facebook like

ජයලලිතාට ඇප නැ......රසකැවිලි කා ජනතාව නැවත උද්ඝෝෂණ

Add caption
තමිල්නාඩු හිටපු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම්ට ඇප ලබාදීම කර්ණාටක මහාධිකරණය ඊයේ (7 දා) ප්‍රතික්‌ෂේප කළේය.

දැඩි ආරක්‌ෂක විධිවිධාන යටතේ ඊයේ කර්ණාටක මහාධිකරණය ජයලලිතා ජෙයරාම්ගේ ඇප අයෑදුම්පත විභාගයට ගන්නා ලදී. බැංගලෝර් විශේෂ අධිකරණය ඉකුත් සැප්තැම්බර් 27 වැනිදා ජයලලිතා ජෙයරාම්ට වසර 04 ක සිර දඬුවමක්‌ නියම කරනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 66 කට අධික වත්කම් ප්‍රමාණයක්‌ නීත්‍යානුකූල නොවන අන්දමින් උපයා ගැනීමේ චෝදනා මතය.

වසර හතරක සිර දඬුවමට අමතරව ජයලලිතාට ඉන්දීය රුපියල් කෝටි සියයක දඩයක්‌ද නියම කරනු ලැබිණි.

මෙම නඩු විභාගය මහාධිකරණ විනිසුරු ඒ. වී. චන්ද්‍රශේඛරාගේ ප්‍රධානත්වයෙන් විභාගයට ගන්නා ලදී.

ජයලලිතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාම් ජෙත්මලානි ප්‍රකාශ කර සිටියේ 66 හැවිරිදි තම සේවාදායිකාව දියවැඩියාව, රුධිර පීඩනය සහ කොන්දේ අමාරුවෙන් පෙළෙන බැවින් සෞඛ්‍ය හේතුන් සලකා ඇයට ඇප නියම කරන ලෙසයි.

ඇප ලබාගැනීමට ඕනෑම කොන්දේසියකට යටත්වීමට සූදානම් බවද හෙතෙම ප්‍රකාශ කළේය. ජයලලිතාගේ නීතිඥයා විනාඩි 90 ක්‌ තිස්‌සේ අධිකරණය හමුවේ කරුණු දැක්‌විය.

කෙසේ නමුත් රජයේ නීතිඥ ජී. භවානි සිං හිටපු මහ ඇමැතිනියට ඇප ලබාදීමට විරුද්ධ විය. මේ අතර ඊයේ මෙම තීන්දුව දීමට ටික වේලාවකට පෙර කර්ණාටක මහාධිකරණය ජයලලිතා ජෙයරාම්ට ඇප ලබාදුන් බවට ආරංචියක්‌ පළවීම නිසා තමිල්නාඩුවේ ඇගේ ආධාරකරුවෝ මහත් උද්දාමයට පත්වුවත් නොබෝ වේලාවකින්ම එය වැරදි ආරංචියක්‌ බව හෙළිවිය.

ජයලලිතාට ඇප ලැබුණු වැරදි ආරංචියත් සමග සමහරු ඇගේ නිවස අසලදී රසකැවිලිද බෙදා දුන්හ.

පසුව ඇයට ඇප නොලැබුණු බව ආරංචි වූ විට ඔවුහු මහපාරේ වාඩිවී උද්ඝෝෂණය කරන්නට වූහ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive