facebook like

පිල්ලේ වෙනුවට කුමාරයෙක්: ජනාධිපතිවරණය කොට උඩ?

--- උපුල් ජෝෂප් ප්‍රනාන්දු
හදිසි ජනාධිපතිවරණයක් පවත්වනවාද යන්න ගැන ආණ්ඩුව තවම ඉන්නේ දෙලොවක් අතරය. කලින් ජනාධිපතිවරණය ජනවාරියේ පවත්වන්න යන බව ආරංචි වුණත් ජනවාරි මාසයේ පාප් වහන්සේ ලංකාවට ඒමට දින දී ඇත. මහින්දගේ ආණ්ඩුව පාප් වහන්සේව ලංකාවට ගෙන්වා ගන්නේ බොහෝ දුෂ්කර ක්‍රියා කරලාය. ජනාධිපතිවරයා සිය බිරිය සමඟ වතිකානුවට ගොස් පාප් වහන්සේට ලංකාවට එන ලෙස ආරාධනා කළ අතර ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ වෙනම වතිකානුවට ගොස් ලංකාවට එන ලෙස ආරාධනය කළේය. පාප් වහන්සේ පසුගිය වසරේ ලංකාවට එන බවට වාර්තා පළ වුණත් එය අතරමඟ ඇනහිටිණි. දැන් ජනවාරියේ පාප් වහන්සේ පැමිණීම ස්ථිරය. පාප් වහන්සේ ඡන්දයක් මැද රටවල්වල සංචාරය කරන්නේ නැත. එම නිසා ජනවාරියේ ජනාධිපතිවරණය නැති බව ස්ථිරය.


පාප් වහන්සේ ජනවාරියේ එනවා නම් උන්වහන්සේ සිය සංචාරය නිම කළ පසු ආණ්ඩුවට ජනාධිපතිවරණය කැඳවන්න සිදු වේ. ඒ කියන්නේ ජනාධිපතිවරණය පවත්වන දිනය මාර්තු හෝ අප්‍රේල් වේ. මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ලංකාව ගැන විමර්ශනය කරන්න පත් කළ කමිටු වාර්තාව භාර දීමට නියමිතය. මාර්තු මස වාර්තාව නිකුත් වී යුරෝපා රටවල් ලංකාවට එරෙහිව තනි තනිව ආර්ථික සම්බාධක පනවන්න තීරණය කළොත් එය ඡන්දයේදී මහින්දට අවාසිදායක ලෙස බලපාන බවට සැක නැත. මහින්ද ආරක්‍ෂා කරන්න ගිහින් ආර්ථික සම්බාධකවලින් පීඩා විඳින්න මෙරට ජනතාව කැමැති නැත. ආණ්ඩුව මෙය දනී. එම නිසා මේ වසර තුළම ජනාධිපතිවරණය පවත්වා ගැනීම ආණ්ඩුවේ එකම ගැලවීමය. මේ වසරේ ජනාධිපතිවරණය පවත්වන්න නම් අග්‍රවිනිශ්චයකාරවරයාගේ අනුමැතිය අවශ්‍ය වේ. ජනාධිපතිවරණය මේ වසරේ පවත්වන්න පුළුවන්ද කියා අගවිනිසුරු මතය විමසන්න ෆයිල් එක අලුත්කඩේට යැව්වේ පහුගිය වසරේ මුල භාගයේය. ඒ බව මාධ්‍යවලද පළ විය. ඒත් අගවිනිසුරුගේ මතය තවම කවුරුවත් දන්නේ නැත.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විමර්ශනයෙන් බේරෙන්න ආණ්ඩුව මේ වසරේ ජනාධිපතිවරණය පවත්වන්න තීරණය කළොත් විමර්ශන වාර්තාව භාරදීමට නියමිත ලබන වසරේ මාර්තු මස වුවත් වාර්තාවේ කොටස් ප්‍රසිද්ධකොට යුරෝපා රටවල් ලවා ආර්ථික සම්බාධක පනවන්න ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ක්‍රියා කරනු ඇතැයි බියක් ආණ්ඩුවට තිබේ.


මෙම විමර්ශනයට අවශ්‍ය මුදල් හොයා දී විමර්ශන කමිටුව නම්කොට පිල්ලේ සිය ධුරයෙන් ඉවත්ව යෑමට නියමිතය. පිල්ලේ වෙනුවට එන්නේ ජෝර්දානයේ රජ කුමරෙකි. ඔහු ෂෙයිඩ් අල් හුසේන් කුමරාය.


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මේ වසරේ මුල ජෝර්දානයට ගියේ නිකම්ම නිකම් රාජ්‍ය සංචාරයකට නොවේ. මේ වසරේ මාර්තු මාසයේ එ.ජා. මානව හිමිකම් කොමිසමට ආ ලංකාවට එරෙහි යෝජනාවේදී ලංකාවට පක්‍ෂව ඡන්දය පාවිච්චි කරන්න යැයි ඉල්ලීමක් කරන්න ඔහු එහි ගියා නොවේ. මන්ද 2014දී එ.ජා. මානව හිමිකම් කොමිසමේ සාමාජික රටවල් අතර ජෝර්දානය නැත. එසේ නම් ඔහු තකහනියක් ජෝර්දානයට ගියේ ඇයිද යන්න ගැන හෝඩුවාවක් දැන් ලැබී තිබේ. එනම් නවි පිල්ලේගේ කාලය නිම වීමෙන් පසු එ.ජා. මානව හිමිකම් කොමිසමේ මහ පුටුවට පත්වීමට නියමිතව ඇත්තේ ඇමෙරිකාවේ ජෝර්දාන තානාපති ලෙස කටයුතු කරන ෂෙයිඩ් කුමරා බව හෙළිදරව් වීමෙන්ය. පිල්ලේට පසු ඇගේ තනතුරට පත් වන්නේ ෂෙයිඩ් බව මහින්ද දැන සිටින්නට ඇත. ඔහු ෂෙයිඩ් එම තනතුරට පත්වීමටත් පෙර ජෝර්දානයට ගොස් ජනාධිපති හමුවූයේ ඔහුගේ මැදමුලන න්‍යාය පාවිච්චි කොට ජෝර්දානය හරහා ෂෙයිඩ් සමඟ සමීප සම්බන්ධයක් ගොඩනඟාගන්න විය හැකිය.


ජෝර්දානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සාමාජික රටක් ලෙස ලංකාවට එරෙහි ඇමෙරිකානු යෝජනාවට මුහුණදුන්නේ 2012දීය. ඒ වේලාවේ ජෝර්දානය යෝජනාවට පක්‍ෂව හෝ විපක්‍ෂව ඡන්දය පාවිච්චි නොකොට නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය. ජෝර්දානය ලංකාවට පක්‍ෂව ඡන්දය පාවිච්චි කරයි කියා ලංකා ආණ්ඩුව හිතුවත් එසේ නොවීය. ඒ වේලාවේ ජෝර්දානය ගත් තීරණයට
ෂෙයිඩ් ද දායක විය.


මැදපෙරදිග රටකින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් පත්වීම ලංකාව වැනි ආසියානු රටවලට වාසි යැයි හිතුවත් එය එසේ නොවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක හමුදා මෙහෙයුම් සම්බන්ධ ජේ‍යෂ්ඨ උපදේශක කණ්ඩායමේ සාමාජිකයකු ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකා නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කළ විට එකල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජෝර්දාන නියෝජිත ලෙස ෂෙයිඩ් සිය විරෝධය පළ කළේය.
නවිපිල්ලේ මහ කොමසාරිස් ධුරයෙන් ඉවත්ව යන්නේ ලංකාව සම්බන්ධ විමර්ශනයට අවශ්‍ය මුදල් ලබාගෙනය. ඇයට ධුරයෙන් ඉවත් වීමට පෙර මෙම මුදල් ලබාගත නොහැකි වනු ඇතැයි ලංකා ආණ්ඩුව සිතුවේය. ඒත් ඇය කෙසේ හෝ එයට මුදල් ලබා ගත්තාය. මුදල් තිබුණත් ලංකා ආණ්ඩුවේ සහයෝගය නැතිව මෙම විමර්ශනය කිරීම දුෂ්කර බව ෂෙයිඩ් දනී. ඔහු දුෂ්කර වැඩ කිරීමට දක්‍ෂයකු බව ලොවම දනී.


ෂෙයිඩ් මහ කොමසාරිස් ධුරයට පත් වුණොත් මැදමුලන න්‍යායෙන් ඔහු නම්ම ගැනීම දුෂ්කරය. අනෙක නවිපිල්ලේට එරෙහිව ලංකා ආණ්ඩුව එල්ල කළ චෝදනාව ඇය දමිළ කොටින්ට පක්‍ෂපාතීය කියන චෝදනාවය. ඇය දකුණු අප්‍රිකානු වුවත් දමිළ සම්භවයකින් පැවැත ඒම එයට හේතුවක් ලෙස පෙන්නා දුන්නේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ලංකාව නියෝජනය කරමින් දේශන පැවැත්වූ මහින්ද සමරසිංහ මෙන්ම ජී.එල්. පීරිස්ද ඇය පක්‍ෂග්‍රාහී බවත් ඇගෙන් සාධාරණ විනිශ්චයක් බලාපොරොත්තු විය නොහැකි බවත් කීය. ලංකා ආණ්ඩුවට ෂෙයිඩ්ට ඒ චෝදනාව එල්ල කරන්න බැරිය. ලංකා ආණ්ඩුව හැම විටම පෙන්වන්නේ මැදපෙරදිග තමන්ට මිත්‍ර රටවල් කියාය.


මෙහිදී පිල්ලේගේ පරීක්‍ෂණයට වඩා ෂෙයිඩ්ගේ පරීක්‍ෂණය ලංකාව තුළ ජනතාවට මේ ප්‍රශ්නය ගැන මධ්‍යස්ථව හිතන්න බල කරනු ඇත. පිල්ලේ දමිළ කොටි ඒජන්තවරියක ලෙස හංවඩු ගසන්න ලංකාවේ ආණ්ඩුව රට තුළ විශාල ප්‍රචාරයක් දියත් කළේය. ඇය ලංකාවට පැමිණි විට ඇය ඩී.එස්. සේනානායක පිළිරුවට බෞද්ධ කොඩියට නිගරු කළ බව පෙන්වන්න ලංකා ආණ්ඩුව උත්සාහ ගත්තේ ඇයගේ පරීක්‍ෂණයට එරෙහිව මෙරට ජනතාවගේ අනුකම්පාව දිනා ගන්නටය. පිල්ලෙට කොටි හංවඩුව ගැසීම පහසුය. ඒත් ෂෙයිඩ්ට කොටි හංවඩුව ගැසීම ලේසි නැත. ඔහු පත්වුණොත් ඔහුගේ විනිශ්චය මහින්දගේ ආණ්ඩුව ජාත්‍යන්තරය තුළ පමණක් නොව රට තුළද අපහසුතාවට ලක්කිරීමට සමත් වනු ඇත.
මහින්ද මෙය දනී. හදිසි ජනාධිපතිවරණය, මහින්දට ගෙදර ගියොත් අඹු නසී මඟ හිටියොත් තෝ නසී තත්ත්වයට පත් වී ඇත්තේ එහෙයිනි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive