facebook like

මහින්දට බැරිද? නැත්නම් බයද?

පෙරහර එන්නට කලින් කස පුපුරන ශබ්දය ඇසේ. අත්‍යවශ්‍ය බඩු මිල අඩු කිරීමෙන් ජනවාරියේ ජනාධිපතිවරණයක් එන බව දැන් සහතිකය. හැබැයි ඊයේ පෙරේදා අරක්කු මිල වැඩි වීම නම් ඡන්දයට සුබ නැත. බොන්නෝ ඡන්ද දීමෙන් වැලකී සිටියොත් ඔක්කොම හබක්ය.මහින්දට බැරිද කියා පිරිසක් ප්‍රශ්න කරන විට මහින්දට පුළුවන් යැයි පිරිසක් පම්පෝරි ගසති. දැන් රනිල් වික්‍රමසිංහත් ජනාධිපතිවරණයට සූදානම්ය. ඔහු දැනට ඡන්ද 29කින් පරාජිත සහතික ලබා ඇත. ලබන ජනාධිපතිවරණයෙන් ඔහු පරදින බව ෂුවර්ය. එවිට 30 සම්පූර්ණ වෙයි. ඡන්ද 30කින් පැරැදුණු ලොව සිටින දේශපාලන නායකයා බවට පත්වීමත් රනිල්ගේ තරමට නරක නැත.

මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට සූදානම්ය. යාපනයට යාල්දේවි ගියේ ඊට පෙරහුරුවක් වශයෙනි.
"මොකක්ද සෝම අයියා මහින්දට බැරිය කියලා මේ කට්ටියක් කියන්නේ" ඊයේ උදේ මගේ මිත්‍රයෙක් ප්‍රශ්න කළේය.
ඒ මැටි මෝල්ලුනේ. ව්‍යවස්ථාව අනුව මහින්දට තුන් සැරයක් නෙවි තුන්සිය වතාවක් වුණත් ඉල්ලන්න පුළුවන්".
"එහෙනම් අර හිටපු අග්‍රවිනිශ්චයකාරයත් කියන්නේ මහින්දට බෑ කියලා."


"ඒ ඔහුගේ නීති දැනීම තමයි ඒ. අපි මොනවා කරන්නද?"
කෙසේ වෙතත් මෙවර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට එන්නේ බිල්ලට දෙන්නට කෙනෙක් නැති නිසා විය හැකිය. ගිය පාර නම් සරත් ෆොන්සේකා බිල්ලටදී මිනිහා ඇඟ බේරා ගත්තේය. දැන් සරත් ෆොන්සේකා හම ගිය නායකයෙකි. පසුගිය පළාත් සභා ප්‍රතිඵලවලින් මිනිහාගේ සයිස් එක රටටම හෙළිවිය.
රනිල් වික්‍රමසිංහගෙන් කවදාවත් මහින්ද රාජපක්‍ෂට කරදරයක් වුණේ නැත. අනෙක රනිල් කියන්නේ මහින්දගේ ගජ මිතුරෙක්. එවැනි මිතුරෙක් කවදාවත් අරියාදු කරන්නේ නැත. ඉඳහිට ජනාධිපති සමඟ කෝපි බොන්න තිබෙනවා නම් ඊට වඩා ජොලියක් රනිල්ට නැත.
එළැඹෙන ජනවාරියේ පැවැත්වෙතැයි අපේක්‍ෂා කරන ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂට තරගයක් දීමට කෙනෙක් නැත. පොදු අපේක්‍ෂකයා ලෙස මාදුළුවාවේ සෝභිත හිමියන් ඉදිරිපත් කිරීමට සමහරු උත්සාහ කරන්නේ නිකම් ඉන්නට බැරි නිසාය. දායකයන් දෙන දානය වළ¼දා බණ භාවනාවක් නොකර සෝභිත හිමියන් දේශපාලන මඩ ගොහොරුවට පනින්න යෑම නම් දුක්මුසුය.


අද විදේශ බලවේගවලට සහ දේශීය ධනපතියන්ට අවශ්‍යව ඇත්තේ කෙසේ හෝ මහින්ද පැරැදවීමටය. ඒ සඳහා ඔවුන් නොයෙකුත් උපක්‍රම යොදන්න හොඳින් හෝ නරකින් මහින්ද පැරැදවීමට ඒ බලවේග ජනාධිපතිවරණයේදී ක්‍රියාත්මක වනු ඇත.
මහින්ද පැරැදවීමට නම් සියලු පක්‍ෂ එක්සත් විය යුතුය. අප රටේ නොවන්නේද එයයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවක් තිබේ. මෙහි සභාපති වූයේ හිටපු ගම්මුලාදෑනියෙකි. ඔහු සභාපතිකමට පත්වන්නේ නිතරගයෙනි. සභාපති රාලහාමි යැයි ප්‍රදේශවාසීහු ඔහු හඳුන්වති.


මේ ප්‍රාදේශීය සභාව සඳහා ඡන්දයක් පැවැත්වීමට විධිවිධාන යොදා තිබිණි.
මේ අතර විශ්වවිද්‍යාල උපාධිධාරියෙක්ද සටනට ආවේය. ඔහු ගුරුවරයෙකි. ඔහුගේ බිරිය සමඟ ඔහු සටනට එක් විය.
"ඔයා කළු ගලේ ඔළුව ගහගන්න හදන්නේ. ඔය දේශපාලනය ඔයාට ගැළපෙන්නේ නෑ" බොහෝදෙනා ඔහුට කීය.
"මට සුදුසුකම් තියෙනවා. සභාපති රාලහාමි පළාතට මොනවද කරලා තියෙන්නේ".
හැබැයි ප්‍රවේසමෙන්. රාලහාමි වසවර්තියා.
"හරි හරි මම ඒවා බලාගන්නම්."
සභාපති රාලහාමිද ඔහුට අනතුරු හැඟවීය. ඔහුගේ මැරයන් කිහිප දෙනෙක් පැමිණ තර්ජනය කළහ.
තමුසේ මේ ඡන්ද සටනින් ඉවත් වෙන්න ඕන. නැතිනම් කඳයි ඔළුවයි වෙන්වෙන්න පුළුවන්.
කමක් නෑ පළාතට වැඩක් කරලා මැරුණත් සැපයි".


බලමු බලමු.
ඔහුට හැම පැත්තෙන්ම තර්ජන ගලා ආවේය. එහෙත් ඔහුගේ ලස්සන බිරිය ඔහුට ලොකු ශක්තියක් විය.
ඔයා බය වෙන්න එපා ඔයා දිනනවා. ෂුවර් ඇය කීවාය.
ඔහුගේ විශ්වවිද්‍යාල සගයන් පිරිසක්ද ඔහුගේ සහායට පැමිණියහ.
දැන් ඡන්දය අත ළඟය. හැම පැත්තෙන්ම පෙනෙන්නට තිබුණේ ඔහු දිනන බවය.
ඡන්දය උදාවිය ජනතාව වැල නොකැඩී ගොස් ඡන්දය දුන්හ.
ඔහු වැඩි ඡන්ද විශාල ගණනකින් ජය ගත්තේය. සභාපති රාලහාමි යම්තම් වාගේ ඇඟ බේරා ගත්තේය.
සභාපති තෝරන දා සභාපතිගේ අයද උපාධිධාරියාට ඡන්දය දුන්හ. ඔහු ප්‍රාදේශීය සභාවේ සභාපති විය. ලැජ්ජාවට පත් වූ සභාපති රාලහාමි දේපොළ විකුණා ගම අතහැර ගියේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive