facebook like

චීන හිඟන්නන් තිරිසන් වැඩක් කරයි

අත්පා අහිමි වීම ‘‘වෙළඳ‘‘ භාණ්ඩයක් කරගෙන සිඟමනේ යෙදීමෙන් තවදුරටත් මිනිසුන් රැවටීමට නොහැකි තැන බලෙන්ම අත්පා  කපා දැමු සතුන්, පෙන්වමින් ඔවුන් සුවපත් කිරීමටැයි සිඟමනේ යෙදීම චීන යාචකයින්ගේ අලූත් කලාව වී තිබේ.
පසුගිය දිනෙක ෂුස්හු නගරයේ මෙවැනි සිදුවීමක් දැකගත හැකිවූ අතර පසුපස පාද වල කුර අහිමි ඔටුවෙකු ළඟ තබාගෙන සිටි යාචකයින් දෙදෙනෙක් තම සුරතලා සුවපත් කර ගැනීම සදහා මග එන යන්නවුන්ගෙන් මුදල් ඉල්ලමින් සිටියෝය.
ඔටුවාගේ කුර හදිසි අනතුරකින් අහිමිවූ බව ඔවුන් පැවසූවද ඒවා කපා දමා ඇති සෙයක් පෙනෙන්නට තිබුණි.
අසරණ සතා තමන්ගේ දුක කියාගත නොහැකිව බුද්ධියෙන් උසස් යැයි සැළකෙන සත්ත්වයා වන මිනිසාගේ බසට අවනතව ඔවුන් සේම බිම දිගාවී සිටියේය.
මග සිටියෝ ඔවුන්ට මුදල් යහමින් ලබා දුන්හ. මෙසේ විශාල වශයෙන් මුදල් උපයාගැනීමට හැකි නිසා දැන් බොහෝ චීන යාචකයින් ඔවුන් අතින්ම හිංසා කරන ලද සතුන් පෙන්වමින් සිඟමන් යදින වාතාවරණයක් ඇතිවෙමින් තිබෙන බව සත්ත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනා සංවිධානයන් පවසයි.
චීන නීති පද්ධතියේ සත්ත්ව හිංසාවට එරෙහි නීතියක් නොමැති වීම ඔවුන්ගේම වාසියට හේතුවී ඇතැයිද ඔවුන් කියයි.
පොලිසියද පවසන්නේ මෙවන් පුද්ගලයින්ට නීතිය කි‍්‍රයාත්මක කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවයි.සිඟමනේ යෙදුණේයැයි දඩයක් පැමිණවීම මිස ඊට වඩා වැඩි දෙයක් කිරීමට ඉඩක් නැති බව ඔවුන් කියයි.





0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive