facebook like

කාන්තාවන්ගේ ඇස් වලින් කියැවෙන රහස් මෙන්න

කෙනෙකු දෙස බැලූ පමණින්ම අපේ නෙත ගැටෙන අංග ලක්‍ෂණයක්‌ වන දෙනෙත් දේහ ලක්‍ෂණ විද්‍යාවේදී ප‍්‍රමුඛ තැනක්‌ ගනී. ඇස්‌වල වර්ණය හා පිහිටීම අනුව ඔවුන්ගේ ගතිගුණ හා චරිත ලක්‍ෂණ පැවසීමට අපේ පැරණි සෘෂිවරු සමත් වූ බව පැරැණි පොත්පත්වල සඳහන් වෙයි. ඒ ආකාරයෙන් ඔබගේ දෙනෙත් වලින් කියැවෙන රහස් පිළිබඳවයි අද අපි ඔබවෙත ගෙන එන්නේ...


පියකරු පෙනුමකින් යුත් නිල් පැහැයෙන් බබලන කාන්තිමත් නෙත් යුවළක්‌ හිමි කාන්තාව සැබෑම වාසනාවන්තියකි. විවාහ දිවියේදී බොහෝ සැප සම්පත් විඳින ඇය සැමියාගේ ආදරය හා කරුණාව ද නොමඳව ලබන්නීය. දිගු කාලයක්‌ දිවි ගෙවීමේ වාසනාව ද ඇයට හිමිය.


ඇස්‌ යුවළේ කෙළවර රත් පැහැයෙන් යුක්‌තව කළු ඉංගිරියාව තද කළු පැහැයෙන් යුතු ඇස්‌ පිහාටු සමානව දෙපසේම පිහිටා ඇති කාන්තාවෝ ද වාසනාවන්තියෝ ය. කාගේත් ප‍්‍රශංසාවට ලක්‌වන ඇය තම පණ හා පතිදම් රකින්නියකි.


මුවැත්තියකගේ මෙන් නෙත් යුවළක්‌ ඇත්තී දඟකාරය. කෙළිලොල් බවක්‌ පෙන්වන්නීය. නමුත් විශ්වාසයක්‌ තැබිය හැකි නොවේ. අන් අය අතරදී තමන් පිළිබඳ වර්ණනා කිරීමට පෙළඹේ. මුදල් උපයා ගැනීමට වඩා වියදම් කිරීමට දක්‍ෂය.

යම් කාන්තාවකගේ ඇස්‌ ගිලී ගිය ස්‌වභාවයක්‌ පෙන්නුම් කෙරේ නම් රත් පැහැයට හුරු වේ නම් ඇගේ දුෂ්ට ගතිගුණ හෙළිවෙයි. තමන් ගැනම පමණක්‌ සිතන ඔවුන් අන්‍යයන්ට උදව් උපකාර කිරීමට අකැමැතිය. තම සැමියාගේ දෙමාපියන්ට හා වැඩිහිටියන් ද සැලකීමට අකමැති ඇය හැම විටම කෝපාවිෂ්ඨ වී සිටින බවක්‌ පෙන්වයි.


කළු ඉංගිරියාවත් සමග සුදු පැහැයෙන් ඇස්‌ පිහිටන්නේ වහා වෙනස්‌වන අදහස්‌ ඇති නුවණින් අඩු ස්‌ත‍්‍රීන්ටය. ඉදිරියට නෙරන ලද ඇස්‌ ඇත්තී වැන්දඹු වෙයි. තද නිල් වර්ණයෙන් යුත් ඇස්‌ ඇති අය කඩිසර ලෙස වැඩෙහි යෙදෙන තමන්ගේ යුතුකම් නොපිරිහෙලා ඉටුකරන්නෝ ය.

දුඹුරු වර්ණයෙන් යුත් ඇස්‌ ඇත්තේ නම් ඔවුන් ලාමක අදහස්‌ වලින් යුක්‌ත වන අතර සිත් ඇද ගන්නා ගුප්ත දේවල් ගැන උනන්දුවක්‌ දක්‌වන්නෝ වෙති.


  

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive