facebook like

මැලේසියාවේදී අසු වූ ශ්‍රී ලාංකික අල්කයිදා ත්‍රස්‌තයා

මැලේසියානු ත්‍රස්‌ත මර්දන බලධාරීහු මොහොමඩ් හුසේන් 
අත්අඩංගුවට ගත් අයුරු. 
මොහමඩ් හුසේන් හෙවත් මොහමඩ් සුලෙයිමන් නැමැති ශ්‍රී ලාංකිකයා ඇතුළු සිව්දෙනෙක්‌ මැලේසියාවේ කුවාලාලාම්පූර්හි කේපොත් ප්‍රදේශයේ නිවසක සිටියදී එරට ත්‍රස්‌ත මර්දන පොලිසියට අසුවිය.

පසුගිය මැයි 15 දා අත්අඩංගුවට ගනු ලැබු මෙම සිව්දෙනා ත්‍රස්‌තයන් බව වාර්තා විය. ඒ සමගම ඉන්දීය රහස්‌ පොලිසිය මොහමඩ් හුසේන් තමන්ට අවශ්‍ය කරන අයකු බව මැලේසියානු බලධාරීන්ට දන්වා ඔහුව ඉන්දියාවට පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් මැලේසියානු රජය ඔහුව ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට තීරණය කර ඇති බව දිවයිනට විශේෂයෙන් (Exclusivc) වාර්තා වී ඇත. මේ මොහමඩ් හුසේන් කවුද?

තමිල්නාඩුවේ ඇමරිකානු සහ ඊශ්‍රායල් තානාපති කාර්යාලවලට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමේ ප්‍රධාන ක්‍රියාකාරියකු ලෙස ඔහු ක්‍රියා කළේය.

විදේශ බුද්ධි සේවාවන් විසින් මොහමඩ් සුලෙයිමන් සහ තවත් ශ්‍රී ලාංකිකයකු වූ මොහමඩ් කීර්ව එකී ත්‍රස්‌ත ප්‍රහාරයට යොදවා ගෙන තිබුණි.

මොහමඩ් සුලෙයිමන්ව ඉන්දියාවට ගෙන්වාගෙන ප්‍රශ්න කිරීමට ඉන්දීය බලධාරීන් සූදානම් වී ජාත්‍යන්තර පොලිසිය ලවා රතුවරෙන්තුවක්‌ද ප්‍රකාශයට පත් කර තිබිණි.

එහෙත් මැලේසියානු බලධාරීහු මොහමඩ් හුසේන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට තීරණය කරනු ලැබීය. මොහුව බේරා ගැනීමට මැලේසියානු මානව හිමිකම් සංවිධාන දැරූ උත්සාහයද ව්‍යර්ථ විය.

ඉන්දීය රහස්‌ පොලිසිය මැලේසියානු ත්‍රස්‌තමර්දන බලධාරීන්ට දන්වනු ලැබුවේ මොහමඩ් සුලෙයිමන්ට පැවරී තිබූ රාජකාරිය මාලදිවයිනේ සිට මරාගෙන මැරෙන බෝම්බ කරුවන් දෙදෙනෙකු ශ්‍රී ලංකාවේ උතුරට ගෙන වූත් බැංගලෝරය වෙත මුහුදින් ප්‍රවාහනය කිරීම බවයි. එහෙත් සකීර් මොහොමඩ් නැමැත්තා චෙන්නායි නුවරදී බුද්ධි අංශවලට අසුවීමෙන් පසු සැලසුම වැරදුනි. ඒ වන විට මොහොමඩ් හුසේන් හෙවත් සුලෙයිමන් මැලේසියාවට පැන ගොස්‌ තිබූ බව වාර්තා විය. මැලේසියාවේ සැඟවී සිටි ත්‍රස්‌තයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදී මොහාමඩ් හුසේන්ද අසු විය. තමා රෙදි වෙළෙඳාම් කරන ව්‍යාපාරිකයෙකු බව මැලේසියානු බලධාරීන්ට පැවසූවත් ජාත්‍යන්තර පොලිසියේ ඕනෑ කරන ත්‍රස්‌තයන්ගේ ලැයිස්‌තුව තුළින් ඔහු කවුදැයි අනාවරණය විය. මෙම මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනාව යොදවා ගත් විදේශීය බුද්ධි සේවාවට අදාළ නිලධාරියා කොළඹ තානාපති කාර්යාලයක සේවය කළ අතර පසුව ඔහු මෙරටින් පිවට ගියේය. මෙකී ත්‍රස්‌ත ප්‍රහාර සැලැස්‌මට සම්බන්ධ සකීර් මොහොමඩ්ගේ ලැප්ටොප් පරිගණකයේ බැංගලෝර් සහ චෙන්නායිහි ඇමරිකානු හා ඊශ්‍රායල් කොන්සල් කාර්යාලවල ඡායාරූප සහ ඊට පිවිසෙන මාර්ගද සඳහන් වී තිබිණි. එසේම ඉන්දීය බලධාරීන් මෙම මොහොමඩ් හුසේන් නැමැත්තා මිනිසුන් විදේශගත කිරීමේ ජාවාරමක්‌ යෙදී සිටි බවද සොයා ගෙන තිබිණි. මෙකී ත්‍රස්‌ත ප්‍රහාරයට මැරී-හෝල් ඔපරේෂන් යෑයි නම් කර තිබිණි.

කීර්ති වර්ණකුලසූරිය

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive