facebook like

ජීවත් වෙන්න ලිංගිකත්වය අත්‍යාවශ්‍යයි - බිපාෂා බාසු

බිපාෂා බාසු - ලෝකය ඇයව හඳුන්වන්නේ අංක එකේ සරාගී නිළියක හැටියටයි. ෆිල්ම් ෆෙයාර් සඟරාව ඇය සමග කළ සංවාද සටහනක් මේ.

ඔබේ රංගන ජීවිතයේ උච්ඡතම රංගනයන් මොනවද?
මම කරන හැම රංගනයක්ම උනන්දුවෙන් කරනවා. එහෙම කිසිම විශේෂයක් නැහැ. ප්‍රේක්ෂකයොත් එදා වගේම හෙටත් මගේ රංගනයන් අගයාවි කියලා මං බලා‍පොරොත්තු වෙනවා.

ඕපදූප ඔබව රිදවනවද?
අ‍පොයි නෑ. ඒ කතා හදන්නේ මට හිතවත් නැති සමීප නැති අය. ඉතින් ඇයි මං ඒවට හිත රිද්ද ගන්නේ.

ජීවිතේ යම් යම් තීරණ ගැන ඔබ පසුතැවිලි වෙනවද?
නැහැ. ජීවිතේ කියන්නේ ඉවර නොවන පාඩමක්. අත්වැරදීම්වලින් මිනිස්සු ඉගෙන ගන්නවා. ලෝකේ කවුරුත් දේව ආත්ම ‍නෙවෙයි. අත්වැරදීම්වලින් මං ඒ බව ඉගෙන ගත්තා.

බිපාෂා ප්‍රේමණීය කෙනෙක්ද?
ඔව්. මං හරි රොමෑන්ටික් කෙනෙක්.

ආදරයේදී ඔබ ඒකාධිපතිද?
හැම වෙලාවෙම නැහැ.

ඔහුත් ඒකාධිපතියෙක් වුණොත්?
ඒක සම කරගන්න වෙනවා.

ජීවිතේ මුහුණ දුන් දරුණුම ප්‍රතික්ෂේප වීම මොකක්ද?
මං හිතන්නේ නෑ කවුරුවත් මාව ප්‍රතික්ෂේප කළැයි කියලා.

ගැහැනු ළමුන්ගෙන් සමලිංගික ආරාධනා ලැබිලා නැද්ද?
අ‍පෝ මේ කට්ටිය අහන ප්‍රශ්න

උත්තර දෙන්න අකැමැතිද?
එක වතාවක් එහෙම වුණා. නිව්යෝක්වල ඉන්න වේෂ නිරූපණ ශිල්පිණියක් වන කැරි හියු වැලන්ටයින් දවසක මට දියමන්ති පෙන්ඩන්ට් එකක් දුන්නා. මං ඒක අරගත්තා.

මේ දිනවල ඔබට පෙම්වතෙක් නැහැ නේද?
අනේ මන්දා. උත්තර දෙන්න අමාරුයි.

ඉස්සර නම් ඔබ ප්‍රේම සබඳතා ගැන විවෘතව කතා කළා?
එහෙම තමයි. මිනිස්සු වෙනස් වෙන්න එපැයි. මගේ වෙනස්වීම් ගැන ඔයාලා කරදර වෙන්න එපා.

ආපසු නළුවකුට ආදරේ කරන්න පුළුවන්ද?
පුළුවනි. මං වගේ ශක්තිමත් ගෑනියකට මොනවද කරන්න බැරි. කොහොමත් නිළියක තේරුම් ගන්න නළුවෙක්ට ගොඩක් ‍ලේසියි.

ඔබේ ජීවන අරමුණ මොකක්ද?
හිනා වෙන්න ජීවත්වීම

ආදරය කියන්නේ මොකක්ද?
මගේ මුළු ජීවිතේම ආදරේ තමයි. මං ජීවත් වෙන්නේ ආදරය කරන්නයි.

එතකොට ලිංගික ජීවිතය?
ලිංගිකත්වය ඉතාම වටිනා දෙයක්. ජීවිතයට අත්‍යවශ්‍යම දෙයක්.

ප්ලාස්ටික් සැත්කම් ගැන මොකද හිතන්නේ?
දෙවියන්ගේ නියමය අනුව අපි වයසට යනවා ලෝකේ කාට හැඟුවත් ඒ බව තමන්ට හංගන්න බැහැ. ඒ නිසා මම නම් ඒවා කරන්නේ පරිස්සමින්.

කැමැතිම කෑම?
ඉන්දියන් පැණි රහ සේරටම මං කෑදරයි. විශේෂයෙන්ම ලඩ්ඩුවලට වැඩිපුර ආසයි.

ලෝකයේ බයම දේ මොකක්ද?
හොල්මන් සහ අවතාර හොල්මන්. චිත්‍රපටවල රඟපෑවට මම නම් බයම දේ කළුවර සහ අන්ධකාරය තමයි.

දුරකථනයට කොයිතරම් ඇබ්බැහි වෙලාද?
නෑ. එහෙම වෙලා නැහැ. මං ඒක අතට ගන්නේත් කලාතුරකින්.
කුමරිනී ප්‍රතාපසිංහ

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive