facebook like

ශ්‍රී ලංකාව පාකිස්තාන් සරණාගතයන් පිටුවහල් කිරීම අධිකරණයට මැදිහත් වීමට හැකියාවක් නොමැත

දේශපාලන රැකවරණ පතා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තාන් ජාතිකයන් පිටුවහල් කිරීම රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් බැවින් ඊට මැදිහත් වීමට අධිකරණයට හැකියාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.
ඉහත කී පාකිස්තාන් ජාතිකයන් පිටුවහල් කිරීම තහනම් කරන මෙන් ඉල්ලා නිමල්කා ප්‍රනාන්දු ඇතුළු මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක් ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව ප්‍රකාශ කර සිටියේය.
පෙත්සම්කාර පාර්ශවය අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සරණාගතයන් පාකිස්තානයට පිටුවහල් කිරීම මගින් ඔවුන්ගේ ජීවිත වලට තර්ජන එල්ල විය හැකි බවයි.
එම අවස්ථාවේ රජයේ නීතිඥයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළ බව පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥ ලක්ෂාන් ඩයස් කියා සිටියේය.
ඉල්ලීමක්
‘දේශපාලන සරණාගතයින් පිළිබඳ අපේ රටේ පැහැදිලි නීති රාමුවක් නැහැ. පූර්වාදර්ශ ලබා ගත හැකි නඩු තීන්දු පවා අපේ රටේ අධිකරණ වලින් ප්‍රකාශයටපත් වී නැහැ. ඉතින් මෙවැනි ඉල්ලීමක් අධිකරණය හමුවේ තහවුරු කිරීම පහසුයි.කෙසේ වෙතත් අපි ඉල්ලීමක් කළා මෙම පුද්ගලයින්ට වෙනත් රටක දේශපාලන රැකවරණ ලැබෙන තුරු ඔවුන් පිටුවහල් නොකර මෙරට රැඳවුම් කඳවුරක හෝ රඳවා තබන ලෙස’ යනුවෙන් නීතිඥ ලක්ෂාන් ඩයස් පැවසුවේය.

නමුත් එම ඉල්ලීමට විරෝධය පල කළ රජයේ නීතිඥයා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ප්‍රඥප්තියට අත්සන් කර නොමැති නිසා දේශපාලන රැකවරණ පතන පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය බැඳී නොමැති බව කියා සිටියේය.
එම පාකිස්තානු ජාතිකයන් වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටින බැවින් ඔවුන් අත් අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට රජයට හැකියාවක් පවතින බවයි රජයේ නීතිවේදියා වැඩි දුරටත් පැවසුවේ.
පාකිස්තාන් ජාතිකයන් පිටුවහල් කිරීම තහනම් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ තවත් පෙත්සමක් පසු ගියදා ප්‍රතික්ෂේප විය.
දේශපාලන රැකවරණ පතා පාකිස්තාන් සහ ඇෆ්ගනිස්තාන් ජාතිකයන් දෙදහසක් පමණ ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින බව නඩු විභාගයේදී අනාවරණය වී තිබේ.





0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive