facebook like

කාන්තාව හැසිරුණේ කලහකාරී ලෙස... පරීක්‍ෂණයකට මා සූදානම්....--- රත්නපුරේ පොලිස්‌ නිලධාරියා කියන කතාව

ගැහැනු දෙදෙනකු බැණ ගත්තා. එය බේරීමට මා ගිය මොහොතේ එක ගැහැනු කෙනකු එතනින් පැනගත්තා. අනිත් ගැහැනුකෙනා ගලක්‌ අතට ගෙන මට තදින් බණින්නට පටන් ගත් නිසා මගේ අතේ තිබූ වේවැල දික්‌කර ඇය මෙල්ල කිරීමට උත්සාහ ගත්තා යෑයි රත්නපුර නගරයේදී කාන්තාවකට ප්‍රසිද්ධියේම පහරදීම සම්බන්ධව චෝදනා එල්ල වූ රත්නපුර පොලිසියේ සැරයන් ප්‍රසන්න තිසේරා මහතා දුරකථනයෙන් "දිවයින"ට පැවැසීය. ඔහු මෙසේද කීවේය.

ඇය මගේ ඇඳුමේ කොලරයෙන් අල්ලා ගත්තා.

රත්නපුර නගරයේ බස්‌ නැවතුම්පළවල් වල සිටින පාසල් දරු දැරියන් අශෝභන ලෙස හැසිරෙන අවස්‌ථාවලදී මම වේවැලක්‌ පෙන්වා එම දරු දැරියන් ඉවත් කරනවා.

පැමිණිලිකාර කාන්තාව මට බැණවැදී හැසුරුණේ කලහකාරී ලෙසයි. දැන් මගේ රැකියාව තහනම් කරලා.

මේ පිළිබඳව ඕනෑම පරීක්‍ෂණයකට මුහුණ දෙන්න මම සූදානම් යෑයි ඔහු පැවසීය.

මේ අතර මෙම කාන්තාව තමාට ප්‍රසිද්ධියේම පහරදීම පිළිබඳව මානව හිමිකම් කොමිසමට පෙත්සමක්‌ ගොනුකර ඇති අතර කෝටි පහක වන්දියක්‌ ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනු කර ඇත.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්‌ව ඇති මෙම පොලිස්‌ නිලධාරියා තමා එම කාන්තාවගේ අතට වේවැලෙන් පහර කීපයක්‌ ගැසූ බවට පොලිස්‌ ප්‍රධානීන්ට ප්‍රකාශයක්‌ දී ඇත.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive