facebook like

බෝ මළුවේදී අනියම් සැමියාගේ මන්න පහරින් අනියම් බිරිඳ මරුදකී (වීඩියෝ සහිතයි)

පානදුර නගරයේ පිහිටි රන්කොත් විහාරස්ථානයේ බෝමළුවේදී අනියම් සැමියා විසින් එල්ල කළ මන්නා පහරකින් අනියම් බිරිඳ ඝාතනයට ලක්වීමේ පුවතක් ඊයේ (10) පස්වරුවේ වාර්තා වුණා. මීට පෙර විවාහකයන් වූ ඔවුන් දෙදෙනාම දික්කසාදය ලබා නොගෙන වසර 15 ක් පමණ පානදුර - කෙසෙල්වත්ත - ගොරකාපොල ප‍්‍රදේශයේ නිවසක ජීවත් වී ඇති බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ.

සිද්ධියෙන් මියගිය 45 හැවිරිදි කාන්තාවට පළමු විවාහයෙන් 21 හැවිරිදි දියණියක්ද සිටිනවා. ඝාතනය සිදුකළ 58 හැවිරිදි ඇගේ අනියම් සැමියාටද 29 හැවිරිදි දියණියක් සිටින බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වුණා.


කෙසේ වෙතත්, පවුල් ආරවුලක් හේතුවෙන් මාස 06 ක පමණ කාලයක් මොවුන් වෙන්ව ජීවත්ව ඇති අතර, කෙසෙල්වත්ත - ගොරකාපොල ප‍්‍රදේශයේ ඉඩමේ ඔප්පුව ඔවුන් දෙදෙනාගේම හිමිකාරීත්වයට යටත්ව ලියා ඇති බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. එම ඉඩමේ හිමිකාරීත්වය සම්පූර්ණයෙන්ම ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම සඳහා රන්කොත් විහාරයට පැමිණෙන ලෙස ඝාතනය සිදුකළ පුද්ගලයා මෙම කාන්තාවට දන්වා ඇති අතර, ඒ අනුව ඇය එහි පැමිණ තිබුණේ තම දියණියද සමඟයි.

එම අවස්ථාවේදී දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව ඇති බවත්, අනතුරුව අදාළ පුද්ගලයා මෙම කාන්තාවට මන්නයකින් පහර දී ඝාතනය කර ඇති බවත් වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. ඔහුගේ මන්නා පහරින් මියගිය කාන්තාවගේ දියණියද තුවාල ලබා මේ වනවිට පානදුර රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive