facebook like

වසර දෙසීයක් යන තුරු ලංකාවට සුනාමියක් නැහැ

අඩු තරමින් තව වසර දෙසීයක් වත් ගත වන තුරු ශ්‍රී ලංකාවට සුනාමියක් ඇති වීමට ඉඩ කඩක් නොපෙනෙන බව ඇමරිකානු විද්‍යාඥයෝ පවසති.

එමෙන්ම 2004 දී හට ගත් සුනාමි උදම් රළ මෙන් විශාල සුනාමියක් ඇති වීමට තවත් වසර 1000 ක් පමණ ගත වන බවයි ඉන්දියානු සාගර කලාපීය සුනාමි හට ගැනීම පිළිබඳව අධ්‍යයනයක් කළ කණ්ඩායමේ මහාචාර්ය ග්‍රෙගර් එබර්ලි පවසන්නේ.

‘එවැනි සුනාමියක් හට ගන්න වසර 1000ක් ගත වෙනවා. මේ නිසා ඉදිරි අවුරුදු දහස තුළ ඇතිවෙන සුනාමි 2004 සුනාමියට තරම් විශාල ඒවා නොවෙයි. ඒක හෙට වෙන දෙයක් නොවෙයි, අවුරුදු 100 කින් වෙන දේකුත් නොවෙයි අවුරුදු 200 කින් වෙන දෙයකුත් නෙමෙයි. ඒකට තව විශාල කාලයක් ගත වෙනවා.’ විද්‍යාඥ ග්‍රෙගර් එබර්ලි කියයි.

හම්බන්තොට
වසර දහස් ගණනක් පුරා ලංකාවට ඇති වූ සුනාමි වලින් හම්බන්තොට 'කරගන්' ලේවායේ මුහුදු පතුලේ තැන්පත් වී තිබෙන අවසාදිත විශ්ලේෂණය කිරීමෙන් එම නිගමනයට පැමිණ ඇති බවයි මියාමි සරසවියේ පර්යේෂිකා භූ විද්‍යාඥ කෙලි ජැක්සන් බීබීසී සංදේශයට කියා සිටියේ.

‘අපි 2004 න් පස්සේ ශ්‍රී ලංකාවට ගියා. මොකද මහාචාර්ය ෆෝල්ක් අමෙලොන්ග් දැන ගෙන ඉඳල තිබුණා ක්‍රිස්තු වර්ෂයට පෙර 200 වසරේදී සුනාමියක් ලංකාවට ආව කියල වාර්තා තියෙනවා කියල. මේ නිසා හම්බන්තොට ‘කරගන්’ කලපුවේ මෙන්ම එම ප්‍රදේශයේ කලපුවල ඉපැරණි රොන්මඩ පිළිබඳව පර්යේෂණ කරන්න අපි තීරණය කළා.’ කෙලි ජැක්සන් කියා සිටියාය.

මහා වංශය
එම කලපුවල මඩ සහ වැලි අතරින් ඇලුමිනියම් පයිප්පයක් හෝ එවැනි බටයක් යවා එම මඩ සහ වැලි තැන්පත්ව ඇති ආකාරයටම ගෙන පර්යේෂණවලට ලක් කරන බවයි ඇය පැවසුවේ.

‘මුලින්ම යටම තට්ටුවේ තොරතුරු සොයා බැලෙනවා, ඊළඟට ඊලඟ තට්ටුව මේ වගේ අන්තිමට, උඩම තට්ටුවේ ඒ කියන්නේ 2004 සුනාමියෙන් තැන්පත් වුණු පස් සහ මඩ පිළිබඳව පර්යේෂණ කෙරෙනවා. මේ වැඩවලට අපට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ චන්ද්‍ර ජයසේන අපට උදව් උනා. උපකරණ ආදිය ලබා දුන්න.’ කෙලි ජැක්සන් පැවසුවාය.

මේ අනුව මීට වසර 2400 කට පමණ කලින් සිදුවූ සුනාමිය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගත හැකි බවත් එම සුනාමිය ගැන මහා වංශයේ තොරතුරු ඇති බවත් ඇය කියා සිටියාය.

‘වාර්තාවලට අනුව සුනාමියක් හට ගෙන ඇති අඩුම කාල පරාසය වසර 200 ක්. මේ නිසා අද සිට තවත් වසර 200 ක් යන තුරු අලුතින් සුනාමියක් බලාපොරොත්තු වෙන්න බැහැ. මහා විශාල සුනාමියක් ශ්‍රී ලංකාවට ඒවී කියල හදිසි අනතුරුදායක තත්ත්වක් නැහැ. නමුත් ඊලඟ පරම්පරාවලට මෙය බලපාන්න පුළුවන්’ කෙලි ජැක්සන් පැවසුවාය.

මේ නිසා වෙරළාශ්‍රිත ගොඩනැගිලි කොන්ක්‍රීට්වලින් ඉදි කළ යුතු බවයි විද්‍යාඥයන් කියා සිටියේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive