා. ඒ අනුව අමාත්‍යාංශයේ පරිගණක යන්ත්‍රයකින් පුතාගේ ඡායාරූපය හඳුනා ගත්තා. ඊට පසු මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හසන් නමැති අයගෙන් පුතාගේ විස්‌තර දැන ගත්තා. එහිදී පුතා සමග එම වැඩ පළේ සේවය කළ ලංකාවෙන් ගිය සිංහල තරුණයෙකුගේ විස්‌තර දුන්නා. ඒ අනුව අපි ආපසු නිවසට ඇවිත් එම තරුණයාගේ දුරකථනයට ඇමතුමක්‌ දුන්නා. පසුව ඔහු සිය මව්පියන් සමග අප හමුවීමට පැමිණ සියලු විස්‌තර කීවා.

ඒ අනුව ඔහු හා මියගිය පුතා සප්ප්‍රින් මැලේසියාවේ සාලාම් පිඩම්ජාවා සෙක්‌සන් 17 ප්‍රදේශයේ පිහිටි අල්ක්‍රිෂ්ණන් නමැති අයගේ සර්විස්‌ ස්‌ටේෂන් එකක වැඩ කරන අතරතුර වාහනයක්‌ පස්‌සට ගැනීමේදී එය බිත්තියක ගැටී පුතා අතින් රුපියල් 20000 ක අලාභයක්‌ වූ බව කීවා. එහිදී එහි අයිතිකරු අල්ක්‍රිෂ්ණන් නමැත්තා ඔහුගේ මිත්‍රයන් සමග එක්‌ව ආහාර පාන පවා නොදී දින කිහිපයක්‌ තිස්‌සේ පුතාට අමානුෂිකව පහර දුන් බව පැවසුවා. මේ සිදුවීම් සිදුවී ඇත්තේ පසුගිය මැයි 22 ත් 28 අතර කාලය තුළ බව පැවසුවා. 28 ත් දා සප්ප්‍රින් මියගිය බවත් තමන් මේ සිද්ධිය දුටු නිසා එතැනින් පැනගොස්‌ වෙනත් ස්‌ථානයක සේවය කළ බවත් ඔහු පැවසුවා. අනතුරුව සප්ප්‍රින්ට සිදුවූ අසාධාරණය ගැන මැලේසියා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පවසා පසුගිය සැප්තැම්බර් 28 වැනිදා ලංකාවට පැමිණි බවත් පැවසුවා. ඔහු එම ස්‌ථානයෙන් පැමිණීමට පෙර මියගිය සප්ප්‍රින්ගේ හා වැඩපළ අයිතිකරුගේ ඡායාරූප ලබාගෙන තානාපති කාර්යාලයට ලබාදුන් බව කීවා. වැඩිදුරටත් ඔහු පැවසුවේ මැලේසියාවේ පොලිසියෙන් මේ සිද්ධිය ගැන සාධාරණයක්‌ බලාපොරාත්තු විය නොහැකි බවයි.

සප්ප්‍රින්ගේ පියා වැඩිදුරටත් කීවේ මේ සිද්ධිය ගැන වැඩ පළේ අයිතිකරු හා මළ මිනිය රැගෙන ගිය කුණු ලොරියේ අයිතිකරු පොලිසියට පාපොච්චාරණයක්‌ කර ඇති බවට දැනගන්නට ලැබී ඇති බවයි. මේ සිද්ධිය ගැන දන්නා සාක්‌ෂිකරුගේ අනන්‍යතාවය ඔහුගේ ආරක්‌ෂාව පතා අනාවරණය නොකරන බව නාගුර් පිච්චෙයි මහතා පැවැසීය.

අපේ එකම ආරක්‍ෂකයාත් අපට අහිමි වුණා. රුපියල් 20000 ක දඬුවම මරණයද? මගේ පුතා අලාභයකට වැටුප් ද නොදී මරා දැමීමට තරම් කළ වරද මේකද?අපට සාධාරණය ඉටුකර දෙන මෙන් ඉල්ලනවා යෑයි ඒ මහතා සිය බිරිඳ වන පවුසුල් ඉනායා සමග (50) හඬා වැළපෙමින් පැවැසීය. තමාගේ අධ්‍යාපනයට මුදල් සොයා විදෙස්‌ රැකියාව ට ගිය එකම සොයුරාගේ අකල් වියොවින් සප්ප්‍රින්ගේ නැඟණිය කිසිවක්‌ ප්‍රකාශ කර නොහැකිව බලාගත්වනම බලා සිටි අයුරු දකින කාගේත් හදවත කම්පාවට පත් වූවාට සැකයක්‌ නැත.

සොඳුරු හෙටක්‌ සොයා විදෙස්‌ ගතවූ සප්ප්‍රින්ට අවසානයේදී සිදු වී ඇත්තේ අමානුෂික වද වේදනා විඳ පවුලේ අයට බලාපොරොත්තු පමණක්‌ ඉතිරි කර දී අකාලයේ මියයැමය. එතැනින් නොනැවතී ඔහුගේ මෘත දේහය කුණු ලොරියක දැමීමට තරම් ම්ලේච්ඡ හිතක්‌ පපුවක්‌ නැති මෘගයන්ට දිය යුතු දඬුවම තීරණය කළ යුත්තේ අදාළ රටේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ය. රජයේ වගකීම හා යුතුකම විය යුත්තේ සප්ප්‍රින්ගේ පවුලේ උදවියට සාධාරණය ඉටුකර දීමට පියවර ගැනීමයි.

divaina -

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive