facebook like

A/L,O/L ඇන ගත්ත, හිරේ ලැග්ග ලෝකයේ දක්ෂතම කථිකයා වූ ලාංකිකයා ගේ කතාව...............අනිවාර්යයෙන් බැලිය යුතු ධනංජයගේ කතාව (video)

ටෝස්ට් මාස්ටර් (Toast masters) ලෝක කුසලානය හෙවත් ‘The World Champion of Public Speaking’ නම් ලෝකයේ හොඳම ඉංග්‍රිසි කථිකයාට හිමි සම්මානය ලංකාවට ගෙනා පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ධනංජය හෙට්ටිආරච්චි නම් දිරිය තරුණයා වේ. එම ජයග්‍රහණය සුවිශේෂී එකක් වන්නේ එය ලංකාවට පමණක් සීමාවූ ජයග්‍රහණයක් නොව ආසියා කලාපයටම පළමුවරට හිමි වූ ජයග්‍රහණයක් නිසාවෙනි. පහතින් දැක්වෙන්නේ ධනංජය හෙට්ටිආරච්චි සිය ජීවිත කතාව හෙලිකල අයුරු වේ.

“ලංකාවේ පරණම ‘ඔඩිට් ෆර්ම්’ එක අයිති වුණේ ඇන්ටන්ට. මගේ තාත්තගේ යාළුවෙක් මඟින් මං ඔහු ළඟ සේවයට යද්දි ඔහු ‍බොහොම මහලු වයසේ.

මං වැඩ කරන අතරේ ඔහු මා එක්ක කතා කළේ ලෝකය ගැන. ලෝකයේ විවිධ රටවල් ගැන. ඒ විවිධ සමාජයන් ගැන. මිනිස්සු ගැන. ඇත්තටම ඒවා විටෙක රසවත් කතන්දර වගේ.

මට ලෝකය ගැන කුතුහලයක් ඇතිවුණේ මේ කතාවලින්. මං පොත් කියැවීම පුරුද්දක් කරගත් කෙනෙක් නෙවෙයි. හැබැයි මේ තොරතුරු ඇහුවට පස්සේ මං පොත් හොය හොයා කියවන්න ගත්තා. ඔහු තමයි මට කිව්වේ, ‘පුතා! මං ඔයාගෙන් යමක් දකිනවා...’ කියලා.

මං පාසල් ජීවිතයේ දී ශිෂ්‍ය භටයෙක්. ඉන් පස්සෙ කාලෙක හොඳ ‘ඩාන්සර්’ කෙනෙක්.

මං ඩාන්සර් කෙනෙක් වුණෙත් අම්ම නිසා. අම්මා - තාත්තා- මල්ලි- මම බොහොම බැඳුණු පවුලක්. අම්මා දවසක් යෝජනාවක් ගෙනාවා.

“අපි හතර දෙනා පවුලක් හැටියට මොනවා හරි දෙයක් කරමු..”

එහෙම කියලා බෝල්රූම් හා ලතින් ඇමෙරිකානු නර්තනයේ දක්ෂ ගුරුවරියක් වන ශිරෝමි පෙරේරා ළඟට ගියා. ඒ තුන්දෙනාම ටික කලකින් නතර වුණා. හැබැයි මං දිගටම ප්‍රගුණ කළා. මං පළමු වතාවට කීයක් හරි හම්බ කළේ ශිරෝමිගේ ප්‍රසංගයක නටලා. ඒ, රුපියල් 1500ක්. ඊට පස්සෙ මට හිතුණෙ මං ඩාන්සර් කෙනෙක් විය යුතුයි කියලා. ඒත් ඇන්ටන් මහත්මාගේ මුණගැසීමත් සමඟ මට ඒ ජීවිතේ අතහැරෙනවා.

ඊට පස්සෙ මට තියෙන්නේ ලෝකය පිළිබඳ සෙවීමේ ආසාවක්. ඒ එක්කම මගේ පාසලේ වෝඩ්න් නෙවිල්, මගේ හිත තුළ යළි යළිත් වැඩසිටිනවා.

පාසල් ජීවිතයේ දී මං ශිෂ්‍ය භටයෙක්. එයින් මං මගේ පෞරුෂය ගොඩනඟා ගත්තා. නර්තන ශිල්පියෙක් වෙලා අංගචලනය හා ශරීර නම්‍යතාව හදා ගත්තා. පොත පත කියවලා දැනුම ලබා ගෙන හොඳ කථිකයකුට පසුබිමකුත් හදාගත්තා. මේ හැම දෙයක්ම සිදුවුණේ, ඒ ඒ කාලවල මගේ ජීවිතයේ ළඟින්ම හිටපු අ‍යගේ පෙළැඹවීම් මත.

විශේෂයෙන් අම්මා - තාත්තා - ඇන්ටන් කියන චරිත.

ජීවිතයේ මෙහෙම පසුබිමක් හැදි හැදී ඉදිරියට ගලා යද්දියි ‘ටෝස්ට් මාස්ටර්’ නම් සංගමයක් පිළිබඳ මං දැනගත්තේ. ඒ මගේ තාත්තගෙන්. ඇත්තටම ඒක අහම්බයක් ලෙස ජීවිතයට ආ පණිවුඩයක්.”

“පුතා! මෙහෙම තැනක් තියෙනවා නිකම් ගිහින් බලන්න. එතැන මොනවද වෙන්නේ කියල...”

තාත්තා කිව්වට ගියා මිස, එතැන මොනවද වෙන්නේ... කිසිවක් මං දැනගෙන හිටියේ නැහැ.

ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ කතා පැවැත්වීම (Public Speaking) කියන විෂයට විශේෂඥ දැනුමක් ඇති පිරිස බිහි කරන්නේ ලෝකය පුරා විහිදුණු ටෝස්ට් මාස්ටර් සංගමයෙන් බව දැන ගත්තම මට විශාල සතුටක් දැනුණා. ඒක මට අලුත් අත්දැකීමක්.

‘Colombo Toastmaster Club. හරි පුදුම පරිසරයක් එතැන. අපිට වඩා වැඩිමහලු හා බොහෝ වැඩිමහලු අය මෙහි සාමාජිකයෝ. ඔවුන් ඉංග්‍රිසි කථිකයෝ. ඔවුන් කතා කරන දේ, කතා කරන විදිය හරි සරලයි. රසවත්. භාෂාව හොඳට දන්න කෙනා එය රසවත්ව ඉදිරිපත් කරනවා. සරලව කතා කරනවා.

පළමු දවස් කිහිපයම මං කළේ එතැනට ගිහින් බලා ඉන්න එක. එතැන හිටපු තවත් එක් ජ්‍යෙෂ්ඨයෙක් තමයි, අරුණාසලම් බාල්රාජ් මහතා. ඔහු පිහිටුවූ ‘ස්මෙඩ්ලි ටෝස්ට් මාස්ටර් ක්ලබ්’ එකටයි මං බැඳුණේ.

ඒ තමයි, ලංකාවේ පිහිටුවූ දෙවැනි ටෝස්ට් මාස්ටර් ක්ලබ් එක.

මාසයකට දෙවතාවක් රැස්වන සියලු සාමාජිකයෝ සිය කථනයන් ඉදිරිපත් කරනවා. විවිධ මාතෘකා. ඒවා තුළ ජාත්‍යන්තර ප්‍රමිතිය තිබිය යුතු වුණා. ඒවායේ නිවැරැදි කිරීම් සිදුවුණා.

අනික, සියලු සාමාජිකයන් ප්‍රතිචාර දැක්විය යුතු වුණේ කථිකයාට අවවාද දීමෙන්, උනන්දු කිරීමෙන්, යළි අවවාද උපදෙස් දීමෙන් හා යළි උනන්දු කිරීමෙන් කියන සුබවාදී පිළිවෙළට පමණයි. ඒක රීතියක්.

ඒකෙන් හැම වෙලාවෙම කථිකයා සාර්ථකත්වය කරා රැගෙන යාමයි, අරමුණ වුණේ.

මේ ලෝක කුසලානය සඳහා තරග පටන් ගැනුණේ පහුගිය පෙබරවාරියෙන්. රට තුළ සංගම් අතර, ඊළඟට කලාප අතර, ඊළඟට දිස්ත්‍රික්ක අතර. ඒ කාලය තුළ මං දෙස් විදෙස් තරග 7කට මුහුණ දුන්නා.

එක දිස්ත්‍රික්කයකට ක්ලබ් 90-100ක් විතර තිබෙනවා. ලෝකෙ වටේ එහෙම දිස්ත්‍රික්කත් 90ක් තිබෙනවා. මං නියෝජනය කළේ දිස්ත්‍රික් 82. ඊට අයත් වුණේ ශ්‍රී ලංකාව සහ දකුණු ඉන්දියාව.

මුදල් ත්‍යාගයක් නැති වුණත් මේ සම්මානයට තිබෙන ජාත්‍යන්තර පිළිගැනීම ඉතාම ඉහළයි. කථිකත්වය වෘත්තිය කරගත් “ටෝස්ට් මාස්ටර් ලෝක සූරයෝ පස් දෙනෙක් දැනට ඉන්නවා. ඔවුන් ප්‍රකෝටිපතියෝ. ඔවුන් පස්දෙනා ඇතුළු බොහෝ ලෝක සූරයන් එදා උලෙළට ඇවිත් මට සුබ පැතුවා”

ක්‍රෙග් වැලන්ටයින්, ඩැරන් ලෙක්රෝයි, ජිමි ක්‍රිස්, මාක් බ්‍රවුන් සහ ජොක් එළියට්. ඇමෙරිකානුවන් වන මේ පස්දෙනා අතරට ආ හයවැනි වෘත්තීය කථිකයා ශ්‍රී ලංකාවේ ධනංජය හෙට්ටිආරච්චි. ඔහුත් අද ඔහුගේම සමාගමක් අරඹා තිබෙන්නේ වෘත්තීය කථිකයන් සහ ආයතනික ඉහළ කළමනාකරණය වෙනුවෙන්.

ඇත්තටම ‘ටෝස්ට් මාස්ටර්’ ආගන්තුක වදනක් වුවත් පාසලේ සිංහල සමිතිය, ඉංග්‍රීසි සමිතිය මෙහි මුල් පදනම බවයි ධනංජය කියන්නේ.

“ඇත්තටම මෙහි ඉංග්‍රිසි භාෂාව කියන්නේ හදාගත හැකි 10%ක කොටසක්. ළමයකුගේ පෞරුෂ වර්ධනය සහ අවශ්‍ය පසුබිමයි මේ සඳහා වැදගත්ම දේ. මගේ ජීවිතේ හැඩගැහුණෙත් ඒ විදිහට. ඒ නිසාම මේ සංගමයට බඳවා ගත්තේ අවුරුදු 18න් පසුවයි. ඒ වෙනකල් අවශ්‍ය පසුබිම හදාගන්න දරුවන්ට පාසල් කාලය හරි වැදගත්.

ඒ වගේම මං පැරදුණු වාර ගණන වැඩියි. මං කථා වාර 60කට වැඩිය පැරදිලා තියෙනවා. හැබැයි ඒ අසාර්ථකත්වයම තමයි ම‍ෙග් පසුකාලීන සාර්ථකත්වයට සහ ජයග්‍රහණයට හේතු වුණේ.

තමන්ගේ හැකියාව හොයාගන්න විටෙක පරාජය හරියට ප්‍රයෝජනවත් වනවා. අද ළමයින් මේ අත්දැකීමට කැමැති නැහැ.

අවුරුදු 10ක් තිස්සේ මේ වෙනුවෙන් ඇත්තටම මං හොඳම ‘කට්ටක්’ කෑවා. ඒත් ඒ පැරදුණු වැටුණු තැන් ජීවිතේ මට හුඟක් දේ කියා දුන්නා.

ආයතන කිහිපයක වැඩ කරලා අත්දැකීම් ගත්තා. ජයග්‍රහණය කියන්නේ මේ සියල්ලේ එකතුවයි. හැබැයි ඔබ පුදුම වේවි. මම ඉස්කෝලෙ යන කාලේ දක්ෂයෙක් නෙවෙයි. ඕ-ලෙවල්, ඒ-ලෙවල් විභාග දෙකම ‘ඇණගත්තා'.

මං ලන්ඩන් A/Lවලින් ගොඩ ඇවිත් පුංචි රස්සාවකට ගියා. නමුත් එතැනින් එහාට මං මගේ උසස් අධ්‍යාපනය ඉතාම ශීඝ්‍රයෙන් ගොඩනඟාගත්තා. මට ඒකට තවත් අවුරුදු පහක් ගියා. වැඩ කරන ගමන් ඉගෙන ගැනීම, තරග කිරීම, පරාජය වීම, ජයග්‍රහණය ලැබීම මම විනෝදයෙන් බාර ගත්තා.

මේ හැම දේම පිටුපස්සේ තිබුණු එක සිදුවීමක් ගැන නොකියාම බැහැ. ම‍‍ෙග් ජීවිතේ පළමු වතාවට වෙනස් වුණේ එතැනින්. ජීවිතේ පිළිබඳ බරක්පතළක් දැනුණේ ඒ සිදුවීමෙන්. ඒක මට කවදාවත් අමතක වෙන්නෑ.

අලුත් ඉස්කෝලෙකට ගිය මගේ මල්ලි දවසක් ගෙදර ආවේ තරහින්. දුකින්. කොල්ලො රැග් කරලා. රැග් කතාව අහපු මට ඉවසුම් නැතිව ගියා. යාළුවෝ දහදොළොස් දෙනෙකුත් ලෑස්ති කරගෙන පහුවෙනිදම මල්ලිගේ ඉස්කෝලේ ළඟට ගිය මං, කල් යල් බලලා මුළු පන්තියටම ගැහුවා.

දැන් ඉස්කෝ‍ල දෙකක ළමයි හිතේ හැටියට ගහගන්නවා. අන්තිමේ හැමෝටම නවතින්න වුණේ කුරුඳුවත්ත පොලිසියේ, පොලිස් කූඩුවේ.

යාළුවන්ටත් නායකත්වය දීලා කරපු වැඩේ බරපතළකම ගැන මට දැනුණේ අම්මයි - තාත්තයි පොලිසියට ආ මොහොතේ.

අම්මගේ මුහුණ ලැජ්ජාවෙන් පිරිලා. ඒ ලැජ්ජාවට ඇගේ ඇස්වලින් කඳුළු බේරෙනවා. සියල්ල හමාර වෙලා ගෙදර ගියත් මට ආපහු ආපහුත් මතක් වුණේ අම්මගේ කඳුළු.

“පුතා! ඔයා මල්ලි වෙනුවෙන් ඉදිරිපත් වෙච්චි එක හොඳයි. ඒත් ජීවිතේ ප්‍රශ්න විසඳන්නේ මෙහෙම නෙවෙයි. අපි හොයාගමු හොඳ විදියක්...” තාත්තා එහෙම කිව්වත් අම්මා නිහඬයි. දවසක් දෙකක් නෙවෙයි, සති දෙකක්ම ඈ නිහඬයි.

මේ නිහඬ බව තවදුරටත් දරාගන්න මට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ හින්දම මං තීරණයකට එනවා.

“ඔව්! මං වෙනස් වෙනවා. වෝඩ්න් නෙවිල් ඩි අල්විස් වගේ හොඳ දක්ෂ මිනිහෙක් වෙනවා...”

‍මොන චණ්ඩි වැඩේ කළත් වීරයෙක් වගේ මගේ හිතේ ඇඳිලා හිටියේ වෝඩ්න් නෙවිල්, එවකට ගල්කිස්ස ශාන්ත තෝමස් මගේ විදුහලේ විදුහල්පති.

සතියකට වතාවක් එසෙම්බ්ලි වෙලාවෙදි ඉංග්‍රිසි බසින් කරන කතාව, මගේ හදවතේ ගැඹුරුම තැන නැවතුණා. හයේ පන්තියේ දී ඉංග්‍රිසි උගන්වපු බර්තොලමියුස් සර්නුත් එහෙම කෙනෙක්.

ඉංග්‍රිසි භාෂාවේ සුන්දරත්වය ඔහු ළමයින් තුළ කුතුහලයක් බවට කළා. ඒ නිසාම ඉංග්‍රිසි ‘පීරියඩ්’ එක මා ඇතුළු හැම ළමයකුම ආසා කළා. ශාන්ත තෝමස් පරිසරය, අම්මා තාත්තා ගෙදරදි දරුවන්ට ඉංගිරිසියෙන් කතා කිරීමේ පුරුද්ද වගේම ලද සියලු අමිහිරි අත්දැකීමුත් මං හරවා ගත්තේ ජයග්‍රහණයට.

අද මගේ බිරිය හිමාෂා මගේ ආයතනය වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කරනවා. ‘විබාහු’ මගේ පුංචි පුතා. එයාට මාස 16යි. අපි ලස්සන පවුලක්.”

ලොව දක්ෂතම කථිකයා ධනංජය තම ජීවිත කතාව TEDX හි කතාවක් ලෙස ඉදිරිපත් කල ආකාරය පහතින් බලන්න.

- ඉනෝකා පෙරේරා බණ්ඩාර

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive