ඔහු එදා පිතිකරුවකු, නායකයකු, උපනායකයකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වලට දායාද කළ අස්‌වැන්න ඔස්‌සේ බොහෝ පිරිසක් අදටත් ගමන් කරමින් සිටී. එදා බහුතරයකගේ ප්‍රියතම ක්‍රිකට් තරුව වූ අරවින්ද ද සිල්වා මෙවර 'අපි නොදන්න ක්‍රිකට්' හි කතානායකයාය.
රටක් දිනවූ අරවින්දව ලෝකයේම කතා බහට ලක්‌වන ක්‍රිකට් තරුවක් කිරීමේ පුරෝගාමියා වූයේ ඔහුගේ පියා වන සෑම් ද සිල්වාය. "මගේ තාත්තා එදා පිට්‌ටනියකට මාව එක්‌ක ගිහිං කට්‌ට අව්වෙ වේලෙමින් මට පන්දු යවනවා." යනුවෙන් අරවින්ද සිය අතීතය සිහිපත් කළේය. ඒ අතීතයේ ඔහු තුළ රැව් දෙන අපි නොදන්න බොහෝ දේ ගැබ්ව ඇත. අරවින්දගේ ක්‍රිකට් දක්‍ෂතා නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. එබැවින් ඔහුගේ 'අපි නොදන්න ක්‍රිකට්' සොයා මේ නිහතමානී ක්‍රිකට් වීරයා සමග අපි පිළිසඳරේ නිරත වීමු.
"පොඩි කාලෙ ඉඳලම ක්‍රිකට් ක්‍රීඩාවට මම ගොඩක් ආශාවක් දැක්‌වූවා. මගේ තත්තා හැම වෙලාවෙම මගේ ක්‍රිකට් ක්‍රීඩාවට පස්‌සෙන් හිටියා. තාත්තා මාව ක්‍රීඩාංගණවලට ගෙනිහිල්ලා ඒ දවස්‌වල කට්‌ට අව්වෙ මට බෝල් කරනවා. මම ඒ බෝලවලට ගැහුවාම තාත්තා ඒක අහුලං ඇවිල්ල ආයිත් දානවා. එහෙම කරල මාව තරගවලට පවා තාත්තා එක්‌ක ගියා.
ඒ කාලෙ මම පාසල් ඇරිලා ගෙදර ආපු ගමන් කරන්නෙ යාළුවොත් එක්‌ක පාරක හරි කොතනක හරි ක්‍රිකට් ගහන එක තමයි. රොෂාන් මහානාම සහ අසංක ගුරුසිංහ අපි කට්‌ටිය පාසල් යන කාලෙ ඉඳලම එකට සෙල්ලම් කළා. මහානාම හිටියෙ මගේ ගෙවල් ළඟ. ගොඩක් වෙලාවට මමයි මහානාමයි පාරෙ ටෙනිස් බෝල් ගහනවා. එතකොට එහා වත්තට කවුරු හරි ගැහුවොත් අවුට්. ඉතිං අපි ට්‍රයි කරන්නෙ එහා වත්තට නොගහ අවුට් නොවී ඉන්න. එහෙම ගහනකොට අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා. අවුට් වෙන පැත්තට නොගහ බැට් කරන්නෙ කොහොමද කියන එක පවා අපි එදා ඉගෙන ගත්තා. ඔහොම ගහල තමයි ක්‍රමක් ක්‍රමයෙන් ජාතික කණ්‌ඩායමට ආවෙ.
මම ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්‌ඩායමේ දිගටම හිටියා. නමුත් පළමුවෙනි පාර මට කණ්‌ඩායමේ ස්‌ථානයක් ලැබුණෙ නැහැ. ඒ වෙලාවෙ මගේ තාත්තා ඇවිල්ල කිව්වා ඔයා ඕක ගණන් ගන්න එපා. තමන් මහන්සි වෙලා වැඩ කළොත් කවදා හරි නිසි තැන ලැබෙයි කියලා. මමත් ඊට පස්‌සෙ ගොඩක් මහන්සි වෙලා පුහුණුවීම් කළා. ඊට පස්‌සෙ 19 න් පහළ ජාතික කණ්‌ඩායමේ ස්‌ථිර ස්‌ථානයක් ලැබුණා.
පිතිකරුවන් අමාරුවේ දැමීමට එල්ල කරන බවුන්සර් පන්දුවට රිදෙන්න පුල් පහරින් සහ හුක් පහරින් සංග්‍රහ කිරීමට අරවින්ද ද සිල්වා තරම් තවත් දක්‌ෂයෙක් එකල ලෝක ක්‍රිකට් පිටියේ සිටියේද යන්න සැක සහිතය. අරවින්දගේ ප්‍රියතම පහර ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේද ප්‍රියතම පහර බවට එදා පත්විය. අරවින්ද ඇලුම් කරන පිති ප්‍රහාරය විටෙක වෙනස් කිරීමට බොහෝ පිරිසක් උත්සාහ කළේය. ඒ පිළිබඳ මතකය අවදි කළ අරවින්ද,
"මම හයියෙන් බැට් කරන එක ගැන ගොඩක් කට්‌ටිය කතා කළා. ඒ දවස්‌වල පත්තර වලින් පවා මගේ පිතිකරණ ශෛලිය ගැන කතා කළා. ගොඩක් කට්‌ටිය මම ගහන විලාශය වෙනස් කරන්න හැදුවා. මම ඒක වෙනස් කරන්න හදපු අවස්‌ථාවලදී මට හරියට බැට් කරගන්න බැරි වුණා. නමුත් මගේ හිතට තේරුනා මම බැට්‌කරන ක්‍රමයටම මම යන්න ඕන කියලා. එක එක්‌කෙනා කියන දේ අහල බය වෙලා මම ක්‍රීඩා කරන රටාව වෙනස් කළානම් මගේ හැකියාව කවදාවත් එළියට එන්නෙ නැහැ. අදත් ඔප්පු වෙලා තියෙනවා එදා මම ගහපු ක්‍රමය නිවැරදියි කියලා. මොකද අද පිතිකරුවන් ඒ පහරවල් ගහල අවුට් වුණාට කවුරුත් මුකුත් කියන්න යන්නෙ නැහැ.
මගේ පළමු ජාත්‍යන්තර තරගය නවසීලන්තයත් එක්‌ක තිබුණෙ මොරටුවේදි. ලෝක පූජිත වේග පන්දු යවන්නකු වූ රිචඩ් හැඩ්ලිට මම බැට් කරාම මට හිතුණා ජාත්‍යන්තර තරග මෙච්චර අමාරු එකක්‌ද කියලා. අනිත් පැත්තෙ හිටියෙ සිදත් වෙත්තමුණි. මම මේක සිදත් වෙත්තමුණිට කිව්වාහම එයා කිව්වා රිචඩ් හැඩ්ලි කියන්නෙ අමුතුම වේග පන්දු යවන්නෙක්. ඒ වගේ කට්‌ටිය හැම තැනම නැහැ. කොහොම වුණත් හැඩ්ලි වගේ පන්දු යවන්නෙකුට බැට් කරල ජාත්‍යන්තර තරග පටන් ගන්න ලැබීම ඔයාට ලොකු දෙයක් කියලා.
1989 වසරේදී අරවින්ද ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව සටන්කාමී පිති ප්‍රහාරයක නියෑලෙමින් ශතකයක් ලබා ගත්තේය. එදා ඔහුට ප්‍රතිවාදී පන්දු යවන්නන් වාග් ප්‍රහාරයද එල්ල කළේය. ඒ වාග් ප්‍රහාර වලට අරවින්ද පිළිතුරු දුන්නේ පන්දු 361 කදී හතරේ පහර 17 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 167 ක් ලෙසිනි. ඒ ශතකයේ මතකය අවදි කළ අරවින්ද,
"ඔස්‌ටේ්‍රලියානු ක්‍රීඩකයන් අපේ මානසිකත්වය බිද දමන්න එක එක කතා කියනවා. ඒ කතා මුකුත් මම ගණන් ගත්තෙ නැහැ. ඔය කියන තරගයට ඉස්‌සෙල්ලා ඔස්‌ටේ්‍රලියානුවන් කියල තිබුණෙ අපි ටෙස්‌ට් ගහන්න තරම් හොඳ මදි කණ්‌ඩායමක් කියලා. එහෙම කියපු නිසා මම හිතා ගත්තා අපේ හැකියාව පෙන්වන්න මේක හොඳ අවස්‌ථාවක්. ඒ නිසා කොහොම හරි උපරිමය යොදවන්න ඕන කියලා. ඒ කාරණය හිතේ තියාගෙන බැට් කළා. ඒ තරගයෙන් පස්‌සෙ අපි ලෙහෙසි පහසු කණ්‌ඩායමක් නොවන බව ඔස්‌ටේ්‍රලියානුවන්ට තේරුම් ගියා.
සිය කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විශ්‍රාම ගිය වකවානුවෙන් පසු 90 දශකය අරවින්ද-අර්ජුන සුසංයෝගය ආරම්භ විය. එම ආරම්භයේදී නායකත්වය දෙදෙනා අතර දොaලනය විය.
මට කලින් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායකත්වය අර්ජුන රණතුංගට ලැබුණා. පස්‌සෙ අර්ජුනව නායකත්වයෙන් අයින් කරල 1992 ලෝක කුසලාන තරගාවලියේදී කණ්‌ඩායමේ නායකත්වය මට භාර දුන්නා. කවදාවත් නායකත්වයට අර්ජුනයි මමයි අතර කිසිම ප්‍රශ්ණයක් තිබුණෙ නැහැ. ඊට පස්‌සෙ ආයිත් අර්ජුනව නායකත්වයට පත් කළා. ඔහු නායකත්වයට පත්වුණාට පස්‌සෙ අපේ ක්‍රිකට් වෙනස් වෙන්න පටන් ගත්තා. ඊට ඉස්‌සෙල්ල අපි ටෙස්‌ට් ක්‍රිකට් පටන් ගත්ත කාලෙ හැම රටක් එක්‌කම ටෙස්‌ට් ගහන්න යන්නෙ මැච් එක ෙඩ්‍රාa කරන්න බලාගෙන.
1993 සාජා සංචාරයේ අරවින්දට එරෙහිව පළමු කැපිල්ල දියත් විය. එහිදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ අඩක් පමණ අරවින්ද වෙනුවෙන් පෙනී සිටියේය.
මම හිතන්නෙ 1993 සාජා සංචාරයේදී මට අසාධාරණයක් වුණා. ඒ සංචාරයේදි මගේ ශාරීරික යෝග්‍යතාව හොඳ නැහැ කියල කණ්‌ඩායමෙන් මාව අයින් කළා. නමුත් මම ඒ දවස්‌වල හොඳ ශරීර යෝග්‍යතාවකින් හිටියේ. ඒකට විරුද්ධව අර්ජුන ඇතුළු කිහිප දෙනෙක් කණ්‌ඩායමෙන් අයින් වුණා. මම අදටත් සතුටු වෙනවා අර්ජුන ඇතුළු කිහිප දෙනෙක් මට වෙච්ච අසාධාරණයට විරුද්ධව කණ්‌ඩායමෙන් අයින් වුණ එක ගැන. ඒ සිදුවීමෙන් පස්‌සෙ අපේ එකමුතුකම හැමෝටම තේරුම් ගියා.
1995 දී මුත්තයියා මුරලිදරන්ට ඔස්‌ටේ්‍රලියානු විනිසුරු ඩැරල් හෙයාර් පන්දුව දමා ගසන බවට චෝදනා කළේය. එහිදී අර්ජුන ඇතුළු සියලුම කණ්‌ඩායම ක්‍රියා කරපු ආකාරය හරහා කණ්‌ඩායමේ එකමුතුකම වර්ධනය වූ බවද අරවින්ද පවසයි.
1996 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අරවින්දට ශතකයක් ලබාගැනීමේ ධෛර්ය පැමිණියේ කෙසේද? 1999 ලෝක කුසලානට සිදු වූයේ කුමක්‌ද? 2003 ලෝක කුසලානයේදී අරවින්දගේ සිතේ රැව් දුන්නේ කුමක්‌ද?, වසීම් අක්‍රම් සහ අරවින්ද අතර සටන කුමක්‌ද? ඇතුළු තවත් කොටසක් ලබන සතියේ......
අසේල විතාන

0 comments:
Post a Comment