වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර මහතා විසින් කල ප‍්‍රකාශයකට එම ඵලාත් සභා හිටපු මහ ඇමති අතුල විජේසිංහ පළාත් සභාවේදී විශේෂ ප‍්‍රකාශයක් කලේය.
ඔහු සඳහන් කලේ මහ ඇමති දයාසිරි විසින් තමන්ට එල්ල කරන චෝදනා ඉතා බරපතල බවයි.
පළාත් සභාවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අතුල විජේසිංහ මහතා මෙසේද කීය.
‘මම වයඹ මහ ඇමති පදවිය වසර දොළහක් දරපු කෙනෙක්. පළාත්
සභාව තුළ මම ඇතිවෙන්න කතාකරලා තිබෙනවා. දැන් මම වැඩිය කතා නොකරන්නේ තරුණ අයට කතාකරන්න ඉඩදිය යුතු නිසයි. නමුත් කතා නොකර සිටියම මගේ ඔළුවට අත හෝදන්න එනවා.
වයඹ ප‍්‍රධාන අමාත්‍යංශයේ අතිරික්ත සේවකයන් 172කු බදවාගෙන ඇති බව සදහන් කර තිබෙනවා. පළාත් සභාවේ පූර්ව මහ ඇමතිවරයා මමයි. මෙම චෝදනාව එල්ල කර ඇත්තේ මා වෙතයි. මම කාටවත්් අතිරික්ත පත්වීම් දීලා නැහැ. මේ චෝදනාව බරපතළයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට ගේන්නට යාමේදී අපගේ ගෙවල් පවා නැතිවුණා. අපි බලයට පත්කර ගත් අප්ළාත් සභාව තුළින්ම මේවගේ දේවල් අහන්න ලැබෙනවා නම් කාටද මේවා කියන්නේ?
කිඹුලා කනවා ඉවසන්න පුළුවන්. නමුත් කොහිල කටු ඇනෙනවා ඉවසන්න බැහැ. තවදුරටත් එහෙම ඉවසන්න ගියොත් ඔළුවට අත හෝදන්න එනවා.
මම මහා ඇමති පදවිය දැරූ වසර දොළහ තුළ නීති විරෝධී වැඩක් කරලා නැහැ. වැරැද්දක් කරලා නැහැ. පළාත් සභාව තුළ අවශ්‍ය පත්කිරීම් කරන්නට අප වෙත යම් යම් බලතල තිබෙනවා. ලේකම්වරුන්ට නියෝග දෙන අවස්ථා තිබෙනවා. අතිරික්ත පත්වීම් ලබදීලා නැහැ. මෙහි බත් කන බොහෝ දෙනෙකුට පත්විම් දුන් අතුළ විජේසිංහ අමතක වෙන්නේ නැහැ.
අමාත්‍යංශය තුළ අනුමත සේවක සංඛ්‍යාව සොයන්නට අප දැනගත යුතුයි. අදත් මෙම අමාත්‍යංශය තුළ පුරප්පාඩු රැසක් පවතිනවා. මට ඒවා පෙන්වන්න පුළුවන්. ලේකම්වරු ඒවා කියනෙනෙ නැහැ. ගෙවන්න මුදල් නැති බව කියනවා. මහා භාණ්ඩාගාරයේ මුදල් එවනවා වැටුප් ගෙවන්නට. තම තමන් දැනගත යුතුයි බුද්ධිමත්ව වැඩකරන්න. පූර්වගාමී මහ ඇමතිවරුන් ගැන අපි කථා කරන්නේ නෑ. ජයවික‍්‍රම පෙරේරා සිටියා. පේ‍්‍රමචන්ද්‍ර නිමල් බණ්ඩාර එස්. බී. නාවින්න හිටියා. අප ඒ අයගේ දෝෂ දැක්කේ නෑ. නමුත් අතිරික්ත පත්වීම් ගැන කියන්නට සදාචාරයක් තිබෙනවද කියා මෙහිදී විමසිය යුතුයි. ඇබෑර්තු සොයන්නට නම් හොද ලේකම්වරයෙකු පත්කළ යුතුයි. ඕනෑ එකටයි එපා එකටයි බැරිදේටයි යර්ස් කියන ලේකම්වරු ඕන නැහැ’
මෙහිදී වසා නැගී සිටි ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මෙසේ කීය.
‘මම ඔබතුමාට පෞද්ගලිකව චෝදනා කරන්නේ නැහැ. මාධ්‍ය සාකච්ජාවකදී මම පත්වීම් දීම ගැන නිලධාරීන් දැනගත යුතු බව කීවා. මම අතුල විජේසිංහ හිටපු අමාත්‍යවරයාට චෝදනා කරන්නේ නැහැ. මම බොහොම පරිස්සමින් තමයි උත්තර දෙන්නේ. ඉතිහාසය ගැන කතාකරන්න මම සූදානම් නැහැ. ලේකම්වරු නිලධාරීන් ඇමතිවරුන්ද ඕනෑ ඕනෑ විදියට වැඩකරන්න ගියාම ප‍්‍රශ්න ඇතිවෙනවා. මුදල් ගැන ප‍්‍රශ්නයක් නැහැ.
අතුල විජේසිංහ හිටපු මහ ඇමතිවරයාට යම් සිත් රිදවීමක් සිදුවුණානන් මම ඒ පිළිබදව සමාව අයදිනවා. ඒ වුණත් මම එදා කළ ප‍්‍රකාශය සත්‍ය යැයි කියන ස්ථාවරයේ අදත් සිටින බව කිව යුතුයි’

0 comments:
Post a Comment