facebook like

ජයලලිතා නිසා 16 දෙනෙක්‌ මරුට

කර්නාටක ප්‍රාන්තයේ අග්‍රහාරා හි පිහිටි මධ්‍යම බන්ධනාගාරයේ අධිආරක්‍ෂිත ප්‍රභූ සිරකරුවන් සඳහා වෙන් කර ඇති 23 වැනි සිරමැදිරිය හිටපු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම්ට ලබා දී ඇත.

ඇය නීතිය ඉදිරියේ වරදකාරියක්‌ වී ඇති නිසා ඇයට සුදු සාරියක්‌ බන්ධනාගාර අධිකාරිය මගින් ලබා දී ඇත.

ජයලලිතා මහත්මියගේ සිර මැදිරිය ඇඳක්‌, විදුලි පංකාවක්‌ හා වෙනම නාන කාමරයක්‌ ඇත.

රාත්‍රි ආහාරය සඳහා බත් හා චපාති ලබාදුන්න ද ඒවා ප්‍රතික්‍ෂේප කර ඇති ඇය රාත්‍රි වේල සඳහා පලතුරු අවශ්‍ය බව දන්වා තිබේ.

ඇයට ලබා දී ඇති සිරකරු අංකය වන්නේ 7402 වේ.

මෙම ප්‍රභූ සිර මැදිරිවල මීට පෙර හිටපු මහ ඇමැති බී. එස්‌. යෙඩ්ඩියුරප්පා සිය දඬුවම් කාලය ගෙවනතුරු කල් ගෙවා ඇත.

තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් හට බැංගලෝරයේ විශේෂ අධිකරණයකින් සිවු අවුරුදු සිරදඬුවමක්‌ ලැබුණු පුවත සැලවීමත් සමඟම ශෝකයට පත් තමිල්නාඩු ප්‍රාන්ත වැසියන් 16 දෙනකු ඊයේ (29 දා) වන විට සිය දිවි නසා ගැනීමෙන් හා හෘදයාබාධයන්ට ලක්‌වීමෙන් මිය ගොස්‌ තිබූ බව "ටයිම්ස්‌ ඔµa ඉන්ඩියා" පුවත්පත සඳහන් කරයි.

තම සිරුරට ගිනි තබා ගෙන සිය දිවි නසා ගැනීමට තැත් කළ තවත් දෙදෙනකු තදබල පිලිස්‌සුම් තුවාල සහිතව රෝaහල්ගත කර ඇති බවද එම පුවත්පත් වාර්තා සඳහන් කර සිටී.

මෙසේ තමිල්නාඩුවේ හිටපු මහ ඇමැතිනියට සිරදඬුවම් ලබා දීම මත හටගත් ශෝකයෙන් සිය දිවි නසා ගත් අය අතර හිටපු මහ ඇමැතිනියගේ සමස්‌ත ඉන්දීය අන්න ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්‍ෂයේ (ඒ අයි ඒ ඩී එම් කේ) ආධාරකරුවන්ද වන අතර ඔවුන්ගෙන් තිදෙනෙකු එල්ලී මිය ගොස්‌ තිබේ. තවත් ශෝකයට පත් පුද්ගලයෙකු සිරුරට ගිනි තබාගෙනද, තවත් අයෙකු ධාවනය වෙමින් තිබූ බසයකට පැනීමෙන්ද වෙනත් අයෙකු වස පානය කිරීමෙන්ද මිය ගොස්‌ ඇත.

තවත් දස දෙනකු සිරදඬුවම් පුවත ඇසීමෙන් ලද තදබල කම්පනය මත හෘදයාබාධයන්ට ලක්‌වී මිය ගොස්‌ තිබේ.

දොළොස්‌වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 17 හැවිරිදි පාසල් සිසුවියක්‌ හා තවත් අයෙකු සිරුරට ගිනි තබා ගැනීමෙන් හට ගත් බරපතළ පිලිස්‌සුම් තුවාල මත රෝහල්ගත කරනු ලැබ ඇති බවද වාර්තා වේ. මොවුන් අතුරින් ගිනි තබා ගත් පාසැල් සිසුවියගේ සිරුරෙන් සියයට 80ක්‌ම පිලිස්‌සී ගොස්‌ ඇති අතර අනෙක්‌ පුද්ගලයාගේ සිරුරෙන් සියයට 65 ක්‌ම පිලිස්‌සී ගොස්‌ ඇති බව රෝහල් වෛද්‍යවරු ප්‍රකාශ කර තිබේ.

තිරුපූර් ප්‍රදේශයේ පුද්ගලයෙකු ජයලලිතාට ලැබුණු සිරදඬුවම පිළිබඳ ඇසීමෙන් පසු ඔහුගේ අතක සුළැඟිල්ල ආයුධයකින් කපා ගෙන තිබේ.

මෙම සිය දිවි නසා ගැනීම් හා මරණ පිළිබඳව සිය අදහස්‌ දක්‌වා ඇති ජයලලිතා ජයරාම් නායකත්වය ලබාදුන් ඒ අයි ඒ ඩී එම් කේ පක්‍ෂයේ කාන්තා අංශයේ නියෝජ්‍ය ලේකම්වරිය වන සී. ආර්. සරස්‌වතී ප්‍රකාශ ප්‍රකාශ කර ඇත්තේ මෙම සියදිවිනසා ගැනීම් හා මරණවලින් තමිල්නාඩු ජනතාව ජයලලිතා සමග බෙදා හදාගත් සබඳතාවය පෙන්නුම් කරන බවයි. ප්‍රාන්තයේ සැවොම ඇය තම මව ලෙස දකින බවද සරස්‌වතී සඳහන් කර තිබේ.

ඉන්දීය රුපියල් කෝටි 66.65 ක පෞද්ගලික වත්කම් පිළිබඳ හෙළිදරව් නොකිරීමේ වරදට බැංගලෝරයේ විශේෂ අධිකරණයක්‌ මගින් තමිල්නාඩුවේ හිටපු මහ ඇමැතිනි ජයලලිතා හට ඉකුත් සෙනසුරාදා සිවු අවුරුදු සිරදඬුවමක්‌ ලබා දුන්නේය.

සිංහලට සකස්‌ කළේ ඒමන්ති මාරඹේ

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive