වේයන්ගොඩ කළගෙඩිහේන ප්‍රදේශයේ පිහිටා ඇති දේවස්ථානය යාතිකාවේ යෙදෙන කාමාතුර දේවගැතිවරයෙකු පිළිබඳව හිරු CIA ඊයේ (16) දිනයේදී වාර්තාවක් ගෙන ආවා.
හිරු CIA කණ්ඩායම ලැබුණු තොරතුරක් අනුව මේ හොර කපුවාගේ දේවස්ථානයට ගොස් එහි සිදුවන සියලුම දෑ පටිගත කොට හෙළිදරව් කිරීමට හැකිවුනු අතර මෙම කපුවා එහි පැමිණෙන කාන්තාවන්ට ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ පවසා ඔවුන් මුලාකොට හෝටල් කාමර වෙත රැගෙන යාමේ කූට ව්‍යාපාරයක්ද මෙහිදී හෙලිදරව් කරගැනීමට හැකිවුනා.
තමන්ගේ ශරීරයේ විශේෂ බෙහෙත් බලයක් ඇති බවත් ඒ තුලින් කන්‍යාභාවය අහිමි වී ඇත්නම් ඔහු සමඟ එක්වීම මඟින් එය නැවත ලබාගතහැකි බවද පවසා මොහු කාන්තාවන් මුලා කරන බවයි වැඩි දුරටත් හෙලිවුනේ.
තවද මොහු විසින් යාතිකාවල යෙදෙන්නේ කාන්තාවන්ගේ ශරීරයේ රහස්‍ය ස්ථාන ස්පර්ශ කරමින් බවයි හිරු CIA හෙළිදරව්වෙන් වැඩිදුරටත් අනාවරණය වුනේ.. මොහු විසින් භාරහාර ඔප්පු කිරීමට යැයි පවසා අධික මිළ ගණන් යටතේ පුද්ගලයින් චාරිකාවන්වලට සහභාගී කරවීමේ තවත් ජාවාරමක තොරතුරුද මේ තුලින් අනාවරණය වුනා..
එම වීඩියෝව පහතින්...





0 comments:
Post a Comment