facebook like

අනියම් පෙම ගිණියම් වෙයි ! (රහසිගත වීඩියෝව සහිතයි)

දේවිකාට කසුන්ව මුණගැහුනේ අහම්බෙන් නෙවෙයි. තමන්ගේ සිඟිති දියණිය මොන්ටිසෝරියක ඇරලවලා සමහර අම්මලා වගේ දේවිකාත් මොන්ටිසොරිය ඇරෙනකල්ම ගේට්ටුවෙන් එළියට වෙලා කාලය ගෙවන්න පුරුදු වෙලා හිටියා.

මොන්ටිසෝරි ස්ටෑන්ඩ් එකේ ත්‍රීවිල් මල්ලි කසුන්ගේ ඇස් දේවිකාගේ ලඟ නතරවුනේ දෙතුන් පාරක් නෙවෙයි. කසුනුත් දේවිකත් අතරේ අනියම් පෙමක් පටන් ගන්න වැඩි කාලයක් ගියේ නෑ.


මේ වෙනකොට දේවිකාගේ සැමියා පිටරට රැකියාවකට ගිහින් හිටිය නිසා ඔවුන්ගේ ආදර කතාවට කාගෙන්වත් බාධාවක් තිබුණේ නෑ. ඒ නිසාම ඔවුන්ගේ ප්‍රේමයට සීමා මායිම් තිබුණෙත් නෑ.

කුරුලු ජෝඩුවක් වගේ හිටිය දේවිකාටත් කසුන්ටත් තරු පෙණුනේ අනපේක්ෂිතව දේවිකා ගැබ් අරගෙන බව දැනගත්තමයි. කසුන් තනිකඩයෙක්. දේවිකා සමඟ විවාහ වෙන්න ඔහුට අදහසක් තිබුණේ නෑ. ඒ හින්දා කසුන් කලේ යාලුවෙක් කියපු ඩොක්ටර් කෙනෙක් ළගට දේවිකා එක්ක ගියපු එක. ඇයත් තමන්ගේ කුසට ආව දරුවා නැති කරගන්න දෙපාරක් නොහිතම කැමති වුනා.

ගබ්සාව සිදුකරන්න සියල්ල සූදානම් කල වෛද්‍යවරයා කසුන්ට එළියට යන්න කීවා. ගබ්සාව අමිහිරි අත්දැකීමක්. ඒ අමිහිරි අත්දැකීමට කලින් දේවිකාට තවත් අමිහිරි අත්දැකීමකට මුහුණ දෙන්න සිද්දවුනා.

වෛද්‍යවරයා සංතර්පණය කරන්න ඇයට සිද්දවුනේ ඔහුගේ අයුතු බලපෑම් වලට විරුද්ධ වෙන්න බැරි හින්දයි. ඊට පස්සේ ගබ්සාව සිද්ධවුනා. කුස සැහැල්ලු වුනා. හිසේ තිබුණු මහා බරකින් ඇයත් කසුනුත් නිදහස් වුනා. ඒත් දේවිකාට තරු පෙණුනේ එදා රාත්‍රියේ නින්දට ගිය මොහොතේ නොහිතපු විදියට ඇයගේ යටිබඩ ප්‍රදේශය වේදනා දෙන්නත් රුධිරය පිටවෙන්නත් පටන්ගත්ත නිසයි.

අසල්වැසියන් කෑමොර දෙන දේවිකාව රෝහල්ගත කලත් ඇය මියගියා. නම්ගම් පමණක් මනකල්පිත මේ කථාව සත්‍ය සිදුවීමක්. ඔබ මෙය කියවන මොහොතේත් ගබ්සාකිරීම නිසා කාන්තාවන් මිය යනවා ඇති.

“ගබ්සාව කියන්නෙත් මිනී මැරීමක්” මේ විදිහට මිනී මරන අයත් , මිනී මරන්න අනුබල දෙන අයත් අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා . විශේෂයෙන්ම “බල්ලෝ මරල හරි සල්ලි හොයන”  වෙළඳුන්ට මිනි මරන එක මහා වැඩක් නෙමෙයි . නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථාන ගැනත් , ගබ්සා පෙති ලබා දෙන ෆාමසි ගැනත් අපට සිය ගණනක් තොරතුරු ලැබුනා . එහෙම ලැබුන තොරතුරකට අනුව හිරු   C.I.A. කණ්ඩායම ගබ්සා පෙති ලබා දෙන මග්ගොන ෆාමසියකට ගියා .

එම වාර්තාව පහතින් බලන්න



හිරු C.I.A. හරහා හෙළි කරපු ඒ තොරතුරු වලින් අවදි වුන හුඟක් දෙනෙක් අපිට කතා කරනවා . ඒ රහසිගතව පවත්වාගෙන යන ගබ්සා මධ්‍යස්ථාන ගැන තවත් තොරතුරු කියන්න . ලංකාව පුරාම ඉන්න හොර වෙළඳුන් අල්ලන එක ප්‍රායෝගික නෑ .නමුත් අපි කවදත් එහෙම තැන් ගැන අවධානයෙන් ඉන්න බව ඔබට කියන්න ඕන .


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive