අන්තර්ජාලය ජීවිතයේ සියලූ කටයුතු සඳහා අත්‍යවශ්‍ය අංගයක් බවට පත්විම සමග ඒ හරහා සිදුකෙරෙන අපරාධ, මිනීමැරුම් ආදිය ඉහළ යෑමේ අවදානමක් ඇතැයි යුරෝපා පොලිස් කාර්යාලය පවසා තිබේ.
වැදගත් ආරක්‍ෂණ උපකරණ වලට එල්ල කෙරෙන සයිබර් ප‍්‍රහාරයක් විසින් සිදුවිය හැකි තුවාල ලැබීම් සහ මියයාම්වලට මුහුණ දීම සඳහා රජයන් දුර්වල තත්වයක පසුවන බව යුරෝපා පොලිසියේ අදහසයි.
මිනිස් මැදිහත්වීම් වැඩි වශයෙන් තාක්‍ෂණික ජාලයක් හරහා සිදුවන අනාගතය ළගා වීම සමග අපරාධ විද්‍යාවේ සුසමාදර්ශී වෙනසක් සිදුවිය යුතු බව ඔවුන්ගේ අදහසයි.
මේ වන විටත් අපරාධකරුවන් විසින් මේ තලය තුළ ප‍්‍රහාර එල්ල කිරීමේ හැකියාව වර්ධනය කරමින් සිටිය හැකි බව යුරෝපා පොලිසිය අනතුරු හගවා තිබේ.
ඇමරිකානු ආරක්‍ෂක සමාගමේ 2013 දෙසැම්බර් නිකුත් කළ වාර්තාවක් උපුටමින් අන්තර්ජාලයට සම්බන්ධ උපකරණයක් හැක් කිරීමෙන් සිදුවිය හැකි පළමු මරණය 2014 අවසානය වන විට වාර්තා වනු ඇතැයි යුරෝපා පොලිසිය විසින් පවසා ඇත.
පුද්ගලයකුගේ හදවතට සවි කළ වේග පාලන උපකරණය දුරස්ථ පාලනය හරහා හැසිරවිය හැකි බව 2008 වන විට පර්යේෂණ කණ්ඩායමක් විසින් තහවුරු කරනු ලැබ තිබේ.
හිටපු උප ජනාධිපති ඩික් චෙනී 2013 ඔක්තෝබරයේදී රෝහල්ගත කළ පසු තම හදවත් පාලකයට එල්ලවූ ප‍්‍රහාරයක්ද යන්න පිළිබඳව ඔහු විසින් සැක පහළ කළ බව පැවසේ.
ඇමරිකානු මාධ්‍යවේදී මයිකල් හේස්ටින්ස්ට මරු කැඳවූ රිය අනතුරද සයිබර් ප‍්‍රහාරයකින් සිදුවූවක් බව ඇතැමෙකුගේ අදහසයි.

0 comments:
Post a Comment