රුසියා ජනාධිපති පුටින්ට හට පා පහරක් එල්ල කොට පාදයක් කැඩූ අඩනිරුවත් කාන්තාවක් පිළිබඳ තොරතුරක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සිදුවීමට හේතුකොටගෙන පසුගියදා පැරීසියේ ඉහළ අධිකරණයකින් යුරෝ 1500ක දඩයක් අදාල කාන්තාවන්ට ගෙවීමට සිදුවී ඇති බවත් වාර්තාවේ.
පැරීසියේ පිහිටි සුප්‍රසිද්ධ ස්ථානයක් වන ග්‍රාවින් කෞතුකාගාරය යනු විදේශකයින්ගේ සිත් ඇදගත් ස්ථානයකි. එහි ලෝකප්‍රකට චරිතයන්ගේ ප්‍රතිමා නැරඹීමට ලොව නන්දෙසින් පිරිස් පැමිණේ. ජෝන් එෆ් කෙනඩි, නෙල්සන් මැන්ඩෙලා, මහත්මා ගාන්ධි, මයිකල් ජැක්සන්, ජෝන් ලෙනන් , යන ලෝක ජන නායකයෝ ඒ අතර වේ.
මේ අතරට රුසියානු ජනාධිපති පුටින්ගේ පිළිරුවක් පසුගිය වසරේ ස්ථාපිත විය. කෙසේ නමුත් ප්‍රංශය මූලික කොට ක්‍රියාත්මක වන අඩනිරුවත් කාන්තාවන්ගේ හඬ නම්වන කාන්තා සංවිධානය විසින් ජුනි 25 වැනිදා ඉහත කෞතුකාගාරයට ඇතුල්විය.
මෙම කාන්තාවන් පුටින් ඒකාධිපතියා යැයි කෑමොර දෙමින් ඔහුගේ ප්‍රතිමාවට පා පහරවල් කිහිපයක් එල්ල කිරීමට පටන්ගත්තේය. මේ හේතුව නිසා පුටින් ප්‍රතිමාවේ පාදයක් කැඩී ප්‍රතිමාව අබලන් තත්වයට පත්විය.






0 comments:
Post a Comment