facebook like

කපා වෙන් කළේ නුඹේ දෑත් පමණක් නොවේ

මෙහි දැක්වෙන ඡායාරූපය Time සඟරාව ඉරාක යුද්ධය වෙනුවෙන් පළ කළ සිය සුවිශේෂී තොරතුරු සංග්‍රහයේදී යොදා ගැනුණකි. මෙම දැරිය ඇමෙරිකානු හමුදා එල්ල කළ බෝම්බ ප්‍රහාරයට ගොදුරු වී දරුණු පිලිස්සුම් තුවාල ලැබ සිටින අයුරු සිත් කම්පා කරවන්නට විය.

ඇගේ දෑත් බෝම්බ ප්‍රහාරයෙන් සුන්බුන්ව තිබිණි. ලේ ගලන තුවාල සහිතව රෝහල්ගත කළ ඇයට ජීවත් වන්නට යාන්තම් වාසනාව ලැබුණේ හදිසි ප්‍රතිකාර දී වෛද්‍යවරුන් ඇගේ ජීවිතය ගලවාගත් නිසාය.

එහෙත් ඇයගේ දෑතම කපා දමන්නට සිදුවිය. මෙම ඡායාරූපය පුවත්පත් හා විද්‍යුත් නාළිකා හරහා ලොවම අවදි කරන්නට සමත් විය. කුරිරු ඇමෙරිකන් හමුදා ප්‍රහාරයෙන් සිවිල් ජනතාව ලක්‍ෂ
ගණනකින් මිය යෑමත්, මරා දැමීමේ යාන්ත්‍රණයත් තිගැස්සීමකට ලක්කරන තරමේ හඬ නැඟීම්ද මතු වූයේ මේ අතරය. බටහිරවාදී චින්තනයකින් හෙබියා වූ ඇතැම් පුවත්පත් පවා ඉරාක යුද්ධයේදී සිදුවන අකටයුතුකම් ගැන කියන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවය.

Ajaman Baraka ජාත්‍යන්තර මාධ්‍ය අවදි කරවන තරමට පුවත් ග්‍රහණය කැරගනිමින් මේ දැරියගේ ශෝකී හඬා වැලපුම සහිත ඡායාරූපයද එක්කොට ඉරාකයට ඇමෙරිකානු බලධාරීන් යෙදවූ හමුදා කළ සැහැසිකම් ලොවට හෙළි කළේය. War Crimes and Crimes Against Humanity නමින් ඔහු ලියූ ලිපියේ සංවාදයට බඳුන්වූ තැන් කිහිපයක්ම වූයේය.

දැන් ඉරාකයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු සදාම් හුසේන් මරා දමා බලහත්කාරයෙන් රූකඩ ඇමෙරිකානු හිතවාදී ඉරාක නායකයෙක් පත්කොට ඇත. යුද්ධය නිමා වී දස වසරක් ඉක්ම ගිය තැන USA Today පුවත්පත පවා ඉරාක යුද්ධයේ ඇමෙරිකානු භූමිකාව යම් විවේචනයකට ලක්කොට තිබුණේය. එය ඇමෙරිකාවේ වෙසෙන කාන්තාවන්ගේ මතයද බවට ඉඟයක් දෙමිනි. ඒ අතර පාඨකයන්ට වෙන්වූ තීරයේ ඇමෙරිකානුවෙක් වූ උතුරු BethesdaƒŒ Arlyn Garcia-Perez නමැත්තිය තැබූ සටහන වැදගත්ය. එහි තැනෙක මෙසේ දැක්වේ.

“ඩොලර් ටි්‍රලියන ගණනක් වැය කොට 5,000ක් අපේ තරුණ සෙබළුන් මිය ගිහින් 32,000කට තුවාල වූ ඉරාක ආක්‍රමණයෙන් ඇමෙරිකානුවන් වූ අපට ලබාගත හැකිවූ දේ කුමක්දැයි අසන්නට හිතෙන තරම් වේ. ඉරාක ජනතාවගෙන් ලක්‍ෂ 10ක් මියගිය ගොස් තවත් ලක්‍ෂ 5ක් පමණ අවතැන් කර ඔවුන්ට ලබාදුන් නිදහස හා සහනය කුමක්ද? ඇමෙරිකානුවන් බහුතරයක් සිතින් විමසන්නේ එයයි. එහෙත් අප තවදුරටත් වෙනත් රටක, අපට අදාළ නැති යුද්ධයක් වෙනුවෙන් අපේ දූ පුතුන් යවන්නට එකඟ වනවාද නැද්ද යන්න විමසිය යුතුයි.”

ඇමෙරිකානු මවකට තම රටේ දූපුතුන් අන් රටකදී මියගොස් එරටට මළ සිරුරු ගොඩබානවාට අකැමැති වන තරම් වූ හැඟීම ඉන් පැහැදිලිය. එසේනම් යුද්ධය ඕනෑ වන්නේ පාලකයන්ටද ජනතාවටද යන්න මෙය හොඳින් විමසා බලන්නට හිතෙන තැනකි.

ඇමෙරිකානු මව නොදන්නවාට, ඉරාක මවද නොදන්නවාට පාලකයන්ට යුද්ධය ඇවැසිය. එය තමන්ගේ කාලසටහනට අනුව තමන්ගේ න්‍යාය පත්‍රය අනුව ඕනෑම තැනක චණ්ඩිකම් පා ඩැහැගත යුතු දේ හිමිකරගන්නා උත්සාහයක්ය.

“අහසින් බෝම්බ වැටුණා. අපට කරකියා ගන්න දෙයක් නෑ. මේවා අත්අරින්නේ අපේ ගෙවල් උඩට බව පෙනුණා. බෝම්බ වැටිලා ගෙවල් ගිනි ගන්නවා. අපි බේරෙන්න හැමතැනටම දුවන්න ගත්තා. ඒත් ගිනි ජාලාවක් මැද අපි කොටුවෙලා. මහා පිපුරුමක් ආවා. මට මතක එච්චරයි.”
අත්දෙකම අහිමි වූ මෙම ඡායාරූපයේ දැක්වෙන දැරිය BBC නාළිකාවේ මාධ්‍යවේදීන්ට එදා කියූවේ එසේය.

“දුවේ නුඹ නොදන්නවාට, නුඹ උපන් ඉරාකයේ පාලකයා ඝාතනය කර, නුඹට නිදහසත්, සැනසීමත් දෙන්න ඇමෙරිකන් මාමලා දාපු සාමයේ බෝම්බ නිසයි මෙහෙම වුණේ... නුඹ උස් මහත් වෙලා, සිහි නුවණින් නුඹේ රටට වූ දේ දැනගත්දාට නුඹට හිතෙන දේ ගැන මගේ හිතටත් දැනෙනවා” ඔබටත් මටත් එසේ සිතුණොත් එය පුදුමයක් නොවේ.

සජිත් රෝහිත ලියනගේ

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive