facebook like

15 හැවිරිදි දැරියක් කෙළෙසූ බැංකු කළමනාකාර සහ රංචුව

පහලොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධියේ 57 හැවිරිදි සහකාර බැංකු කළමනාකාරවරයෙකු අමාත්‍යවරයෙකුගේ හිටපු රියදුරෙකු ඇතුළු සැකකරුවන් 06 දෙනා හට ඇප ලබා දීම තරයේ ප්‍රතික්ෂේප කරමින් ඔවුන් තවදුරටත් ලබන මස 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගතකරන ලෙස අනුරාධපුර අතිරේඛ මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු පී.ඩබ්ලිව් නදීශා ඩි පියරත්න මහත්මිය බදාදා(17) නියෝග කළා ය.
මැදවච්චිය පොලිස් වසමේ ගෙවල් 20 ප්‍රදේශයේ පදිංචි බාලවයස්කාර 15 හැවිරිදි දැරියක් විටින් විට වසරක පමණක කාලයක සිට දුෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනුනු අතර ඔවුන් නැවතත් 17 වන දා දිනයේ මැදවච්චිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අවස්තාවේ මෙම නියෝගය නිකුත් කෙරුණි.
පසුගිය 03 වන දා සැකකරුවන් මැදවච්චිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබුනි. සැකකරුවන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරුන් අධිකරණයෙන් අයැද සිටියත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු අවසන් නොමැති නිසා ඔවුන්ට ඇප ලබා දීමට විරෝධය දක්වන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරන මැදවච්චිය පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
මෙම නඩුවේ සැකකරුවන් හය දෙනාම අනුරාධපුර ශික්ෂණ රෝහලේ සමාජ රෝග සායනය වෙත ඉදිරිපත් කර ඔවුන්ට සමාජ රෝග වැළදී ඇත්ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරි දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස අනුරාධපුර බන්ධනාගාර අධිකාරියට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය අදාල සිද්දියට සමබන්ධ දැරිය ද වෛද්‍ය පරික්ෂණයකට ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.
එමෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ පූණෑව ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක කළමනාකරුවෙකු ඇතුළු සැකකරුවන් 07 දෙනෙකුට ආසන්න පිරිසක් පොලිසිය මගහරිමින් සිටින බවත් , පූණැව ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයට චංචාරක මණ්ඩලයේ වලංගු අනුමැතිය ලබාගෙන නොමැති බවද පොලිසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දන්වා සිටියේ ය.
සිද්ධියට සම්බන්ධව පොලිසිය මගහරිමින් සැගව සිටින සියළු දෙනාම වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළ අතර අගතියට පත් වූ දැරිය තවදුරටත් පරිවාස භාරයේ තබන ලෙසත් පරිවාස වාර්තාවක් අදිකරනයට ඉදිරිපත්කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive