facebook like

සජින් වාස්ගේ ....රෝසි සේනානායකගේ කැරැට්ටුව අනුර කුමාර දිග හරී

මුදල් දීමෙන් හෝ කාන්තාවන් සැපයීමෙන් ජාත්‍යන්තරය මෙහෙයවිය හැකි යැයි සිතන වත්මන් ආණ්ඩුව ඒ සඳහා සුදුසු පිරිසක් පත් කරගෙන ඇතැයි ජවිපෙ නායකයා චෝදනා කරයි.

මේ දිනවල කටාර්හි සංචාරයක නිරතව සිටින ජවිපෙ නායක අනුර කුමාර දිසානායක එරට සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින්, පසුගියදා සජින් වාස් විසින් ක්‍රිස් නෝනින්ට කළ පහර දීම පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය.

“මේ ගුටි කන්නේ ක්‍රිස් නෝනිස් නෙවෙයි. මේ ගහන්නේ ජනාධිපති උපදේශකයා නෙවෙයි. මේ රට වෙනුවෙන් යන නියෝජිත පිරිසක්. රට වෙනුවෙන් පත් කරල තියන නියෝජිතයෙක්, තානාපතිවරයෙක්. මේ ගොල්ලො එකට ගහ ගන්නවා නං රටට මොකද වෙලා තියෙන්නෙ.”

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අනුර කුමාර කියා සිටියේ මෙරට විදේශ අමාත්‍යංශය මෙහෙයවන්නේ සජින් වාස් ගුණවර්ධන මිස විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් නොවන බවයි.

“මුළු රටක විදෙස් ප්‍රතිපත්තිය, මුළු රටක රාජ්‍ය තාන්ත්‍රිකභාවය මුළුමනින්ම බිඳ වට්ටලා ඉතාම පහත් ගණයේ මිනිස්සු කණ්ඩායමකට බලය දීලා තියෙනවා අද අපේ රටේ. ඒ නිසා ජාත්‍යන්තරව අපේ රට විශාල හුදකලාභාවයකට පත් වෙලා තියෙනවා.”

ශ්‍රී ලංකාවේ තානාපති සේවය හා විදේශ අමාත්‍යංශය පිළිබඳව ද ඔහු එහි දී අදහස් දැක්වීය.

“ඒ ගොල්ලො හිතනවා ජාත්‍යන්තරය මෙහෙයවන්න පුළුවං කියලා හොරෙන් සල්ලි දීලා, කාන්තාවො සපයලා. මේක තමයි අද ආණ්ඩුවේ විදෙස් ප්‍රතිපත්තිය. ඒ සඳහා සුදුසු අය තමයි මේ තියා ගෙන ඉන්නේ…මේ ගොල්ලො ඒවට දක්ෂයි. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලට නෙවෙයි දක්ෂ.”

කෙසේ වෙතත් තමාට පහර දුන් බව පවසමින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ක්‍රිස් නෝනිස් සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති අතර විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ක්‍ෂෙනුකා සෙනෙවිරත්න විසින් ක්‍රිස් නෝනිස්ට එරෙහිව ඉදිරිපත් කොට තිබෙන පැමිණිල්ලක් සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ දූ දරුවන්ට අමතරව, එජාප පා.ම. රෝසි සේනානායකගේ දියණිය හා චන්ද්‍රානි බණ්ඩාරගේ පුත්‍රයා ද වත්මන් සන්ධාන ආණ්ඩුවේ සහයෝගයෙන්ම විදෙස් රටවල තානාපතිවරු ලෙස පත් කිරීම ගැන ජවිපෙ නායකයා ප්‍රශ්ණ කළේ මෙලෙසිනි.

“මේ ගොල්ලො ඩීල් දාගෙන ඉන්නෙ. රෝසිගෙන් අහන්නකො දුව කොහෙද ඉන්නෙ කියලා. දුව තානාපති කාර්යාලයට යවලා තියෙන්නේ ආණ්ඩුව හරහා. චන්ද්‍රානි බණ්ඩාරගේ පුතා කොහෙද ඉන්නේ. තානාපති සේවයට යවලා තියෙන්නේ ආණ්ඩුව හරහා. මෙහෙමයි වෙලා තියෙන්නේ. මේ දෙගොල්ලොම එකයි. මේ දෙගොල්ලො බදා ගෙන බෙදා ගෙන…”

– Vimasuma

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive