facebook like

ගීතාගේ රැස්වීමේ කතා කරන්න ගිහින් ගුටි කයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙන්තර ඇල්පිටිය නියෝජිත සමුළුව ඇල්පිටිය රූපා කරුණාතිලක රංග ශාලාවේදී සෙනසුරාදා  පැවැත්වෙද්දී දැරියක(13) ද සමඟ ගැමියෙක් වේදිකාව ඉදිරියට පැමිණියේය.
 වරාය හා මහාමාර්ග ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා කතා කරමින් සිටියේය.
‘ඇමැතිතුමා කතා කරන්න කලින් මට හමුවෙන්න ඉඩක් දෙන්න‘  ඔහු ඉල්ලා සිටියේය.
‘හරි හරි රැස්වීම ඉවරවෙලා අපි කතා කරමු‘ . අමැති කීවේය.
එහෙත් සුමතිපාල නම් වු එම පුද්ගලයා දිගින් දිගටම කතා කරන්නට විය.
ඇමැතිගේ කතාවට දිගින් දිගටම බාධා ඇති විය.
සුමතිපාල :‘අපි හැමදාම තමුන්නාන්සේලාගේ කතා ඇහුවා.දැන් අපේ කතාව අහන්න.අපි එදා ඉදලා හොද ශ්‍රී ලංකා කාරයෝ .අපට සමෘද්ධියත් නෑ .කන්නත් නෑ.ඉන්නත් නෑ.මේ දරුවා තියාගෙන ඉන්නේ මහ පාරේ.‘
එසේ කී සුමතිපාල දරුවා වඩා ගත්තේය.රැස්වීම සංවිධානය කළ බෙන්තර ඇල්පිටිය ශ්‍රිලනිප ප්‍රධාන සංවිධායිකා දකුණු පළාත් සභා මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය සිය ආසනයෙන් නැගිට්ටාය.තවත් කිහිප දෙනකු සමඟ එහි පැමිණියාය.එම පිරිස සුමතිපාල රැස්වීමෙන් එළියට රැගෙන ගියේය.එසේ රැගෙන යද්දීත් ඔහුගේ කතාව නතර වුයේ නැත.ඔහුට කම්මුල් පහරක් වැදුණේය.
දරුවාද භීතීයට පත් වු බව එය දුටුවෝ කියති. ඔහුට පහර දුන්නේ නිල ඇඳුමක් ඇද සිටි කෙනෙකියි එහි සිටි අය කියති.
කාගේ හෝ පිල්ලියක්  එවලා යැයි තව පිරිසක් කීහ.ඔහුද බිරියද දරුවාද පොලිසියටරැගෙන යනු ලැබුහ.
පොලීසිය ටික වේලාවකින් ඔහු ද දරුවා ද බිරිය ද මුදා හළේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive